එක්සත් ජාතික පක්ෂය රට බෙදීම සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලකට අස්සන්කර නොමැති බවත්, රට බෙදීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දී සර්ව පාක්ෂික කමිටුවට ඉදිරිපත් කළ යෝජනාව ගැන අද කතා කරන විට එම යෝජනාව ඉදිරිපත් කළ අයම ආණ්ඩුව රට බෙදනවා යැයි කෑ ගසන බවත් අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ගෙනවිත් නොමැති බව කී අගමැතිවරයා එම වාර්තාව මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ හොඳ යැයි කී අය අද ආණ්ඩුව ඒ ගැන කටයුතු කරන විට ජාති ද්‍රෝහින් යැයි ආණ්ඩුවට චෝදනා කරන බවත් කිය. එසේ නම් රට බෙදීමට හැදුවේ මහින්ද රාජපක්ෂ ද අපිද යැයි අගමැතිවරයා ප්‍රශ්න කර සිටියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් මුල්‍ය ආයතනවලින් ලබා ගත් ණය නිදහස් කිරීමේ නිල සහතික පත්‍ර ප්‍රදාන රාජ්‍ය උතස්වයට ඊයේ (14) සහභාගීවෙමිනි. යාපනය වීරසිංහම් ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.
රජය විසින් සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම හා දැනට සිදුවෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(14) දින යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක සංචාරයේ නිරත විය.
යුද්ධයෙන් පසු යළි ගොඩනැගෙන උතුරේ සංවර්ධන වයාපෘති පිළිබඳ අධ්‍යයනය කරමින් එහි අඩු-පාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාව පුරා 14,15 සහ 16 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර තිබිණි. කෝපායි නැගෙනහිර වලිකාමම් නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීම, යාපනය දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේදී නිවාස, නැවත පදිංච්කිරීම් සහ සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචනයට, යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම, පලාලි ගුවන් තොටුපළ නිරීක්ෂණ චාරිකාවකට, මයිලෙඩ්ඩි නැවත පදිංච් කිරීමේ ගම්මානයේ නිවාසවලට මුල්ගල තැබීමට, කන්කසන්තුරේ වරාය නිරීක්ෂණ චාරිකාවකට ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(14) දිනයේ දී සහභාගි විය.
රජයේ මැති ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම නිරීක්ෂණ චාරිකාවන්ට එක්ව සිටින අතර මතුවන ගැටළු හා අඩු-පාඩුකම් පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කරමින් ඒවා නිසි ආකාරව ඉටු කරන ලෙස මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙනු ලැබීය.
එහිදී අගමැතිවරයා මෙසේද කීය.
දේශපාලන විසඳුමක් ඇති කරගන්න අපි බලනවා. ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. අපිට ව්‍යවස්ථා කෙටුම්පතක් නැහැ. ව්‍යාවස්ථා කෙටුම්පත ගැන එකඟවීමක් නැහැ. සමහර අය කියනවා බලය බෙදා හැරීමෙන් අපේ රට බෙදන්න යනවලු. මම එකක් කියන්න කැමැතියි එක්සත් ජාතික පක්ෂය බලය බෙදා හැරීම ගැන කිසිදු ලියවිල්ලක් අත්සන් කරලා නැහැ. දෙමළ සන්ධානය කතා කරන්න මොකක්ද? මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ යෝජනා කළ දෙයක්. ඒ යෝජනාව ලබාදුන්න අය අද කෑ ගහනවා රට බෙදනවා කියා. මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂය කිසිදු යෝජනාවක් ගෙනවිත් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සර්වපාක්ෂික කමිටු යෝජනා තමයි අපි කතා කරන්නේ. සර්ව පාක්ෂික කමිටුවට අපි පක්ෂයක් ලෙස ගියේ නැහැ. එම වාර්තාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ හොඳයි. අපි කරන්න යනවිට ජාති ද්‍රෝහීන් වෙනවා. එහෙමනම් රට බෙදන්න ගිහින් තිබෙන්නේ මහින්ද රාජපක්ෂනේ අපිද? අපිට ප්‍රශ්නයක් නැහැ. සියල්ල පිළිගන්නවා නම් අපි එය පිළිගන්නවා. සමහර මාධ්‍ය රට බෙදනවා කියනවා. ඔය මාධ්‍ය තමයි සර්ව පාක්ෂික වාර්තාව හොඳයි රට එකතු කරන්න කියා කීවේත්. මෙහෙම වැඩකටයුතු කරනවිට දේශපාලන වශයෙන් බංකොළොත් කණ්ඩායම් විවිධ චෝදනා කරනවා. මේ රටට සිදු කළ ආර්ථික ප්‍රශ්නය විසඳීමට අප අතගහල තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදිය ආරක්ෂා කර තිබෙනවා. නිදහස ආරක්ෂා කර තිබෙනවා. තමන්ගේ දේශපාලන බංකොළොත් කණ්ඩායම් තමයි රට බෙදනවා කියා කියන්නේ. රට බෙදනවා නම් කරුණාකරලා ගිහින් මහින්ද රාජපක්ෂ එක්ක කතා කරන්න. අපිට උවමනයි සියළුදෙනා එක්කම එකතු වෙලා මේ රටේ සියළුම ජනතාවට එකට ජීවත් වෙන්න පුළුවන් දේශපාලන විසඳුම් ලබාදෙන්න. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙද්දි 2014ට පෙර දෙමළ ජනතාවගෙන් අපට ලැබුණු සහයෝගය. එහෙනම් උතුරෙ ජනතාවට අනෙක් ජනතාවට වගේ අයිතිවාසිකම් තිබෙන්නට ඕන. ජීවත්වෙන්න අවස්ථා තිබෙන්න ඕන. ඒවා ලබාදෙන්න අප කටයුතු කරනවා. මේවා රට බෙදන එකක් නොවෙයි. ශ්‍රී ලාංකිකයන් හැටියට මේවා අගය කරන්න ඕනෑ. ඩී එස් සේනානායක අගමැතිතුමා කිව්වා ජාතික ගීය දෙමළෙන් ගයන්න ඕන කියලා. අපි ජාතික ගීය දෙමළෙන් ගයන්න අවස්ථාව ලබාදෙන විට ජාතික අපරාධයක් කියා කිව්වා. රට පාවලා දෙනවා කිව්වා. අද හැමකෙනාම එකතු වෙලා සිංහලෙනුයි දෙමළෙනුයි ජාතික ගීය කියනවා. සිංහලෙන් දෙමළෙන් ජාතික ගීය කියන්නේ එකමවකගේ දරුවන් කියලා. මේක හොඳ නැද්ද? මේක වැරැදිද? යුද්දයෙන් විනාශ වුණ උතුරු සංවර්ධනය කරන්න අපිට විශාල වගකීමක් තිබෙනවා. ඇමැතිවරුන් ගණනාවක් එක්ක මම යාපනයට ආව් ඒ නිසයි. මම මෙතනට එන්න ප්‍රමාද වුණෙත් ඒ සංවර්ධන ගැන සාකච්ඡා කළ නිසයි. මෙතනට ඒමට ප්‍රමාදවීම ගැන මම සමාව ඉල්ලනවා. උතුරු ප්‍රශ්න සියල්ල කඩිනමින් විසඳන බව විශේෂයෙන් මේ අවස්ථාවෙදී කියන්න කමැතියි. තව මාස දෙක තුනකින් ඇවිත් මේ සංවර්ධන ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට මම කටයුතු කරනවා.