Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පාතාල ලෝකයේ සාමාජිකයන්ගේ ලිපිනයන් තමන්ගේ ලිපිනයන්වලට සමානකම් දැක්වීම හේතුවෙන් කොළඹ නගරයේ ජීවත්වන ඇතැම් පිරිස් තමන්ගේ ලිපිනය පැවසීමට පවා මැපිවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප‍්‍රදේශ, සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් මාළිඟාවත්ත ‘ලක්හිරු සෙවණ’ මහල් නිවාස ව්‍යාපෘතියේ (දෙවන අදියර) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණු මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

රුපියල් මිලියන 1,536 ක ආයෝජනයකින් ඉදිකළ ‘ලක්හිරු සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ දෙවන අදියර නිවාස ඒකක 384 කින් සමන්විතය. මහල් 11 කින් සමන්විත මෙහි නිවසක නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුලූතැන් ගෙයක්, සඳළුතලයක් සහ සනීපාරක්‍ෂක පහසුකම්වලින් සමන්විත වේ. නිවැසියන්ගේ පහසුව පිණිස විදුලි සෝපාන, ප‍්‍රජා ශාලා සහ අනෙකුත් අංගෝපාංගවලින් සමන්විත අතර මෙහි පළමු අදියර යටතේ නිවාස ඒකක 192 ක් ජනතා අයිතියට පත් කර ඇත.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපි දන්නවා අද තමන්ගේ ඒ වගේම මේ කොළඹ නගරයේ දුගියන්ගේ ඉඩම් උදුරාගෙන ධනවතුන්ට විකුණනවයි කියලා මතකයක් තිබුණා. ඒවට විරුද්ධවන දුගියන්ව සුදු වෑන් වලින් අරං ගිය යුගයක් තිබුණා. කොළඹ නගරයේ තවදුරටත් පාතාල ලෝකයේ ලිපින නෙමෙයි, කොළඹ 03 කොළඹ 04 ලිපිනයට සමාන ලිපිනයක් අපේ මාළිඟාවත්තේ ජනතාවට, මට්ටක්කුලියේ ජනතාවට, කිඹුලාඇල, කිරුළපන ජනතාවට ලබාදෙන්න අපි අධිෂ්ඨාන කරගෙන තිබෙනවයි කියලා අපි මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුයි. අපි ඒකයි මේ වැඩපිළිවෙල නිවසක් සමග ජීවිතයක් කියලා නම් කළේ.

මම හිතනවා නගර සභාවෙත් වගකීමක් තිබෙනවා, නිවාස සංකීර්ණ අපි ඉදිකළා පමණක් නෙමෙයි, මේ කාණු පද්ධති නඩත්තු කරන්න. ජලසම්පාදන මණ්ඩලයේ වගකීමක් තිබෙනවා ජලය ලබාදෙන්න. විදුලි බල මණ්ඩලයේ වගකීමක් තිබෙනවා විදුලිය ලබාදෙනවා වගේම නිසි ආකාරයට විදුලි බිල්පත් ආදිය ලබාදෙන්න. මේ සෑම රාජ්‍ය අංශයේ ආයතනයක්ම එකතු උනොත් තමයි මේ ජීවිත ඉහළට ඔසවන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ අතරේ ජීවත්වන අපේ රජ්‍ය අංශයේ සේවක පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා දුම්රිය සේවයේ, මේ නිවාස සංකීර්ණ ඒ අයටත් ලබාදීම අපි කොම්පඤ්ඤවීදියෙන් ආරම්භ කලා. මේ ප‍්‍රදේශයෙත් අපි ආරම්භ කරනවා.

ඒ වගේම පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කළ යුතු වෙනවා. දැනටමත් මේ කොළඹ නගරයෙන් 15% ක් යටවෙලා තිබෙන්නේ පාරවල්වලට. ඉදිරියේදීත් මේ තිබෙන තී‍්‍රවිල් ටිකට, කාර්වලට, මෝටර් සයිකල්වලට මේ ඉඩකඩ දෙන්න නම් පාරවල් ප‍්‍රමාණය තුන් ගුණයකින් 2030 වන විට වැඩිකළ යුතුයි. එය කළ නොහැකියි. මොකද මාර්ග ප‍්‍රමාණය කිසිම විදිහකින් තුන් ගුණයකින් වැඩිකරන්න බැහැ. එහෙනම් කළ යුතු වන්නේ පොදු ප‍්‍රවාහණය ශක්තිමත් කිරීමයි. දුම්රිය, බස්රිය ශක්තිමත් කිරීමයි කළ යුත්තේ. අන්න ඒ නිසා තමයි අපි 2016 දී සැහැල්ලූ දුම්රිය පද්ධතියක් ඇති කිරීමේ යෝධ ව්‍යාපෘතිය ආරම්භ කළේ.

මේ රටේ අඩුම ගණනේ 20%ක වත් මගී ප‍්‍රතිශතයක් ගෙන යන දුම්රිය සේවයක් අපි ඉදිරි දශකයේදී ඇතිකර ගමු කියන යෝජනාවත් මෙම අවස්ථාවේදී ඉදිරිපත් කරනවා යැයි පැවසීය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook