Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වෙන අංගොඩ ලොක්කා නැමැත්තාද ඊයේ (10දා) ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නම් සැකකරු මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුවන අවස්ථාවේදී එයින් පළා යෑමට සමත්ව ඇත.සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඩුබායි හි ඇති ආරක්ෂිත කැමරා පද්ධිතය හරහා සිදුකර තිබේ.

මේ අතර මාකඳුරේ මධුෂ් ගැන බොහෝ අය කථාවුණත් එතැන සිට හසුවූ අනෙක් පාතාලයන් ගැන වැඩි දෙනෙකු දන්නේ නැත්තේ ප්‍රබලයන් ලෙස මාධ්‍යයේ නම් කියැවීම් අඩු නිසාය. නමුත් බොහෝ අය නොදන්නා ප්‍රබලයා කංජිපාන් ඉම්රාන්ය. ඔහු මධුෂ්වත් ඩුබායිවලට ගෙන්වාගත් මධුෂ්ගේත් බොස්ය. කංජිපාන් ඉම්රාන් මධුෂ්ගේ ඩුබායි නිවසට අල්ලපු ගෙදර සිටින සමීපතමයාය.

මැර පාතාලයේත් කුඩු පාතාලයේත්  නම් දැරූ ප්‍රබලයකු වන ඔහු මධුෂ් ඩුබායිවලට ගෙන්වා ගත්තා පමණක් නොව කුඩු බෙදාහැරීම මෙන්ම ලංකාවේ කළ යුතු අපරාධ සියල්ල මධුෂ් ලවා කරවාගන්නේද ඔහු බව පැවසේ.

ඉම්රාන් යනු අන්කවරෙකුවත් නොව මාළිගාවත්තේ කුඩු නූර්ලාගෙන් පසු සිදිදික්ලාගෙන් පසු සියාම්ලාගෙන් පසු ලංකාවේ කුඩු බෙදාහැරිමේ ජාවාරම අතට ගත් ඊළග පාතාල නායකයාය. ඔහු මෝදර හා මාලිගාවත්ත කේන්ද්‍රකරගෙන තමන්ගේ ජාවාරම කරගෙන ගිය අතර පොලිසිය තමන් පසුපස ලුහුබඳින බව දැනගත් පසු රටින් පලාගොස් ඩුබායිහි සැඟවුණේය. එතැන් පටන් අලුත්කඩේදී පසුගිය වසරේ කොස්මල්ලී අතින් ඝාතනයට ලක්වූ මොහොමඩ් රිස්වාන්, මෝදර සෙල්වි ඇතුලු පිරිසක් භාවිත කරමින් ඔහු කුඩු ජාවාරම කරගෙන ගියේය.

එම ජාවාරමට එරෙහි වන්නත් මෙන්ම ඊට ප්‍රබල අභියෝගයක් වූ ප්‍රතිවාදී ජාවාරම්කරුවන් පාතාල සාමාජිකයන් පවා ඝාතනය කළේය. 


මධුෂ් ඩුබායිවලට ගෙන්වා ගත් පසුව ඔහු ප්‍රධාන සගයා කරගෙන ඉම්රාන්ට සිය ජාවාරම පවත්වාගෙන යාම පහසුවිය.

පසුගියදා අලුත්කඩේ අධිකරණය ආසන්නයේදී සාතනයට ලක්වූ මොහොමඩ් රිස්වාන් මධුෂ්ගේ සමීපතමයෙක් බව හෙළිව ඇත. කලක්

හෙරොයින් ජාවාරමේ නිරතව සිට සිරදඬුවම් විඳ නිදහස් වූ අයෙක් වන රිස්වාන් පසුව තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගත්තේය. ඒ ජංගම දුරකථන ඇප් එකක් හරහා කුලි රථ ඇනවුම් කරන ඩ්‍රොප් මී නම්වූ සේවයකි. ඒ සඳහා මධූස්ද කෝටි 7 ක් ආයෝජනය කළ බව කියැවිණි.

රිස්වාන් වසර දහයකට පමණ පෙර මාලිගාවත්ත ප්‍රදේශයේ ජීවන්ව ඇති අතර එහි පාතාල කල්ලියක් සමග කටයුතු කර තිබේ. එකල වූ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්ව ඇති බවට පොලිස් වාර්තා ද පවති, රිස්වාන් මධූෂ්ගේ මන්ද්‍රව්‍ය ජාවාරමේදී නැතිවම බැරි පුරුකකි. එසේ ඔහු ඉම්න්රාගේ හොඳම හිතවතෙකි.

2018 මාර්තු 16 වැනිදා අලුත්කඩේ තුරානියා වීදියේදී කොස්මල්ලි රිස්වාන්ව ඝාතනය කරන ලද බව තහවුරුවීමෙන් පසු රිස්වාන් ඝාතනය සම්බන්ධයෙන් ඉන් කලබල වන්නේත් ඒ වෙනුවෙන් කොස්මල්ලීගේ හිස ඉල්ලා සිටින්නේත් ඉම්රාන්ය. ඔහු ඒ කොන්ත්‍රාත්තුව දෙන්නේ මධූෂ්ටය. කොස්මල්ලී ඝාතනය වන්නේ ඒ අනුවය. ඔහුගේ හිස අලුත්කඩේ උසාවිය ආසන්නයට ගෙනවිත් දැමුවේ රිස්වාන් ඝාතනය ගැන දන්නා අයගේ ඇග කිලිපොළා යන පරිදිය.

කාලයක් තිස්සේ කොන්ත්‍රාත් වැඩ කළ මධූෂ් කුඩ පාතාලයේ ප්‍රබලයෙකු වන්නට පටන්ගන්න ඔහු සිරගතව සිටි සබඳතා පාවිච්චි කර 2013 වසරේ සිටය. ඒ මධූෂ් කුඩු පාතාලයේ මුස්ලිම් ප්‍රබලයින් සමග ඇතිවූ ඇසුර සමගය. මීගමුවේ නවාස් මධූෂ්ගේ දෙවය වෙනස් කළ පුද්ගලයා බව කියැවේ. නවාස් මධූෂ්ට හෙරොයින් බෙදාහැරීම ගැන කියා පුද්ගලයා විය. පුත්තලම කුරුණෑගල කුඩුබෙදාහැරිමේ වගකීම මුලින්ම මධුෂ් කළේය.

කාගේත් සිත් දිනාගෙන කපටි ලෙස කවුරුත් රවටාගෙන ඉතා හොඳ 'මාකටින්' ක්‍රමයකින් මධූෂ් කුඩු බෙදාහරින බවත් ඉතා පැහැදිලි ලෙස හා සූක්ෂ්මව වැඩ කරන අයෙකු ලෙසත් නවාස් මධූෂ් ගැන කළ වර්ණනාව අනුව මධුෂ් ගැන ඉම්රාන් දැනගන්නේය.

ඉම්රාන් ඔහුව ඩුබායිවලට ගෙන්වා ගත්තේ යළිත් අත්අඩංගුවට පත්වීමට ඉඩ නොතබා ඔහුගෙන් හොඳ වැඩකොටසක් ගැනීම අදහසින් විය හැකිය. ඉන්පසු ඉම්රින්ගේ කුඩු ජාවාරමේ ප්‍රබලයා වූ මධූෂ් තමන්ට කුඩු පාතාලයේ අත්පොත් තැබූ නවාස් ද යොදාගෙන ඒවා ලංකාවේ බෙදාහැරිමට පටන් ගත්තේය. 

මොවුහු මන්ද්‍රව්‍යයන් බෙදාහැරිමේදී ජීපීඑස් තාක්ෂණය පවා යොදාගෙන ඇත. එමගින් ගනුදෙනුකරුවා පැමිණ සිටින ස්ථානය තහවුරු කරගන්නා ජාවාරම්කරු අවශ්‍ය ද්‍රව්‍ය එම ස්ථානයට සපයා ඊෂ්කෑෂ් ක්‍රමයට මුදල් ගනී. අංගොඩ ලොක්කා මගින් ඉම්රාගේ හා මධූෂ්ගේ කුඩු ලංකාවට එවනු ලබන අතර ඊට අදාළ මුදල් මෙරට සිටින මධූෂ්ගේ ගෝලයන් එකතු කරගනු ලැබේ. ඊෂිකෑෂ් ක්‍රමයට එකතු කරගන්නා ඒ මුදල් මධූෂ්ට යවන්නේ උණ්ඩියල් ක්‍රමයටය. 

පසුගිය කාල සීමාවේ කොළඹ භීතියෙන් අවුළමින් සිදුවූ වෙඩි තැබීම් රැල්ල මෙහෙයවනු ලැබුවේ ඉම්රාන් විසිනි.

කොළඹ සිදු වූ ඝාතන රැසෙන් ඝාතන 15කට සෘජුව වගකිවයුත්තේ කංජිපාන් ඉම්රාන්ය.

මොහොමඩ් නජීයා මොහොමඩ් ඉම්රාන් වන හුට 'කාංජිපාන්' යන නම පටබැඳී ඇත්තේ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට ප්‍රථම ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් අසල කැඳ විකුණා තිබීම නිසා බව කියැවේ.‍

ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික්ගේ රියැදුරු ලෙස කටයුතු කළ ඉම්රාන් ඒ අනුව පාතාල සබඳතා තරකරගත් අතර තනිවම වැඩේට බැස්සේය. 2015 වසරේදී පමණ ඩුබායි රාජ්‍යය බලා පලා ගියේය.

එලෙස මධුෂ් සහ ඉම්රාන් ඩුබායි රාජනයට පලා යෑමට ප්‍රථමව ඔවුන් දෙදෙනා මෙරට මුණගැසී ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකදී පමණි.

ඩුබායි රාජ්‍යයට පලාගිය ඉම්රාන් හට පසුව තොරතුරු ලැබී ඇත්තේ ඔහුගේ මෙරට විවාහක බිරිය වෙනත් පුරුෂයකු සමඟ සමීප සබඳතාවක් පවත්වන බවටය.. එම පුවත නිසාඔහු සිය ගෝලයන් යොදවා සිය බිරියට වෙඩි තබා ඝාතනය කළේය.
ප්‍රබල ඝාතන රැසකට වගකිවයුතුවූ ඔහු අවසන්වරට පොලිසියට තර්ජනයට කළ සිද්ධිය මාධ්‍ය තුළද පළවිය. ඒ වැඩි ඈතක නොව පසුගිය ජනවාරි 07 වැනිදා සවසය. කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි නිලධාරින් කළ මෙහෙයුමකින් රිස්වාන් නමැත්තෙකු අත්අඩංගුවට ගෙන දින කිහිපයක් ගෙවී ගියේය. ජනවාරි 07 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ කොස්තාපල් 70450 අමිලට දුරකථන ඇමැතුමක් ලැබුණේ ඩුබායිවලිනි.

"දන්නවද කතා කරන්නෙ. කවුද කියලා..."

"මම කංජිපාන් කතා කරන්නෙ.

"අපේ එකෙක් හරි ආයෙත් අල්ලලා තිබුණොත් බලාගන්න පුළුවන්.

"අපි දන්නවා ගිය අවුරුද්දේ මගේ කොළඹ ගෝලයෝ ඔක්කොම ඇල්ලුවේ උඹයි එස්.අයි ජගත්සිරියි විත්තිය

උඹලගේ විස්තර ඔක්කොම අපේ ගාව තියෙනවා. උඹලා නිසා තමයි ලංකාවේ හිටපු ගෝලයෝ ටික ඩුබායිවලට ගෙන්න ගන්න වුණේ. අපේ වැඩවලට බාධා නොකර අයින් වෙයන්. දැක්කනේ රංගජීවට වුණ දේ. ඒක කළත් අපි තමයි... 

ඒක නිසා අපේ වැඩවලට බාධා කළොත් උඹලට විතරක් නෙවේ උඹලගෙ පවුල්වලටම වෙන දේ හිතාගන්න පුළුවන්නේ..

මදුෂ් ඉන්නෙත් මං ගාව" 

එලෙස කංජිපාත ඉරාන් තර්ජනය කොට ඇමැතුම විසන්ධි කර තිබුණි.ක්ෂණයෙන් නැව තත් එම අංකයෙන් කොස්තාපල්වරයාට ඇමැතුමක් ගෙන එලෙසින්ම තර්ජනය කළේ මධුෂ්ය
ඩුබායි දේශයේ මධුෂ්ගේ නිවසට යාබද නිවෙසේ ඉම්රාන් ද සිය බිරිය වූ දුෆරා සහ දරුවා සිටින බව කියැවේ.

මධුෂ් ඩුබායිහි ජීවත් වූයේ අල් රෆා සහ මොරාටාබාද් යන ජනාකීර්ණ පෙදෙස්වලය. සංචාරක වීසා දීර්ඝ කරගනිමින් අජිත් එරංග වර්ණකුලසූරිය යන ව්‍යාජ නමින් වාහන අලුත්වැඩියා කරන ව්‍යාපාරයක නිරතව එහි වාසය කර ඇත. ඇතැම් වාර්තාවක සඳහන් වූයේ ඔහු අවංක යන නමද භාවිත කරන බවකි.

වාර්තා වන ආකාරයට අල් රෆා ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියාගේ පුතු සමග මධුෂ්ට ළඟ ඇසුරක් තිබී ඇත. එසේම එම පොලිස් ප්‍රධානියාගේ ජීප් රථයද මධුෂ් විසින් වෙන්දේසියකින් මිලට ගෙන පාවිච්චි කරමින් තිබි ඇත. කංජිපාන් ඉම්රාන් සමගද මේ දෙදෙන සමීප ඇසුරක් පවත්වාගොස් ඇති අතර එම පොලිස් ප්‍රධානියාගේ පුත්‍රයාද මධුෂ්ගේ සුපිරි සාදයට එක්ව සිටි බවත් පොලිසිය වැටලීම සිදු කරන විට ඔහු ඉන් නික්ම ගොස් සිටි බවටද ආරංචි පවතී.

පොලිස් වැටළීමේදී මධූෂ් සමග කංජිපාන් දෙදෙනාම කොටු කරගැනීමට හැකි විය. මේ වනවිට ඔවුන් සිරගතව සිටී.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook