Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් පිරීම සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින්, කතරගම, කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ආමිස සහ ප්‍රතිපත්ති පූජා රාශියක් පැවැත්විනි. 

ඊයේ (19) උදෑසන කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියස මහා කිරිපිඩු පූජාවකට සහභාගී වූ අමාත්‍ය කරුණානායක මහතා, අනතුරුව අෂ්ටපල බෝධීන් වහන්සේට අටපිරිකර පූජා කිරීමේ පුණ්‍ය කර්මයට සහභාගි විය, කදිර සුරිදුන් වෙනුවෙන් කතරගම මහ දේවාලයේ පළතුරු පූජාවට සහභාගි වෙමින් කදසුරිදුන්ගේ ආශිර්වාදය ලබාගත් අමාත්‍යවරයා, කතරගම, කිරිවෙහෙර විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මන්ද හිමිපාණන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාදයද ලබාගත්තේය. මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාද සහභාගි විය.

කිරිවෙහෙර පුදබිම අවට ප්‍රදේශයේ ක්‍රමවත් විදුලි ආලෝක පද්ධතියක් නොමැති හේතුවෙන් සොරමැරකම් ආදි ක්‍රියාවන් සිදුවන බැවින් ඒ පිළිබදව සොයාබලා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරදෙන ලෙස මෙහිදී නායක හිමිපාණන් වහන්සේ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර, පුදබිමේ ආලෝකය පිණිස මේ වනවිට අඩුපාඩුව පවතින විදුලි අවශ්‍යතා සොයාබලා හැකි ඉක්මණින් ඒවා සපයා දීමට අමාත්‍යවරයා පොරොන්දු විය.

ඊට සමගාමීව දිවයිනේ නන් දෙසින් මෙම පූජාභූමියට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සහ ආරක්ෂාව පිණිස, කතරගම නගරයේ පවතින විදුලිය අඩුපාඩු මසක් ඇතුළත සපුරාලීමට පියවර ගන්නා බවද මෙහිදී අමාත්‍යවරයා විසින් පැවසීය.

සවස්වරුවේ කිරිවෙහෙර වහන්සේ වෙනුවෙන් කප්රුක පූජාව, මහසෙන් දේවාලයේ නානුමුර පූජාව, කිරිවෙහෙර වහන්සේ අභියස පහන් 1500 ක පහන් පූජාව සහ විදුලි බුබුළු 50,000ක් එක්වර දල්වමින් කිරිවෙහෙර වහන්සේ අභියස විදුලි ආලෝක ජූජාව ආදි විශේෂ පුදපූජා රාශියකටද අමාත්‍යවරයා සහභාගී වීය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook