Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම්කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් කියැවේ. කණ්ඩායමේ උපනායකයා වශයෙන් නිරෝෂන් දික්වැල්ල පත්කර ඇති අතර ටෙස්ට් නායකයාව සිටි දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ සාමාජිකත්වයද අහිමි වී තිබෙන බවත් දැනගන්නට ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් පස් දෙනකු ඇතුළත්ව සිටින අතර පළපුරුදු දඟ පන්දු යවන්නකු වන ඩිල්රුවන් පෙරේරාටද ස්ථානය අහිමි වී තිබේ. ඕස්ටේ්‍රලියානු සහ නවසීලන්ත සංචාර දෙකේදී පැවැති ටෙස්ට් තරග 4 ක ඉනිම 8 කදීම ලකුණු 92 ක් පමණක් ලබාගත් දිනේෂ් චන්දිමාල් මෙම සංචාරයට ඇතුළත් නොවේ. පසුගියදා වසර 80 ක ලෝක වාර්තාවක් අලුත් කරමින් පළමු පෙළ තරගයකදී ද්විත්ව ශතක දෙකක් ලබාගත් ඇන්ජලෝ පෙරේරාද ශ්‍රී ලංකා පිලට එක්ව සිටී. 

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ්‍රලියාවේ කැන්බරා නුවර සිට සිංගප්පූරුව හරහා දකුණු අප්‍රිකාව බලා පියාසර කරයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු වැනි ටෙස්ට් තරගය මේ මස 13 වැනිදා ඩර්බන් නුවරදී ආරම්භ වේ. 

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය සඳහා යවනු ලැබ ඇත. 

ටෙස්ට් තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම
■ දිමුත් කරුණාරත්න (නායක)
■ නිරෝෂන් දික්වැල්ල (උපනායක)
■ ළහිරු තිරිමාන්න
■ ධනංජය ද සිල්වා
■ කුසල් මෙන්ඩිස්
■ කුසල් ජනිත් පෙරේරා
■ මිලින්ද සිරිවර්ධන
■ කෞෂාල් සිල්වා
■ ඕෂධ ප්‍රනාන්දු
■ ඇන්ජලෝ පෙරේරා
■ සුරංග ලක්මාල්
■ කසුන් රාජිත
■ විශ්ව ප්‍රනාන්දු
■ චාමික කරුණාරත්න
■ මොහොමඞ් ෂිරාස්
■ ලක්ෂාන් සඳකැන්
■ ලසිත් ඇඹුල්දෙණිය

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook