පරාජයේ ඉඩෝරයට මල් වැස්සක් අරන්දුන්නේ කුසල් ජනිත් පෙරේරාය. ලෝකයේ ටෙස්ට් ඉනිමකදී හතරවැනි ඉනිමේදී ක‍්‍රීඩකයකු ලද අග‍්‍රගණ්‍ය ශතකය ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණයේ වසන්ත මාවතට අවතීර්ණ කළේ ඔහුම බව නොරහසකි. නමුත් අප මේ කතා කරන්නේ ඔහු සමග නොවේ. පසුගියදා ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර වූ පළමු ටෙස්ට් තරගයේදී ඈත දුරක තිබූ ජයග‍්‍රහණයේ මාවත පරාජයක් නොකොට විශිෂ්ට ජයක් බවට පරිවර්තනය කිරීමට උර දුන් අනෙක් සගයා ගැන මේ විශ්ව ප‍්‍රනාන්දුය. ඔහුගේ ප‍්‍රධාන වගකීම වන්නේ වේග පන්දු යවන්නා ලෙස කටයුතු කිරීමය. ඒ රාජකාරිය විශිෂ්ට ලෙස ඉටුකළ විශ්ව දකුණු අප‍්‍රිකානුවන්ගේ කඩුලූ 8ක් ඩැහැගෙන සිිටියේය. කණ්ඩායමේ ඔහු නම්දැරූ පිතිකරුවකු නොවේ. ඒ හැරත් ඔහු පන්දුවට පහර දෙන්නේ අවසන් පිතිකරුවා ලෙසය. අවසන් පිතිකරුවා ලෙස පිටියට එන විට ලකුණු 78ක් ජයග‍්‍රහණය සඳහා අවශ්‍යව තිබිණි.
‘‘කුසල් අයියේ මම මේ පැත්තෙ ඉඳගෙන ඇෙඟන් හරි ගහලා විකට් එක බේරා ගන්නම්. ඔයා කොහොමහරි ගහන්න. අපි ලකුණු 10න් 10ට ඉදිරියට යමු’’
පිටිය මැදට ආ විශ්ව කුසල් හට එසේ කීවේය. ඒ වන විටත් බිහිවුණු දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නන් හට සාර්ථකව මුහුණ දෙමින් සිටි කුසල් හට විශ්ව කී දේ නිසා තවත් ශක්තියක් ඇතිවිණි. අන්තිමට විශ්ව කී පරිදිම සියල්ල සිදුවී ශ්‍රී ලංකාව ජයග‍්‍රහණය කළේය.
විශ්ව අපි අතීතයට යමු. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආ ගමන ගැන කෙටියෙන් කියමු?
මගෙ ගම මොරටුව කොරළවැල්ල. මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ගියේ. මුලින්ම මට 15න් පහළ සහ 17 න් පහළ කණ්ඩායම්වල අවස්ථා ලැබුණෙ නැහැ. මේ අතරවාරයේදී ඕල් කේම්බි‍්‍රයන්ස් කණ්ඩායමටත් ක‍්‍රීඩා කළා. සාමාන්‍ය පෙළ කරන කාලයේදී මට ඉසිපතනයට එන්න කියලා ආරාධනාවක් ලැබුණත් පාසලෙන් යන්න දුන්නෙ නැහැ. ඒ එක්කම නීල් රාජපක්‍ෂ සර් අපේ පාසලට ආවා. අද ජීවතුන් අතර නැති බොනී පියතුමා සහ නීල් සර් තමයි පළමු පෙළ කණ්ඩායමට මට අවස්ථාව ලබා දුන්නෙ. එහිදී මුල් වසරේදී විකට් 30ක් සහ ඊළඟ වසරේ විකට් 65ක් ලබා ගත්තා. අපි හොඳම පාසල් කණ්ඩායම වුණා. මේ දක්ෂතා නිසා චාමර සිල්වා අයියා සහ ප‍්‍රසන්න ජයවර්ධන අයියා බ්ලූම්ෆීල්ඞ් එකට එන්න කියලා මට අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා පළමු පෙළ තරගවලදී කඩුළු 25ක් විතර ලබා ගත්තා. ඒ දක්‍ෂතා දැකලා මාව ශ්‍රී ලංකා වේගපන්දු ඇකඩමියට තේරුණා. එහිදී චම්පක රාමනායක, අනුෂ සමරනායක, චමින්ද වාස්, දර්ශන ගමගේ සහ රුවන් ගමගේ සර්ලාගෙන් ලැබුණෙ ලොකු සහයෝගයක්. බ්ලූම්ෆීල්ඞ් එකෙන් පසුව මම සීසීසී කණ්ඩායමට ආවා. ශ්‍රී ලංකාව නියෝජනය කළේ ප‍්‍රථම වරට 2013 දීයි. ඩුබායි තිබුණ ටෙස්ට් තරග තුනක් තිබූ ඒ සංචාරයේදී පළපුරුද්ද ලබා දෙන්න මාව අරගෙන ගියේ. ඒ නිසා තරග ලැබුණෙ නැහැ. පසුව (ඒ) ටීම් එකේ ක‍්‍රීඩා කළා. පළවැනි ටෙස්ට් තරගය වුණේ 2016 දී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ගාල්ලේදී කළ තරගයයි. පසුව ඉන්දියාව එක්ක තරගයේදී විරාත් කෝලිව දවා ගත්තා. ඒ තමයි මගේ පළමු විකට්ටුව. ඒ විදියට ආ ගමන තමයි මේ.
මේ විදියට විස්තර කියැවෙන විශ්වගෙ පවුලේ විස්තර කිව්වොත්?
අම්මා ගෘහණියක්. තාත්තා වඩු කාර්මික. මට මල්ලිලාම දෙන්නයි. ලොකු මල්ලි පුද්ගලික අංශයේ රැුකියාවක් කරනවා. චූටි මල්ලි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්. පසුගියදා පැවැති 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළා. එයාගෙ නම නුවනිඳු ප‍්‍රනාන්දු. මම මේ වන විට විවාහකයි. බිරිඳගෙ නම ෂෙදර් නවෝදා ප‍්‍රනාන්දු.
විශ්වට නවෝදයක් ගෙනා නවෝදා හමුවුණේ කොහොමද?
එයත් අපේම ගමේ. මොරටුව කොරළවැල්ල පල්ලියට එනවා. එතැනදී දැකලා තමයි හඳුනා ගත්තෙ. එයා මට කැමති වුණේ ක‍්‍රිකට් නිසා නෙවෙයි. එතකොට මම ජාතික කණ්ඩායමේවත් නැහැ. පසුව එයා මම සේවය කරන කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනයේ සේවය කළා. දැන් විවාහයෙන් පසුව එයා රැුකියාව කරන්නෙ නැහැ.
දැන් අපි මේ ජයග‍්‍රහණයේ තරගය ගැන කතා කරමු. කණ්ඩායමේ අන්තිම පිතිකරුවා ලෙස කොහොමද ඒ ශක්තිය විශ්වට ආවේ?
ඇත්තටම අපට නැතිවෙන්න කියලා අමුතුවෙන් දෙයක් තිබුණෙ නැහැ. ලෝකයේ ඉන්න හොඳම වේග පන්දු යවන්නන්් හිටියෙ. එයාලා අලූත් පන්දුව අරගෙන තිබුණු වෙලාවක් ඒක. කුසල් අයියෙ මම ඇෙඟන් හරි ගහලා මේ පැත්ත රැුක ගන්නම් කියලා මම කුසල් අයියට කිව්වා. අපි ලකුණු 10න් 10ට ඉදිරියට යමු කියලා අපි දෙන්නා කතා වුණා. මොකද අන්තිමට ලකුණු 20කට ආවොත්, ඒක එක ඕවරයෙන් හරි කුසල් අයියට ගහන්න පුළුවනි. එයා ඒ වන විටත් පන්දු ඇෙඟ් වැදිලා හරියට තෙහෙට්ටු වෙලා හිටියෙ. මගෙත් ඇෙඟ් පන්දු වැදුණා. රිදුණත් ඒ වෙලාවෙ ඒක තේරුණේ නැහැ. අපි අපට ඇතිවෙන්න තියෙන දේ අපි ලබා ගත්තා. ඇත්තටම මේ තරගයට යද්දී නායකයාගේ සිට අපට සැලසුමක් තිබුණා. මාත් වෙනස් දේ කරන්න ගියේ නැහැ. මූලිකව කළ යුතු දේ පන්දු යැවීමේදී කළා. රුමේෂ් සර් වගේම අපේ කණ්ඩායමේ හිටපු පළපුරුදු ක‍්‍රීඩක සුරංග අයියා මට සහ කසුන් රාජිතට එයාගෙ දැනුම ලබා දුන්නා. මේ කණ්ඩාමට නවකයින් වැඩි පිරිසක් ඇතුළත්. ඒත් අපට එතැනදි ආධුනිකයා කියලා වෙනසක් නෙවෙයි තිබුණෙ. ඔක්කෝමලා එකම පවුලක අය වගේ ක‍්‍රීඩා කළා.
එදා දිනනවාමයි කියන අවස්ථාව ඔබට දැනුණෙ කොතැනදීද?
ජයග‍්‍රහණයට ලකුණු 20ක් වගේ තිබියදී මෙච්චර දුර ආපු එකේ මේක කොහොමටත් පරාජය වන්නෙ නැහැ කියලා ආත්ම ශක්තිය තිබුණා. අනෙක කුසල් අයියා ලකුණු 20 එක ඕවරයකින් හරි ඉවර කරන ශක්තිය ඇති ක‍්‍රීඩකයෙක්. එයාගේ ඒ ඉනිම ඇත්තටම ශ්‍රේෂ්ට ටෙස්ට් ඉනිමක්. ජයග‍්‍රහණය ලැබූ මොහොතේ මට කතා කරන්න තරම් වචන තිබුණෙ නැහැ. ගොළුවෙලා වගේ කුසල් අයියා දිහා බලා සිටියා. ‘‘තෑන්ක් යූ මල්ලි’’ ඔයාගේ සපෝට් එක නිසා අපි දිනුවේ කිව්වා. ඒත් අපි දිනුවෙ ඔයාගෙ සහයෝගය නිසයි කියලා මම කුසල් අයියට කිව්වා.
විශ්ව ක‍්‍රිකට් හැර වෙන මොනවටද දක්ෂ. පාසලේදී මලල ක‍්‍රීඩා කළා.
‘විශ්ව’ කවුද කියලා ඇහුවොත්?
හරිම සාමාන්‍ය චරිතයක්.
සඳුන් ගමගේ
Vishwa Fernando