Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ජනාධිපතිවරයා පත්කර ඇති රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අයථා ඉපැයීම් පරීක්ෂා කරන ලෙසට වූ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ පැමිණිල්ල මඟින් ඉදිරිපත් කරන කරුණු පිළිබඳව අපක්ෂපාතීව, නිර්භයව, අවංකව තොරතුරු සොයා විමසා මහජනතාව දැනුවත් කරන ලෙසය.

එම පැමිණිල්ල කරුණු 19ක් යටතේ ඉදිරිපත් කර ඇති අතර එහි පිටපත් අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට සියලුම පක්ෂ නායකයන්ට, සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට හා සියලුම තනාපති කාර්යාලවලට යොමු කරන බවද සඳහන් කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජනාධිපතිවරයා ලබාදුන් වත්කම් බැරකම් ප්‍රකාශය අනුව ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුවූයේ පොළොන්නරුවේ නිවස, රුපියල් ලක්ෂ 5ක් වූ බැංකු ගිණුම් අයිරාව හා අමාත්‍ය වැටුප පමණක් බව එහි සඳහන් වෙයි. 

ඔහුගේ දියණිය වන චතුරිකා දර්ශනී සිරිසේනට පොළොන්නරුවේ බැඳිවැව තිදස් අරණ නම් වූ හෝටලයක් පවතින බවත්, ජනාධිපති සොයුරු ඩඞ්ලි සිරිසේන නුවරඑළියේ ඉදිකර ඇති හෝටල් සඳහා නිසි ක්‍රමවේදයට අවසර ලබාගෙන නැති බවත් 2015 වර්ෂයට පෙර හා ඉන් පසු ඩඞ්ලි සිරිසේනගේ වත්කම් පිළිබඳ සොයා බැලීමක් කරන ලෙසත් එහි සඳහන් කර තිබේ.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණ සමයේදී නුගේගොඩ රේල්වේ මාවතේ පිහිටි එල්කාඩෝ අධිපති අතුල රොහාන් වීරරත්නගේ නිවසේ තිබී හමුවූ ඇමරිකන් ඩොලර් මිලියන 190ක මුදල පිළිබඳ පරීක්ෂණ යට ගොස් ඇති බවත් සඳහන් වේ. 

තවද, ජනාධිපතිවරයා සිරස මාධ්‍ය ජාලයට රුපියල් බිලියන ගණනක් වටිනා සංඛ්‍යාත නොමිලේ ලබාදී ඇති බවත්, ජනාධිපති මන්දිරය තිබියදී ජනාධිපතිවරයා පැජට් පාරේ රජයේ නිවාස තුනක් එක්කර ඔහුගේ පරිහරණයට එක් නිවසක් බවට පත් කිරීමට රුපියල් කෝටි ගණනාවක් මුදල් අවභාවිතයක් සිදුකර ඇති බවත් එහි සඳහන් වේ.

ජනාධිපතිවරයා විසින් 2015 සිට 2018 දක්වා යෙදුණු විදේශ සංචාර සඳහා රැගෙන ගිය පිරිස හා ඔවුන්ගේ වියදම් පිළිබඳව සොයා බලන ලෙසත්, ප්‍රීමා පිටි සමාගමේ සභාපති වන බී.සී. ටෑන්ග් නැමැත්තාට කටුනායක සීදුව මාර්ගයේ අක්කර 50ක ඉඩමක් ලබාදී ඇති බවත් ඒවා පිළිබඳව සොයා බලන ලෙසත් එම පැමිණිල්ල මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

(ලසන්ත රුහුණගේ - අනිද්දා)

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook