Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අරුවක්කාරු කසල අංගනය ඉදිකිරීමට විරෝධය දක්වමින් පෙබරවාරි 15 වැනිදා හර්තාල් ව්‍යාපාරයක් හා විරෝධතාවයක් මුස්ලම් කණ්ඩායම් දෙකක් විසින් සංවිධානය කර තිබුණි. මේ සඳහා සිංහල ජනතාවගේ සහයෝගය ගැනීම සඳහා මුස්ලිම් ජාතිකයෙකු සිවුරු හැඳගෙන ස්වාමින් වහන්සේ නමක් සේ මාධ්‍යට අදහස් දක්වා ඇත. මීට අමතරව නගරයේ කඩ වැසීම සඳහා නියෝග කරමින් පුත්තලම, කල්පිටිය පාර දළුව, ශ්‍රී සුමනාරාම විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ලිපි ශීර්ෂයකින් යුතු ව්‍යාජ ලිපියක්ද සකස්කොට මෙම මුස්ලිම් කණ්ඩායම් විසින් නගරයේ බැංකු හා කඩසාප්පු වසා දමන ලෙස නියෝග කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී සුමනාරාම විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ අප සමඟ අරුවක්කාරු කසල අංගනය හා ඒ පිළිබඳ ඇති ව්‍යාජ ප්‍රචාරයන් ගැන හෙළිදරව් කර සිටියහ. එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ,

“දැනට මාස ගණනාවක ඉඳලා, පුත්තලමට කොළඹ කුණු ගෙනත් දැමීම පිළිබඳව විශාල ආන්දෝලනාත්මක සිදුවීම් ජාලාවක් පසුගිය කාලයේදී ඇති වුණා. ඒ වෙලාවේ අපි විශේෂයෙන්ම, මේ වෙලාවේ, පුත්තලමට කොළඹ කුණු ගෙනත් දැමීමේදී, විශාල මහජන පීඩාවක්, විශාල පරිසර හානියක් වෙනවයි කියල අපි මූලිකව දැනුවත් වෙලා හිටිය.


එහිදී අපි පුත්තලම දිස්ත්‍රික් සර්වාගමික කමිටුවෙත්, අන්තර් ආගමික කමිටුවේත් සභාපති හැටියට, අපි අනිත් ආගමික නායකයනුත් එක්ක මෙයට විරුද්ධ වුණා. ඒ තුලින් මිනිසුන්ට වන හානිය, පරිසරයට වෙන හානිය අනුව. පසුව අපි මේ පිළිබඳව පවත්වපු සියලු වැඩසටහන් රජයට, ඒ වගේම මේ කරන ව්‍යාපෘතියට අපි විරෝධය පෑවා. එහිදී විශේෂයෙන්ම අපි සිමෙන්ති සංස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුවා. එයට පුත්තලම අතිරේක දිසාපති තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්ද සමඟ සහභාගී වුණා.

එහිදී අපි දැනුවත් වුණා මේ තුලින් කිසිදු හානියක් පරිසරයට හෝ මහජනතාවට් සිදු නොවන බව. මොකද අවුරුදු ගණනාවක වගකීමක් ඇතිව මේ කාර්යය සිදුවන බව. ඒ දැනුවත් වීම නිසා, අපි එතැන් සිට සහසම්බන්ධ වුණේ නෑ, මේ ව්‍යාපෘතියට විරුද්ධව. ඒ අතරේ අපි සර්වාගමික කමිටුව රැස්වීම් කිහිපයක් පැවැත්වුවා, පෙරේදා දිනයේ. ඒ කියන්නේ 14 වැනිදා මට පුත්තලමේ පෞද්ගලික ආයතන කිහිපයකින්, ඒ වගේම බැංකු කිහිපයකින්, මට කතා කළා, කතා කරලා කිව්වා, ඔබ වහන්සේගේ අත්සනින්, ඔබ වහන්සේගේ ලිපි ශීර්ෂයෙන් ලියුමක් නිකුත් කරලා තියෙනවා. මේ සිකුරාදාට කඩවල් වහන්න කියල.

ඇත්තටම මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ, ඉන්පසුව මට ඇමතුම් කිහිපයක්ම ආව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ඒ වගේම තවත් බැංකු ඇතුළු පෞද්ගලික ආයතන කිහිපයකින් මට කතා කරලා ඇහුව මෙහෙම කඩවල් වහන්න කියල තියෙනවද හාමුදුරුවනේ කියල. එතකොට මම කිව්වා, එහෙම කඩවල් වහන්න අපිට නියෝග දෙන්න බෑ, මම ඒ පිළිබඳව දන්නෙත් නෑ කියල. පසුව මම සර්වාගමික කමිටුවේ සාමාජිකයන්ගෙන් ඒ පිළිබඳව විමසීමේදී, ඒ අය කිව්වා, සමිතිය එහෙම තීරණයක් අරගෙන තියෙනවා, මෙහෙම කඩවල් වහල දාන්න කියල.

මම ඇහුව ඉතිං මගේ ලිපි ශීර්ෂය (ලෙට්ටෙර්හේඩ්) පාවිච්චි කළේ ඇයි, මගේ දුරකතන අංකය දැම්මේ ඇයි මේකට, මට කතාකරනවා ඉවරයක් නෑ කියල. ඉන්පසුව පැවතුන මේ විරෝධතාවට හෝ හර්තාල් ව්‍යාපාරයට මම සම්බන්ධ වුණේ නෑ. මම මාධ්‍ය තුලින් දැක්කා, දෙරණ, හිරු වගේ ආයතන වල ප්‍රවෘත්ති වලදී, චීවරධාරියෙක්. ඇත්තවශයෙන්ම ඔහු භික්ෂූන් වහන්සේ නමක් නෙවෙයි අපි දන්නා විදිහට. මාධ්‍ය කතා කරන එම භික්ෂුව ඔය තහනම් දෑ පිළිබඳව, වෙනත් ආගමිකයින් එක්ක, වෙනත් ජාතිකයින් එක්ක, රටේ විවිධ ස්ථාන වල පවත්වපු හර්තාල් වලට සම්බන්ධවෙලා, ඒ වගේම අධිකරණයේ මහජන දේපළ විනාශ කිරීම පිලිබඳව විවිධ නඩු කිහිපයක්ම තිබෙන චීවරය පොරවාගත් කෙනෙක්.

අපි ඔහු භික්ෂුවක් කියල දන්නේ නෑ, මොකද ඔහු භික්ෂුවක් බවට සහතික කරගන්න තරම් ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේකම් හැටියට මට ප්‍රමාණවත් කිසිම සාක්‍ෂියක් නෑ. ඒ තැනැත්තා තමයි මාධ්‍ය තුළ මුස්ලිම් ජනයා සමඟ භික්ෂුවක් ලෙස කතා කළේ. ටීවී වල හා දැනට සමාජ ජාල වල එහෙම ප්‍රචාරය වෙන්නේ. එතැනදී ඔහු කියා හිටියේ මේ ආණ්ඩුවට, අගමැති තුමාට, පාඨලී චම්පික ඇමති තුමාට, භික්ෂුවකට නොගැලපෙන විදිහට තමයි කතා කරේ. ආගමික නායකයෙකුට නොගැලපෙන විදිහට තමයි මොහු බොහොම පහත් විදිහට කතා කළා.

මේ පිළිබඳව අපි සමාජ ජාලවලින් දැනුවත් වුණහැම මොකද්ද මේ කියල බලනකොට යම්කිසි කණ්ඩායමක අවශ්‍යතාවය ඉෂ්ට කිරීමක් තමයි මොහු කරන්නේ. අපි විශේෂයෙන්ම මේ කසල ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වුණා. මේකෙන් පරිසර හානියක් හෝ මහජනයට පීඩාවක් නොවන අපිට තහවුරු වුණා. ඉන්පසුව අපි සර්වාගමික කමිටුවේ කටයුතු කරනකොට අපිට තේරුණා, මේ තුළ ඇත්තටම තියෙන්නේ, මුස්ලිම් ජාතිකයින් අතර ජාතික දේශපාලනය කරන, ප්‍රධාන දේශපාලඥයින් දෙදෙනේකුගේ අදහස් අනුව ක්‍රියා කරන කණ්ඩායම් දෙකක් තමයි මේ තුළ සිටින්නේ.

ඔබ විමසලා බලන්න, පුත්තලම් නගරය ගත්තහම මේ නගරයේ බහුතරයක් ජීවත් වෙන්නේ මුස්ලිම් ජාතිකයින්. එතකොට ඒ අය කණ්ඩායම් දෙකක් ලෙස එකතු වෙලා, ඒ අයගේ මතයක් වෙනුවෙන් ක්‍රියා කරන බව, භික්ෂූන් හැටියට අපිට අවබෝධ වුණා. ඊට පසුව මමත්, ජාතික ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ක්‍රියා කරන තවත් භික්ෂූන් වහන්සේ නමකුත් එකතුවෙලා, අපි සර්වාගමික කමිටුටව දැනුවත් කළා මේ කසල ව්‍යාපෘතියට අපි මැදිහත් වෙන්නේ නෑ. වෙනත් ආගමික නායකයන්ට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්, නමුත් භික්ෂූන් වහන්සේලා හැටියට, මේ කාර්යයෙන් අපි අයින් වුණා මේක ප්‍රෝඩාවක් නිසා. ඒ වගේම අපිට තේරුනා මුස්ලිම් කණ්ඩායම් දෙකක් එකතුවෙලා මෙතන මතවාදයක් යනවා සහ මේ මාධ්‍ය තුළ කතා කළේ, ඊයේ ප්‍රවෘත්ති වලදී භික්ෂූන් වහන්සේ ලෙස වෙස්වලාගත් පුද්ගලයෙක්. අපි මේ වනවිට මේ කසල ව්‍යාපෘතියෙන් අපි දන්නා තරමින් මහජන හානියක් හෝ පරිසර හානියක් සිදුවන්නේ නෑ. ඒ පිළිබඳව අපි දැනුවත්.

නමුත් විල්පත්තුවේ රිෂාඩ් බදුයිදීන් හෙක්ටයාර 2000ක් විනාශ කරනකොට ඒ මුස්ලිම් ආගමික කණ්ඩායම් විරුද්ධ වුණේ නෑ. ඒක මහා වන විනාශයක්. දැන් ඔවුන් කිසිම පරිසර හානියක් හෝ මහජන පීඩාවක් නොවන දෙකට එරෙහිව ක්‍රියා කරනවා. මම වැඩිදුරටත් කියා සිටින්නේ මම පුත්තලම් දිස්ත්‍රික් සර්වාගමික කමිටුවේ සභාපති හැටියට මේ කාර්යයේදී අපි භික්ෂූන් වහන්සේලා හෝ සිංහල ජනතාව මේ තුළ නියෝජනය වෙන්නේ නෑ. මේක කරන්නේ ජාතික මට්ටමේ ඉන්න දේශපාලකයන් දෙදෙනෙක්ගේ මුස්ලිම් කණ්ඩායම් දෙකක් එකතුවෙලා එම දේශපාලකයන්ගේ වුවමනා වෙනුවන් ක්‍රියා කිරීමක් තමයි මෙතන තියෙන්නේ. මේ කසල ව්‍යාපෘතිය තුළින් පරිසර හානියක් හෝ මහජන පීඩාවක් වෙන්නේ නෑ කියන එක තමයි භික්ෂූන් වශයෙන් අපේ අදහස.”


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook