Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

තලවතුගොඩ පිහිටි තම ව්‍යාපාරික ස්ථානයෙන් මසකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ නවයක පමණ ආදායමක් බවත් ණය වාරිකය ලෙස ලක්ෂ හතක්, ගොඩනැඟිලි කුලිය ලක්ෂ පහක්, වායුසමීකරණ ඇතුළු විදුලි බිල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සහ සේවක වැටුප් සමඟ තවත් වියදම් තමන්ට පියවීමට තිබෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝශන් ප්‍රේමරත්න පවසයි.
ඊයේ (10) රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර මෙම ව්‍යාපාරයෙන් ඇත්තටම තමන්ට පාඩුවන බවත් බැංකු ණය ගෙවන ආකාරයක් ගැන තමන් දැන් කල්පනා කරමින් සිටින බවත් පැවසීය.
එසේම තමන් ඉදිරියේදී කරන්නේ කුමක්ද යන්න පිළිබඳව බලා සිටින ලෙස තමන්ට මඩ ගසන පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහිදී නිවේදකයා විමසා සිටියේ මෙම වියදම් පියවමින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කෙසේද කියාය.
ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ තම පවුලේ සියළු සහෝදරයින්ට දැන් වත්කම් සහ ව්‍යාපාර ඇති බවය. ඒ අනුව වෙළඳසැල් 48ක් තම සහෝදරයින් සතුව ඇති බව පැවසූ මන්ත්‍රීවරයා තලවතුගොඩ හංදියේ ද ඉන් එකක් ඇති බව පෙන්වා දුන්නේය.
කිඹුලාඇළ හංදියේ වඩේ විකුණන තම සහෝදරයා පිළිබඳ බොහෝ අය දන්නා බවද සඳහන් කළ මන්ත්‍රීවරයා තමන්ගේ වැටුපට වඩා මුදල් ඔහු වඩේ විකිණීමෙන් උපයන බව ද ප්‍රකාශ කළේය.
තමන්ට ව්‍යාපාරය සඳහා මිතුරෙකු ලබා දුන් ඉඩමේ වටිනාකම රුපියල් මිලියන තිස් ගණනක් වන බවත් ඔහු පැවසීය.
කෙසේ වුවත් තම වත්කම් සහ ආදායම් උපයාගෙන ඇති අකාරය සම්බන්ධව හරි හැටි ප්‍රකාශයක් සිදුකරලීමට නොහැකිව හත්පොළේ ගාගන්නා තැනට නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පත්ව තිබේ. ඒ හමුවේ අපට ඔහුගෙන් විමසීමට ප්‍රශ්න කිහිපයක් ඇති අතර ඊට පිළිතුරු ඇත්නම් මේ චෝදනා වලින් ඔහුට ගැළවීමක් ඇති බවද අවධාරණය කල යුතුව ඇත.
1. ඔහුට ඉඩම සින්නක්කරේට ලියා දුන් යහලුවගේ නම, වයස, කරන ව්‍යාපාරය, ඉඩම ලියා දුන් දවස ?
2. යහලූවාගේ ව්‍යපාරවල අනෙකුත් සහකරුවන්ගෙ නම් ?
3. ලංකා බැංකුවෙන් ලබාගත් නය ප්‍රමානය, ගෙවිය යුතු කාල සීමාව, මාසික වාරිකය, ප්‍රේමරත්න දුන් ව්‍යාපෘති යොජනාව ?
4. ප්‍රේමරත්නනට අනුව ඔහු රුපියල් 750,000 නය වාරිකයක් ගෙවන අතර, රුපියල් 500,000 ගොඩනැගිලි කුලියක් ගෙවයි. ඔහුගේ ව්‍යාපරයේ ලාභය කොපමනක්ද?
5. ඔහු අදායම් බදු ගෙවනවද? කොපමනක්ද? ගෙවන්නේ නැත්නම්,ඒ ඇයි?
6. ඔහුගේ ව්‍යාපරයේ අනෙකුත් හවුල් කරුවන් කවුරුද? ඔවුන්ගේ නම්, අනෙකුත් හවුල් ව්‍යාපර මොනවාද?
7. ප්‍රේමරත්නට මේ ව්‍යාපාරයේ අයිති කොටස් ප්‍රතිශතය කීයද? ඒ සදහා ඔහු කීයක් ආයෝජනය කර ඇත්ද?
8. ඔහුගේ ව්‍යාපාරයේ කී දෙනෙකු වැඩ කරන්වාද? ඔවුන්ට EPF සහ ETF ගෙවනවාද?
 9. ඔහුගේ ව්‍යාපර බැංකු කටයුතු කරන බැංකු සහ ගිනුම් කීයක් ඇද්ද? මේ ගිනුම් වලට පිට රටින් මුදල් ප්‍රේශන කර ඇද්ද? එසෙනම්, ඇයි? කොපමනක්ද? කාගෙන්ද?
10. ඔහු සුදු කරන්නේ, කාගේ කලු සල්ලිද?

news tube

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook