Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්වූ කෙරවලපිටිය LNG (ස්වාභාවික ද‍්‍රව වායු) බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව චීන සමාගමක් වෙත ලබාදීම සදහා එළඹෙන 12 වනදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැුස්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට විශයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා සැරසෙන බව ලංකාදීප, දිවයින ඇතුලු ජාතික පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය කිහිපයක් අද වාර්තා කර තිබේ. 

ටෙන්ඩර් කැදවීමේදී දක්වා තිබූ සියලූ කොන්දේසීන් බැහැර කරමින් අමාත්‍යංශ ලේකම් බී.එම්.එස් බටගොඩගේ නිර්දේශයන් මත සැකසූ නවතම පිරිවිතරයන් රැුසක් සැලකිල්ලට ගනිමින් මෙම කැබිනට් පත‍්‍රිකාව සකසා ඇතැයි අමාත්‍යංශ ආරංචිමාර්ග තහවුරු කර ඇත.

හෙට දිනයේදී ජනාධිපති, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙම යෝජනාව සම්මත කලහොත් රටට රුපියල් මිලියන 75,000 මූල්‍ය පාඩුවක් සිදුවන බව විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයෝ ප්‍රකාශ කර තිබේ.

මෙම ටෙන්ඩරය කැදවීමේදී එහි පැවති ප‍්‍රධානම තාක්ෂණික කොන්දේසියක් වූයේ බලාගාරය ඉදිකිරීමෙන් පසුව පළමු වසර තුන ඞීසල් බලාගාරයක් ලෙස ක‍්‍රියාත්මක විය යුතු බවත් වසර තුනකින් පසුව එය ස්වාභාවික ද‍්‍රව වායු (LNG) බලාගාරයක් ලෙස ජනන කටයුතු සිදුකල යුතු බවත්ය.

නමුත් හෙට (12) වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව අනුව මෙම බලාගාරය ආරම්භ කරන දිනයේ සිටම ස්වාභාවික ද‍්‍රව වායු වලින් විදුලි ජනනය කල යුතුය.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව එක්වරම විදුලිබල අමාත්‍යංශය මෙම කොන්දේසිය පැනවීම මත සිදුවන ඇතිවන ප‍්‍රධානම ගැටලූකාරී තත්වයන් මෙසේය,

1. බලාගාරය ආරම්භ කල දින සිටම එය එල්.එන්.ජී මඟින් ක‍්‍රියාත්මක වන්නේ නම් බලාගාරය සදහා ඞීසල් දහන උපකරණ සවි කල යුතු නොවේ. එවිට එක් එක් ටෙන්ඩර්කරුවන් ඉදිරිපත් කර ඇති ඉදිකිරීම් වියදම් විශාල මුදලකින් අඩුවිය යුතුය. එසේම එක් එක් ටෙන්ඩර්කරුවන් විසින් ගෑස් සදහා පමණක් ඉදිරිපත් කර ඇති විදුලි ඒකක ගාස්තු මිළ ගණන්ද(Gas only Tariff) වෙනස් වන අතර බොහෝ විට මේ සදහා අවම මිල ඉදිරිපත් කර ඇති දේශීය සමාඟමත්, දෙවන අවම මිල ඉදිරිපත් කර ඇති චීන සමාඟමත් පරදවා වෙනත් සමාඟමක් අවම මිල ඉදිරිපත් කර තිබීමට සැලකියයුතු ඉඩකඩක් පවතී.

2. මෙවැනි විදුලිබල ව්‍යාපෘතියක ටෙන්ඩරය පිරිනමන අවස්ථාවේදීම ඊට අදාළ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම (Power Purchasing Agreement) සහ ගෑස් සැපයුම් ගිවිසුම (Gas Supply Agreement) අත්සන් කිරීම සිදුකල යුතුය. ශ‍්‍රී ලංකාවේ මෙතෙක් එල්.එන්.ජී ගෑස් සැපයුම්කරුවකු හෝ සැපයුම් පර්යන්තයක් නොමැති නිසාත්, එම පර්යන්තය ඉදිකිරීමට අදාළ ටෙන්ඩරයත් මේ වනවිට ගැටලූ රැුසකට මැදිවී ඇති නිසාත් මෙම බලාගාරයට අදාළව ගෑස් සැපයුම් ගිවිසුමක් අත්සන් කිරීමට් නොහැකිය. එසේ ගෑස් සැපයුම්ක් ගිවිසුමක් නොමැති නිසා මෙම බලාගාරය ඉදිකිරීම සදහා බැංකු ණය පහසුකම් ලබාගැනීමට ටෙන්ඩර්කරුවන්ට නොහැකි වන අතර යම් හෙයකින් බලාගාරය ඉදිකලද එය ක‍්‍රියාත්මක කරවීමට ස්වාභාවික ද‍්‍රව වායු රට තුල නොමැති වනු ඇත. 

රුපියල් බිලියන ගණනක් යොදවා බලාගාරයක් ඉදිකරනුයේ භාවිතා නොකර වසා දමන්නටද? එවිට ජාතික විදුලිබල ඉල්ලූම සපුරාලීමට සිදුවනුයේ හදිසි විදුලි මිලදී ගැනීම් හරහා නොවේද? 

මෙම බලාගාර ටෙන්ඩරය නිසි පටිපාටියෑන් බැහැරව චීනයට පැවරීම සදහා විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ විසින් ක‍්‍රියාකිරීමට එරෙහිව පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතානගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවා ගොනුකල අතර පසුව හාස්‍යජනක ලෙස නව අමාත්‍යවරයා වන රවී කරුණානායක මුණ ගැසී අමාත්‍යංශයේ මාද්‍ය සාකච්ජාවක් පවත්වා පසුදා එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට ක‍්‍රියාකරන ලදි.

මාස කිහිපයක් පුරාවටම එම බලාගාරය චීනයට පැවරීමට එරෙහිව ක‍්‍රියාත්මක වූ සංවිධානයක් රවී කරුණානායක මහතා අමාත්‍යවරයා බවට පත්වූ විගසම එම ටෙන්ඩරය චීනයට ලබදීම සුදුසු බව පවසා මහජනතාව නොමඟ යවමින් නඩුව ඉල්ලා අස්කර ගැනීම කෙතරම් යුක්ති සහගතද? 

කෙසේ වෙතත් මෙම ටෙන්ඩරය චීන සමාගමට පැවරීමට අදාළ තීරණය වළක්වාලමින් රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ටෙන්ඩරය සදහා අවම මිල ඉදිරිපත් කල දේශීය සමාගම (ලක්දනවි) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇති අතර එහිදී ඔවුන් විසින් ඉදිරිපත් කල කරුණු පිළිබඳ සෑහීමකට පත්වූ අභියාචනාධිකරණය වග උත්තරකාර පාර්ශවයන් වන විදුලිබල අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ ඇතුලූ පාර්ශවයන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇතැයිද වාර්තා වී තිබේ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook