Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යනු දේවාලයක කපු මහතෙකි. නැතිනම් කට්ටඩියෙකි. ඔහු අද්භූත බලවේගයක් නිසා මේ තැනට ආ බව නිතර කියා ඇත්තෙකි.

රත්තරන් යනුවෙන්ද හඳුන්වන ඔහු කලකට ඉහතදී යුද හමුදා සෙබළෙකු වූයේය. පෙරමුණේද ගමන් කළේය. එහිදී සතුරු ප්‍රහාරයක් හමුවේ යුදබිමේ කොටුවූ තැනකදී 

අසරණ වූ නමුත් පුදුම ආකාරයකට ඔහු දිවිබේරාගත් බවත්, අද්භූත බලවේගයක් මගින් ඔහුගේ දිවි බේරාදුන් බවත් පවසා තිබුණි.

බලවේගය විසින් ලබා දුන් බලය මත තවත් දේ කරන්නට වරමක් ලද බව කියූ ඔහු හමුදාවෙන් ඉවත්වී කට්ටඩියෙකු ලෙස මතුවූයේය.

දකුණු පළාතේ දේවාලයක් (බටදුව ශ්‍රී විෂ්ණු දේවාලය) ආරම්භ කළ ඔහු දේවාලයද හාස්කම් සහිත එකක් බවට ප්‍රචාරයක් දියත් කළේය.

ඒ කාලයේ රත්රන්ගේ දේවාලයෙහි රටේ ඉහළම ප්‍රභූ නායකයන් ගැවසුණි. දේවාලයෙන් එකතු වූ විශාල ධනස්කන්දය ඔහු නිර්ලෝභීව ජනතාව වෙනුවෙන් වියදම් කළ අතර ඒ නිසාම ජනප්‍රිය විය. ඔහු මැතිවරණයකට ඉදිරිපත්වන්නේ එම කීර්තිය පදනම් කරගෙනයි.

ගාලූ දිස්ත්‍රික් ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඔහු කළ වියදම් දක්වමින් කළ ප්‍රචාර සමග ඔහු දකුණු පලාතෙන් එජාපයෙන් පළමුවැනියා වෙමින් ජයගන්නටද සමත් විය.

නමුත් කාලයක් පටන් එක්සත් ජාතික පක්ෂය පිළිබද කලකිරීමට පත් රත්තරන් මහින්දගේ ආණ්ඩුවට එක්වීමට තීරණය කළේ ඒ කාලයේදීමය.

මේ අනුව ඔහු මහින්ද අනුගාමියෙකුවූ අතර පසුගිය කාලයේ ඒකාබද්ධ විපක්ෂයටද සම්බන්ධවී වැඩ කළේය.

කෙසේ වෙතත් දේශපාලනයට සම්බන්ධ වුවත් ඔහු ගේ ගුරුකම් වැඩ දිගටම කෙරී ගෙන ගිය අතර ඹීට වසරකට පමණ පෙර පළාත් සභාවේ ඇතුළුවන තැනට ගින්දර දැල්වූ පන්දමක්ද ගෙනවිත් යහපාලන රජයට එරෙහිව ප්‍රසිද්ධ යාගහෝමයක්ද කළේය.

පසුගියදා රන්ජන් ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන කොකේන් චෝදනාව ගැන අසා එය සජීවීව වේදිකාවකදී ප්‍රසිද්ධ කිරීම නිසාද ඔහු ගැන කථාබහ ඇතිවිය. මේ ගැන මහින්ද රාජපක්ෂ කියා තිබුනේ 'ක්‍රිෂාන්ත ඉතිං ගුරුකම් කාරයානෙ එයා රන්ජන්ව හූනියමක් කරල අල්ලගන්න ඇති' කියාය.

ඔහුට අයත් බටදුව ශ්‍රී විෂ්ණු දේවාලයට 16 හැවිරිදි දැරියක කැටුව ඇගේ භාරකරුවන් පසුගියදා පැමිණ තිබුනේ දැරියට යක්ෂ බැල්මක් ඇති බව පවසෙමින් ශාන්තිකර්මයක් සිදු කිරීමට අවශ්‍ය බව දන්වාය.

ළමා අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව අක්මීමන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර එම පැමිණිල්ලට අදාලව කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබේ. පොලීසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින විට අද උදෑසන නීතීඥයෙක් සමග පැමිණ පොලීසියට භාරවී තිබේ.

පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමෙන් පසු ඔහුව සොයා පොලිසිය ගියත් ඔහු මගහැර තිබුණි.
පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට සිද්ධිය සිදුව ඇත්තේ මෙසේය.

හබරාදුව පොලිස් වසමේ පදිංචි දැරියකට ශාන්ති කර්ම කිරීම සදහා එම පවුලේ අය ක්‍රිෂාන්ත පුෂ්පකුමාරගේ දේවාලයකට ගොස් ඇත. එම දැරියට පමණක් නොව ඇගේ වැඩිමහල් සොයුරියටත් විශක් ශරීර ගතවී ඇති බව කියමින් මොහු ඇයටත් වෙනම ශාන්තිකර්මයක් කළ යුතු බව පවසා ඇත. එයට දැරියන්ගේ දෙමාපියන්ගේ විරෝධතාවයක්ද තිබී නැත.

ඒ අනුව සියලුදෙනාම එක්වර දේවාලය තුළට ගත නොහැකි බව පවසමින් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර දේව කන්නලව්වක් කර තිබෙන අතර එක් එක්කෙනා බැගින් ගෙන ඔවුන්ට ශාන්තිකර්මය කර තිබේ. විශ ශරීරගතවී ඇති බව කියූ දැරියත් මේ ආකාරයටම තනිවම දේවාලයට  තුළට ගෙන ඇත.

දැරිය දේවාලය තුළට ගිය විට පළමුව ඇගේ තොල් උරා බොමින් විශ ඉවත් කරන බව පවසා ඇත. පසුව ඇගේ ඇගේ ශරීරය පුරාම විශ පැතිරී ඇති බව කියූ ඔහු දැරිය ක්‍රමයෙන් නිරුවත් කරමින් ලිංගක අපයෝජනයට ලක් කර ඇත.

දැරිය නිවසට පැමිණි පවසුව ක්‍රිෂාන්ත පුෂ්පකුමාර විශ ඉවත් කළ ආකාරය විස්තර කර ඇත. ඇගේ දෙමාපියන්ට දෙවියන් සිහිවී ඇත්තේ එ් අවස්ථාවේදීය. වහාම දැරියත් රැගත් ඇගේ මව හබරාදුව පොලීසියට ගොස් පැමිණිල්ලක් කිරීමට උත්සාහ ගෙන ඇත. එහෙත් සිද්ධිය සිදුව ඇත්තේ අක්මීමන පොලිස් වසමේදී වන බැවින් අක්මීමනට ගොස් පැමිණිල්ල ඉදිරිපත් කරන්නැයි හබරාදුව පොලීසියේ නිලධාරීන් පවසා ඇත.

ඒ අනුව අක්මීමන පොලීසියට ගොස් පැමිණිල්ල කර ඇත. අක්මීමන පොලීසියේදී පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස දැරියගේ මවට නොයෙක් බලපෑම් එල්ලවී තිබෙන බවද ආරංචිමාර්ග පවසයි. කෙසේ හෝ දැරියගේ පියා මෙම පැමිණිල්ල ඉවත් කරගැනීමට කැමැත්තක් දක්වා ඇති අතර ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව එය විභාග නොකර ඉවත් කරගැනීමට නොහැකි නිසා පොලීසියට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සිදුව තිබේ.

කෙසේ හෝ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුවත් පොලීසිය මගහරිමින් සිටී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අද උදෑසන පොලීසියට භාරවී ඇත්තේ නීතීඥයෙක් මාර්ගයෙන්ය


ඔහුට උසාවි වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් පවතින බව දැනගැනීමෙන් පසු ඔහු අද උදෑසන 11 ට පමණ පොලිසියට පැමිණ භාරවූ නමුත් පැය 3 කින් පමණ දවල් 2 වනවිට උසාවියෙන් ඇප මත නිදහස් වූයේය.

ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හර්ෂ කැකුණවෙල මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook