ඩුබායි හි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් එරට පොලිසිය වෙත කරුණු දැක්වීමට පියවර ගත් බව නීතීඥ උඳුල් ප්‍රේමරත්න මහතා පවසයි. අත්අඩංගුවට ගත් පිරිස රඳවා සිටින බර් ඩුබායි පොලිසිය වෙත අද (12) පෙරවරුවේ ගොස් මෙම කරුණු දැක්වීම සිදුකළ බව උඳුල් ප්‍රේමරත්න මහතා පැවසුවේය.
නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පල වාර්තාවට අනුව ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට එහිදී පොලිසිය තහවුරු කර තිබේ.
අත්අඩංගුවේ පසුවන සෙසු අයගේ රුධිර සාම්පල වාර්තා මෙතෙක් ලැබී නොමැති බවට එම නිලධාරීන් ප්‍රකාශ කළ බවද නීතීඥ උඳුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.