Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරු හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ඊයේ(14) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමිනි.

පරිසර සමුළුවට ගිය ජනාධිපතිවරයා පළමුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පරිසර සංරක්ෂණයේ වැදගත්කම අද විෂයක් ලෙස හඳුනාගත්ත ද එය තවමත් නිසි ලෙස ප්‍රායෝගික අන්දමින් ජනතාව අතර ක්‍රියාත්මක නොවන බවයි.

පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය කිසිසේත්ම කිසිවකුට පැහැර හැරිය නොහැකි වගකීමක් බවට අද පත්ව ඇති බව සඳහන් කළ හෙතෙම දේශගුණික විපර්යාස හේතුවෙන් උත්සන්න වන කාලගුණික විපත් මගින් වැඩිම අවදානමට ලක්ව ඇති රටවල් අතර මේ වනවිට ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බව නවතම ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බවයි.

දැවැන්ත පරිසර විනාශයත් සමඟ මතුව ඇති මෙම අයහපත් තත්ත්වය පිළිබඳ සියලු බුද්ධිමත් ජනතාව ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිවරයා මිනිසා ප්‍රමුඛ සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳ පැහැදිළි සාධකය වන පරිසරය රැක ගැනීම වෙනුවෙන් රජය ගෙන යන දැවැන්ත පරිසර

සංරක්ෂණ වැඩපිළිවෙළ සමඟ නොපමාව සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බවද කීය. අද රක්ෂිත වනාන්තරවලට ඇති වී තිබෙන බරපතළ තර්ජනය මෙරට පරිසර විනාශයට ප්‍රබල හේතුවක් වී ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ගස් කැපීමට භාවිතා කරන විදුලි කියත් බලපත්‍රයකට යටත් කිරීමට රජයක් ලෙස පළමුවරට තමා පසුගිය දා තීරණය කළේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගත් වැදගත් තීන්දුවක් ලෙස බව ද කීවේය.

මෙම මාර්තු 1දාට පෙර සෑම පුද්ගලයකු සතුව තිබෙන විදුලි කියත් පිළිබඳ පොලීසිය දැනුවත් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය බව සඳහන් කළ ඒ මහතා පොලීසිය මෙන්ම ග්‍රාමීයව කටයුතු කරන සියලු ක්ෂේත්‍ර නිලධාරීන් මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය. රුවන්වැලි මහා සෑය විහාරාධිපති පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පළාතේ මහා ඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන්, අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක

යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook