තමන් සම්බන්ධයෙන් අසත්‍ය හා වැරදි පුවත් පල කරන ලද ලංකාවේ මාධ්‍ය ආයතනයන්ට එරෙහිව ලංකාවට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරා සඳහන් කර ඇත.
ඔහු මේ බව සඳහන් කළේ යැයි නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ඩුබායි සිට සඳහන් කළේය.
කෝටි ගණනාවක මැණිකක් ඩුබායි වෙත ගෙන යාම සඳහා අමල් පෙරේරා ඇතුළු පිරිසක් සහයෝගය ලබා දුන්නේ යැයි පළවූ වාර්තාවක් ගැන අදහස් පළ කරමින් අමල් පෙරේරා මේ බව පැවසුවේ යැයි උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගන්නා ලද මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස මේ වන විට ඩුබායි පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර මෙම පිරිස 27 දිනයේ ස්ථිර වශයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි ද නීතීඥවරයා පැවසීය.