Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මෙරට පාතාලයේ ගෝර්ඞ් පාදර් ලෙස හඳුන්වන මාකඳුරේ මධුෂ් නමැත්තා සහ තවත් ප‍්‍රබල පාතාල නායකයන් සිවු දෙනකු ඇතුළු පුද්ගලයන් 25 දෙනකු ඩුබායි පොලිසිය මගින් එරට සුපිරි හෝටලයක සිටියදී ඊයේ 05 වැනිදා අලූයම අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර ජනපි‍්‍රය ගායන ශිල්පියකු වන අමල් පෙරේරා සහ රූපවාහිනි රියැලිටි වැඩසටහනකින් ජය ගත් ගායන ශිල්පීන් හය දෙනකු සිටින බව පොලිසිය පවසයි. තවද මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගනු ලැබු පිරිස අතර ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක්ද සිටීම විශේෂයි.
 මෙහිදී අත්අඩංගුවට ගත් පාතාල ප‍්‍රබලයන් අතර මාලිගාවත්ත ප‍්‍රදේශයේ සිය පාතාල රාජධානිය කරගෙන සිටින කන්චිපාන ඉම්රාන්, පිටකොටුව කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පාතාල නායකයා ලෙස සැලකෙන කෙසෙල්වත්තේ ඩිනුක, අංගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රබල පාතාල නායකයකු බව කියන අංගොඩ චුට්ටා ද සිටින බව විමර්ශනවලින් හෙළි වී ඇත.


මාකඳුරේ මධුෂ්  අනියම් ඇසුරක් පවත්වන කාන්තාවකට සය හැවිරිදි පුත්‍රයකු සිටින බවත්, ඔහුගේ උපන් දින සාදය මහ ඉහළින් සැමරීම සඳහා ඩුබායි රාජ්‍යයේ තරු හයේ සුපිරි හෝටලයක් වෙන් කරගෙන ඇති බවටත් පොලිසියට ආරංචියක් ලැබී තිබුණි. මෙම සාදයට පැමිණෙන ලෙස පාතාල නායක මදූෂ්ගේ සමීපතමයන් කිහිප දෙනෙකුටද ඇරයුම් ලැබී ඇති බව පොලිසියට ඔත්තුවක් ලැබී තිබුණි.

පොලිසිය මෙම ආරංචි අනුව ඉතා කෙටි කලක් තුළ සැලසුමක් සකස් කරන ලදි. ඒ ඩුබායි පොලිසියේ සහාය ඇතිව එරටදී වැටළිමක් කරන්නටය. වඩාත් පහසුම ක්‍රමය වන්නේ අමල් පෙරේරා සහ රයන් වැන් රෝයන් යන කලාකරුවන් යන තැන් විමසා ඒ පසුපස ලුහුබැඳීම බව තේරුම් ගෙන මෙම සැලසුම අනුව උපායන් සකස් විය. ලැබුණ ආරංචි අනුව ඩුබායි රාජ්‍ය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් ඔවුන් පිටත්ව යන අවස්ථාවේ සිට පොලිස් ඔත්තුකරුවන් ඔවුන් පසුපස යොදවන්නට මෙහෙයුම් කණ්ඩායමට හැකි විය. කල් ඇතිව කථිකා කරගත් පරිදි ඩුබායි නිලධාරීන් ලංකාවේ කණ්ඩායම එහිදී හමුවී තිබේ.

ඩුබායිහි අමල් නැවතුණ හෝටලයේ සිට එරට පොලිසියට මෙම ක්‍රියාකාරකම් අනුව සිද්ධවන දේවල් වාර්තා කර තිබූ අතර සාදය පවත්වන හෝටලය වෙත අමල් ඇතුළු පිරිස ගමන් කරන වේලාව ඒ අනුව ලබා දෙන්නට සූදානම්ව සිටින ලදි. පෙබරවාරි 4 වනදා රාත්‍රී කාලයේ මෙම සාදය පවත්වන බව ඒ අනුව වාර්තාවී තිබුණි. සාදයට හෝටලයේ 125 ක් පමණ රැස්වන ශාලාවක් වෙන්කර ඇති බවත් හෝටලය වෙන්කිරීමේ කටයුත්ත වෙනුවෙන් පාවිච්චි කර තිබුනේ ඩුබායිහි සිටින මදුෂ්ගේ සොහොයුරාගේ නමක් බවත් ජාත්‍යන්තර පොලිසියේ ශාඛාව හරහා එරට ආරක්‍ෂක අංශ දැනුවත් කර තිබේ. ඒ අනුව වැටලීම් කරන්නට නම් සාදය සඳහා සියලු පිරිස් පැමිණෙනතුරු සිටීම වැදගත් වියහැකි බව ලංකාවේ කණ්ඩායමේ මතයවී තිබේ. එයට හේතුව පැමිණෙන සියල්ලන් වැදගත්වන බැවිනි. එම තොරතුරු අනුව එරට රහස් පොලිසිය මෙම සාදය පිළිබඳ අවදියෙන් සිට පෙරේදා (4දා) රාත්‍රියේ සාදය පැවතෙමින් තිබෙන අතර 5 වනදා පාන්දරට වන්නට මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම මෙහෙයුමට එක්ව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ද වෙස්වලාගෙන හොර රහසේම මෙම උපන් දින සාදයට සහභාගි වී ඇත. උපන් දින සාදය අතරතුර මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයන් මෙන්ම ජනපි‍්‍රය ගායකයන් පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් විනෝද වෙමින් සිටි අවස්ථාවේ එහි වෙස්වලා ගෙන සිටි පොලිස් නිලධාරීන් මේ පිළිබඳව ඩුබායි පොලිසියේ 911 හදිසි ඇමතුම් ඒකකය වෙත දැනුම් දීමක් කර ඇත. එම තොරතුරට අනුව කි‍්‍රයාත්මක වූ ඩුබායි පොලිසියේ විශේෂ කණ්ඩායමක් ඊයේ අලූයම සුපිරි හෝටලයට ඇතුළු වී එහි සිටි පාතාල කණ්ඩායම සහ සෙසු පිරිස අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී මෙම පාතාල ප‍්‍රබලයන් ඇතුළු පිරිස සිය පරිභෝජනයට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් ද ඩුබායි පොලිසිය විසින් සොයා ගෙන තිබිණි. මෙම සාදයට පුද්ගලයන් 125 කට අධික පිරිසක් සහභාගි වී සිටි අතර මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට හෝ ඒවා පාවිච්චි කිරීමට සම්බන්ධ නැති පිරිස මුදා හැරීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබේ. මෙරට පාතාලය සහ හෙරොයින් ජාවාරම මෙහෙය වන ප‍්‍රධානියා බවට පත්ව සිටින මාකඳුරේ මධුෂ් ඩුබායි රටට පලා ගොස් තිබුණේ මීට වසර දහයකට පමණ උඩදීය.

පසුගිය කාලසීමාවේ දකුණු පළාතේ මෙන්ම රටේ විවිධ ප‍්‍රදේශවල සිදු වූ දරුණු ගණයේ මිනිස් සිදුවීම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් රැසක් මෙහෙයවනු ලැබුවේ මාකඳුරේ මධුෂ් විසින් බව විමර්ශනවලින් හෙළි වී තිබිණි.

ඩුබායිහි තරුහයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුළු අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට පොලිසිය සහ රජය සමඟ සාකච්ඡුා පවත්වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය. ඩුබායි පොලිසිය මෙම අපරාධකරුවන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගනිද්දි මොවුන් අල්ලා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි වෙස්වලා ගත් පොලිස් නිලධාරියා ද කොටු වී ඇත. එසේ අත්අඩංගුවට පත්ව සිටින වෙස්වලා ගත් පොලිස් නිලධාරියා මුදා ගැනීම සඳහා ඩුබායි පොලිසිය සමඟ සාකච්ඡුා කර ගෙන යන බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටියේය.


දේශපාලනඥයින් කිහිපදෙනෙක් නොසන්සුන් වෙයි

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට පත්වීමත් සමග මෙරට දේශපාලඥයින් කීපදෙනෙකු දැඩි නොසන්සුන් තාවට පත්ව ඇතිබවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. ඒ අනුව මාකඳුරේ මධුෂ් කෙසේ හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුන් විශාල බලපෑමක් සිදුකරමින් පවතින බවයි අදළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ‌මේ අතර මාධ්‍යට සම්බන්දව සිටි මාතර පාර්ලි‌ෙමේන්තු මන්ත්‍රීවරයෙකු සිටිනබවත් වාර්තාවේ. 

මෙරට තුළ සිදු වූ ඝාතන කිහිපයකට ඔහුට චෝදනා එල්ල වූ මාකඳුරේ මදූෂ් විදේශ රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය තොග පිටින් ගෙන්වීම සම්බන්ධයෙන්ම චෝදනා ලැබ සිටිනවා.

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කළ බවට 'මාකඳුරේ මධුෂ්' නමැත්තාට චෝදනා එල්ල වූ අතර ඔහු අපරාධ කල්ලි අතර නමක් දිනා ගත්තේ එම චෝදනා එල්ලවීමත් සමගයි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook