Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අපිට විශාල අභියෝගයක් තියෙනවා
නායක දිනේෂ් චන්දිමාල්


නව සැලසුම් මගින් පරාජයෙන් ගොඩ ඒමට මාන බලමින් සිටින ශ‍්‍රී ලංකාව අද (01 දා) ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයට කැන්බරා හී පිහිටි මනුකා ඕවල් කී‍්‍රඩාංගණයේදී සහභාගි වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බල ඇණියේ සිටි නුවන් ප‍්‍රදීප්, ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීරද ආබාධ හේතුවෙන් තරගාවලියෙන් මේ වන විටත් ඉවත්ව තිබේ. ඒ අතරවාරයේදී සුරංග ලක්මාල්ද ආබාධයකට ලක්වීම මත ඔහුට අද තරගය ක‍්‍රීඩා කිරීමට හැකිවීම සම්බන්ධයෙන්ද පැවතියේ දෙගිඩියාවකි. ‘ඔහුගේ තත්ත්වය අපි පරීක්‍ෂා කරමින් සිටිනවා.’ යැයි ශ‍්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.


ශ‍්‍රී ලංකාව අවසන් වරට සහභාගි වු ටෙස්ට් තරග හයෙන් පහක්ම පරාජයට පත්වු අතර මෙම තරගය ජය ගැනීමටද නොහැකි වුවහොත් පිට පිටම ටෙස්ට් තරගාවලි තුනක් (එංගලන්තය 3-0, නවසීලන්තයට 1-0, ඔස්ටේ‍්‍රලියාවට) පරාජයට පත්විය.

‘අපි පිතිකරුවන් හත්දෙනකු සහ පන්දු යවන්නන් සිව්දෙනකු සමග ක‍්‍රීඩා කරනවා. අපිට අවශ්‍යයි ලකුණු 300 සීමාව පන්නා යෑමට. හැමදෙනාම දන්නවා කරන්න අවශ්‍ය මොකද්ද කියලා.’ යනුවෙන් ශ‍්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් අද තරගයේදී 22 හැවිරිදි වේග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන චාමික කරුණාරත්න ටෙස්ට් වරම් ලැබීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඔහු ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගවලදී පන්දු යවන්නකු සහ පිතිකරුවකු ලෙස දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ජාතික කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට සමත්ව තිබේ.

කොළඹ රාජකීය විදුහල නියෝජනය කළ චාමික ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම, නැගී එන කණ්ඩායම සහ එන්.සී.සී. ක‍්‍රීඩා සමාජ නියෝජනය කර තිබේ. ඔහු පළමු පෙළ 

තරග 29 කදී ශතකයක් සහ අර්ධ ශතක හතක් සමග මුළු ලකුණු 998 ක්ද පන්දු යවමින් 59 ක්ද බිඳ දමා තිබේ. 

‘අපි මේ ක‍්‍රීඩාවේදී පාලනය කළ හැකි දේ ගැන අවධානය යොමු කළ ඒවා පලනය කළ යුතුයි. අපිට විශාල අභියෝගයක් තියෙනවා. අපේ ගැටලූ විසඳා ගන්නේ කෙසේද කියා අපි සාකච්ඡුා කළා.’ යැයි චන්දිමාල් වැඩිදුරටත් පවසයි.

1929 දී සාදන ලද කැන්බරා මනුකා ඕවල් ක‍්‍රීඩාංගණයේ පවත්වන මංගල ටෙස්ට් තරගය වශයෙන්ද මෙම තරගය ඉතිහාසයට එක්වේ. මනුකා ඕවල් ක‍්‍රීඩාංගණයේදී මෙතෙක් පවත්වා ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග නවයක් පමණි. ශ‍්‍රී ලංකා කණ්ඩායමක් පළමු වරට මෙම ක‍්‍රීඩාංගණයේදී තරග වදින අතර ඔස්ටේ‍්‍රලිනුවන්ද මනුකා ක‍්‍රීඩාංගණයේදී සහභාගි වී ඇත්තේ එක්දින තරග හතරකට පමණි.

ඔස්ටේ‍්‍රලියානු ටෙස්ට් සංචිතය

ටිම් පේන් (නායක), ජෝ බර්න්ස්, පැට් කමින්ස්, මාර්කස් හැරිස්, ටේ‍්‍රවිස් හෙඞ්, උස්මන් කවාජා, මාර්න්ස් ලැබ්ස්චේන්ජ්, නෙදන් ලයන්, කර්ටිස්, පැටර්සන්, විල් පුකොස්කි, මැට් රෙන්ෂෝ, ජායි රිචඞ්සන්, පීටර් සිද්ලි, මිචෙල් ස්ටාර්ක්, ජෝස් හෙසල්වුඞ්, 

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක*, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, කසුන් රාජිත, සධීර සමරවික‍්‍රම, ලක්ෂාන් සඳකැන්, රොෂේන් සිල්වා, චාමික කරුණාරත්න

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook