Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කර විශ‍්‍රාමික නාවික නිලධාරියකු ඒ සඳහා පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය හිතවතුන්ට සහ හිතවත් සමාගම්වලට රේගු බදු සහන ලබා ගැනීමට නොහැකි වීම නිසා යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රේගු බදු ආදායම අඩුවීම වැළැක්වීමත් මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීමත් සඳහා මෙම පියවර ගත් බවට ආණ්ඩුව සඳහන් කළත් එය සම්පූර්ණ අසත්‍යයක් බව මහලේකම්වරයා ඊයේ (31 දා* ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.


මේ වන විටත් මුදල් ඇමැතිවරයාගේ ලේකම්වරුන් ආණ්ඩුවේ ඇමැතිවරුන් සහ ඉහළ නිලධාරීන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියට සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයට විවිධ බලපෑම් කර බදු සහන ලබා ගැනීමට කටයුතු කර ඇතැයි කී මහ ලේකම්වරයා ඒවාට අවනත නොවීම නිසා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා මෙසේද කීය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කරන්න හදනවා. ඇමැතිවරුන්ගේ හිතවත් සමාගම්වලට, ලේකම්වරුන්ට, ඥාතීන්ට ඕනෑ විදිහට රේගු සහන ලබා දෙන්න. එම නිසා මේ තත්ත්වය වහා නැති කළ යුතුයි. මේ නිසා රජයට අහිමිවන රේගු ආදායම විශාලයි. ආණ්ඩුවේ මෙම තීන්දු තීරණ වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම වහාම අවශ්‍යයි.

වසරකට රජයේ ආදායමට රේගුවෙන් සියයට 35% ක ආදායමක් ලබා දෙනවා. 2019 ජනවාරි අට වනවිට බිලියන 17.58, 2018 බිලියන 920.9 ද, 2017 බිලියන 918.6 ද රේගු ආදායම ලබා දී තිබෙනවා. එහෙත් පසුගිය කාල වකවානුව තුළ රජයට අහිමි වූ රේගු බදු ආදායම රු. බිලියන 131 ද, පෙට‍්‍රල් ඞීසල් අඩු කිරීම තුළ බිලියන 30 කද, රථ වාහනවල එන්ජින් ධාරිතාව මත බදු අඩුකිරීමෙන් රු. බිලියන 4 ද රටට අහිමි වී තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවේ ඉහළ ඇමැතිවරයකුගේ රැුකවරණය මත වියට්නාමයෙන් බාල ගම්මිරිස් ටොන් 2800 ක් කන්ටේනර් 134 ක් බදු නොගෙවා මෙරටට ගෙන්වා මෙරට ගම්මිරිස්වලට කලවම් කර ප‍්‍රතිඅපනයනය කිරීම තුළින් රටට අහිමි වුණ ආදායම ඩොලර් මිලියන 9 ක්. තීරු බදු නොගෙවා ගෙන්වූ පොල්තෙල් මෙ. ටොන් 469 ගෙන්වීම තුළ රු. මිලියන 81.3 අහිමි වුණා. ඒ වගේම ප‍්‍රීමා පිටි ගෙන්වීම තුළ රේගුවට අයවිය යුතු රු. මිලියන 475 රේගුව අය කර ගන්න ගිය විට අගමැති කාර්යාලය බලපෑම මත එය වැළකී ගියා. මේ අන්දමට විවිධ බලපෑම් සහ ඇමැතිවරුන්ගේ සහෝදරයන්ගේ සහ හිතවතුන්ගේ බලපෑම් මත මේවට ඉඩ දෙන ලෙස බලපෑම් කළා. එවැනි තත්ත්වයක් මත රේගු නිලධාරීන් අයින් වීමේ තත්ත්වයක් ඇති වුණා. එම නිසා මොවුන් විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරියකු හරහා මේ ටික කරගන්න හදනවා.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook