Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සමහරු ඔහුව විවේචනය කරනවා. හැබැයි ඔහුට ආදරේ කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රටේ සිටින මේ වන විට සංඛ්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. අද දවසේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ගීතයෙන් ජනප්‍රියවන්න නම් Music Vedio එකක් අවශ්‍යයි කියලා මතයක් තිබුණත් තවමත් ඔහු Music Vedio එකක් කරලා නැහැ. මීට සති කීපයකට පෙර එළිදැක්වූ ඔහුගේ නවතම ගීතයත් මේ වෙද්දී අන්තර්ජාලය හරහා ලක්ෂ 40ක් පිරිසක් ශ්‍රවණය කරලා තියෙනවා. ඔහුගේ නම සඳුන් පෙරේරා. මේ තාරුණ්‍යයේ හඬට ආදරේ කරන රිද්ම පාඨක පිරිස වනුවෙන්මයි අපි සඳුන්ව මේ කතාබහට එකතු කරගත්තේ.


අද වෙද්දී සඳුන් විශාල ප්‍රේක්ෂක පිරිසකගේ උරුමක්කාරයෙක්. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කියමින්ම මේ කතාබහ ආරම්භ කරමු?


2016 පෙබරවාරි 4 වැනිදා තමයි මගේ ආයෙත් වරක් ගීතය එළිදැක්වූවේ. හිතුවෙවත් නැති විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා. එක රැයක් තුළ ඒ ගීතය ලක්ෂයක් ඩවුන්ලෝඩ් කරගෙන තිබුණා. මේ වෙද්දී මම ගීත 8ක් ගායනා කරලා තියෙනවා. ඒ සියල්ලම මේ වෙද්දී විශාල ප්‍රේක්ෂක පිරිසක් නරඹලයි තියෙන්නේ. පූජා කරන්නම් ගීතය තමයි මේ වෙද්දී අන්තර්ජාලයේ යූ ටියුබ් වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝ අතර නව වැනියට තියෙන්නේ. මගේ අලුත්ම ගීතය ආදරය ආගමත් අදහන්න පුළුවන් ගීතය එළිදක්වලා තවම මාසයක්වත් නැහැ. තවම එහි මියුසික් වීඩියෝ එකක්වත් කරලා නැහැ. ඒත් මේ වෙද්දී ඒ ගීතයේ Audio එක ලක්ෂ 40ක් දෙනා රසවිඳලා.


මෑත කාලයේ මේ විදිහට ජනප්‍රිය වන ගීතවලට මල් සින්දු කියලා දෝෂාරෝපණය කරන පිරිසක් ඉන්නවා. ඔබේ ගීතවලටත් ඒ කියන චෝදනාව එල්ල වෙනවා නේද?


2016 පෙබරවාරි 6 වැනිදා ආයෙත් වරක් ගීතය එළිදැක්වූවාම හැමෝම ඒක වැළඳගත්තේ එය වෙනස් පදමාලාවක් හා වෙනස් තනුවක් ඇති ගීතයක් හින්දා. ඊට පස්සේ දිගටම ඒ වගේ සින්දු එළියට එද්දී තමයි මල් සින්දු රැල්ලක් කියලා සමහරු බණින්න පටන් ගත්තේ. ඔය බණින පිරිසට මට කියන්නෙ තියෙන්නේ මෙච්චරයි. ඉස්සර අමරදේව මාස්ටර්ට, ජෝතිපාල මහත්තයාට, එම්.එස්. ප්‍රනාන්දු මහත්තයට කැමැති වෙන වෙනම රසික පිරිසක් හිටියා. අදත් ඒ වගේ අපේ ගීතවලට කැමැති පිරිසකුත් ඉන්නවා. මම ගයන්නේ මට කැමැති අය වෙනුවෙන්. ඒ අය ඉල්ලන දේ තමයි මම දෙන්නේ. මට අකමැති අය කියන දේවල් මට අදාළ නැහැ.


සඳුන් කිසිමදාක සුභාවිත ගායනයට එන්නේ නැද්ද?


අමරදේව මාස්ටර්ලගේ ගීතවලට මමත් ආදරෙයි. ඒත් මම කන්නේ බොන්නේ ජීවත්වෙන්නේ මගේ ගීතවලට කැමැති රසික පිරිසක් හින්දා. එතැනින් මම මිදුනොත් දැන් මට බණින අය හොඳ කියයි. හැබැයි මගේ රසික පිරිස් මට නැතිවෙලා යාවි. ඊට පස්සේ මමත් නැතිවෙලා යාවි.


සඳුන් ගායකයෙක් වුණේ අහම්බෙන් නේද?


ඔව්. මුලින්ම මම සින්දු ලිව්වා. ඒ වගේම අලුත් ගීතවලට ගයිට්ලයින් එක දැම්මා. ආයෙත් වරක් ගීතයට ගයිට් එක දාන්න මට අවස්ථාව දුන්නේ ළහිරු අයියා. (ළහිරු මුදලිගේ) එදා මම කඩිමුඩියේ ඇවිත් විනාඩි 20ක් තුළදී තමයි ඒ ගීය ගැයුවේ. ඒක අහලා ළහිරු අයියා කිව්වා මේක වෙන ගායකයකුට දෙන්න ඕන නෑ. මේක ඔයාටම හොඳයි කියලා. ඊට පස්සේ මම කිව්වා එහෙනම් මීට වඩා හොඳට මේ ගීය ගයන්නම් කියලා. ඒත් ළහිරු අයියා ඒකට කැමැති වුණේ නෑ. මම ගයිට් ලයින් එකට ගාලු ගියාම තමයි එළි දැක්වූයේ.


සඳුන්ගේ සාමාන්‍ය තොරතුරු කතා කළොත්?


මම මොරටුවේ. මුලදී ඉගෙන ගත්තේ සොයිසා නවෝද්‍යා මහා විදුහ‍ලේ. උසස් පෙළ හැදෑරුවේ කොළඹ නාලන්දා විදුහලෙන්. වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාල වරම් ලැබුවත් මම කැමැත්තෙන්ම විශ්වවිද්‍යාල ගමන නවතා දැමුවා. අපි සාමාන්‍ය පවුලක් කියනවාට වඩා දුගී දුප්පත් පවුලක් කිව්වත් වැරදි නැහැ. තාත්තයි අම්මයි දෙන්නාම රැකියාව කළේ ගාමන්ට් එකක. ඔය අතරේ ආර්ථික ප්‍රශ්න හින්දා තාත්තා රට යන්න හැදුවා. ඒත් තාත්ත අහුවුණේ බොරුකාරයකුට. ලක්ෂ ගණනක් ණයවෙලා වංචාකාරයකුට තාත්තා අහුවුණාම අපි එදා වේල කන්න නැති තරම් අසරණ වුණා. ඒ නිසයි මම කැම්පස් යාම නතර කළේ. මම පවු‍ලේ එකම පිරිමි දරුවා. අක්කයි නංගියෙකුයි ඉන්නවා. සාමාන්‍ය පෙළ කරන කා‍ලේ මම හවස් වරුවේ කොමියුනිකේෂන් එකක වැඩ කළා. පාසලින් ඉවත් වෙලා කැසිනෝ ක්ලබ් එකක වැඩ කළා. මේ වෙද්දී අක්කා විවාහ වෙලා. මම නංගිට ඉහළම අධ්‍යාපනය ලබාදෙනවා. අම්මයි තාත්තයි රැකියාවෙන් ඉවත් කරලා ඒ අයට සතුටින් ජීවත් වෙන්න ඉඩ සලසලා තියෙනවා. මේ හැමදෙයක්ම මට කරන්න පුළුවන් වුණේ දෙවියන් මට දීපු කටහඬ නිසයි. මම අද ජීවත් වෙන්නේ ගොඩාක් සතුටින්.


ඔබ බිරිඳ ගැන හෙළි නොකරන්නේ රසිකාවියන්ගේ ආදරේ අඩුවේවි කියලා හිතාගෙනද?


මගේ බිරිඳ මානසික වෛද්‍යවරියක්. නෙදර්ලන්තයේ තමයි රැකියාව කරන්නේ. මාස කිහිපයකට වතාවක් ලංකාවට එනවා. බිරිඳගේ නම හෙළි නොකරන්නේ වෙන හේතුවක් හින්දා. දරුණු කප්පම් කල්ලියක් ඇයව ලුහුබඳින්න ගත්තා. ඒ ඇගේ සැමියා ජනප්‍රිය ගායකයෙක් නිසා. මේ කප්පම් කල්ලිය ඉන්නේ වේයන්ගොඩ. සුරතල් මසුන් අලෙවිකරන ස්ථානයක් විදිහට තමයි ඔවුන්ගේ තිප්‍පොළ පවත්වාගෙන යන්නේ. ඒත් යටින් යන්නේ වෙන දෙයක්. මේ අය කඩවසම් තරුණයන් යොදලා සල්ලිකාර ගෑනු ළමයි යාළු කරගෙන ඒ ගෑනු ළමයින්ගෙන් කප්පම් ගන්නා බව පසුව දැනගන්න ලැබුණා. ඒ වගේ දේකට අසුවෙලා මානසිකව වැටුණු ගෑනු ළමයෙක් මගේ බිරිඳගෙන් මනෝ වෛද්‍ය උපදෙස් ගත්තා. මගේ බිරිඳ ඒ ළමයාට ප්‍රතිකාර කරලා කප්පම් මුදල ගෙවලා ගෑනු ළමයාව බේරගත්තා. ඇය මගේ බිරිඳ බව දැනගෙන සල්ලි ගරන්න හිතාගෙන ඒ අය දිගින් දිගටම මගේ බිරිඳ ලුහුබඳින්න පටන්ගත්තා.

ආරියවංශ කුලතිලක




Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook