අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල සහ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අතර බණ්ඩාරනායක මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති ෂෂෂ කොටසේ තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නාලන්දා මැදි විදුහලේ කවිඳු මඳුරංග පළමු ඉනිමේදී ලකුණු 30 කට කඩුලු 8 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 44 කට කඩුලු 6 ක්ද බැගින් ඉනිම් දෙකේදීම ලකුණු 74 කට කඩුලු 14 ක් බිඳහෙළීය.
බණ්ඩාරනායක මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී සියලු දෙනා දැවී 117
(මොවිඳු ලෝමිත 48, කවිෂ්ක මධුමාල් 37, කවිඳු මඳුරංග 30/8, නඳුන් කල්හාර 17/2)
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී සියලු දෙනා දැවී 167
(මහිඳු මලිත් 55, චානක සමීර 36, කවිෂ්ක මඳුමාල් 50/4, අරණ දාබරේ 35/3)
බණ්ඩාරනායක මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 90
(කලිඳු කෞදීෂ 35, කවිඳු මඳුරංග 44/6, මහිඳු මලිත් 10/2)
නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 5.1 කදී කඩුල්ලක් දැවී 42
(නඳුන් කල්හාර 23)