Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

යහපත් සහ පිරිසිදු රාජ්‍ය පාලනයක් වෙනුවෙන් තමා විසින් බිහිකළ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි.

2015 ජනවාරි 08 වනදා සිය මැතිවරණ ප්‍රකාශය තුළින් මේ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව ඉතාමත් පිරිසිදු හා පාරිශුද්ධ චේතනාවෙන් මෙන්ම බලාපොරොත්තු රැසක් සම`ග ,පාර්ලිමේන්තුවේ 225 න් 215 දෙනෙකුගේම කැමැත්ත අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා තමා විසින් බිහි කරන ලද බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.


ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සභාව පිළිබ`ද විවාදයට අද (21) පාර්ලිමේන්තුවේ දී එක් වෙමිනි.

19 වන සංශෝධනයට අනුව ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට කටයුතු කළ අතර එහි වගකිම්, ප්‍රතිපත්ති සහ මගපෙන්වීම පිළිබ`ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිළිව ස`දහන්ව තිබුණ ද එම කිසියම්ම කරුණක් මෙතෙක් ඉටු වී නොමැති බව ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේ ය. 

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් ස`දහන් කළේ ස්වාධීන කොමිෂන් සභා පිළිබ`ද තමා පසුගියදා පාර්ලිමේන්තුවේ දි කළ ප්‍රකාශය පිළිබ`ද ඉතා වැරදි අර්ථ කථනයක් ලබාදෙමින් සිදුකරන දැඩි විවේචන  තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පත්කර ඇති විනිසුරුවරුන් පිළිබ`ද තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති අතර තමාගේ ගැටලූව වන්නේ තමා විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන විනිසුරුවරුන්ගේ නම් ප්‍රතික්ෂේප වීම පිළිබ`දව බව ජනාධිපතිතුමා කියා සිටියේ ය. 

යම් විනිසුරුවරයෙකුගේ නමක් ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප වන්නේ නම් එය එසේ වන්නේ ඇයි ද යන්න දැන ගැනීමට එම විනිසුරුවරුන්ට අයිතියක් ඇති බව පැවසූ ජනාධිපතිතුමා තමන්ගේ උසස්වීමක් අහිමිවන අවස්ථාවේ එසේ ප්‍රශ්න කිරීමට කම්කරුවෙකුට පවා ශුද්ධ වූ අයිතියක් ඇති බව  ස`දහන් කළේය. 

මේ හේතුවෙන් එම විනිසුරුවරුන් තුළ ඇතිව ඇති අපේක්ෂා භංගත්වය සහ උසස්වීම් අපේක්ෂාවෙන් සිටින ඉදිරි පිරිස වෙනුවෙන් සාධාරණත්වයෙන් අපක්ෂපාතිත්වයෙන් යුත් ක්‍රමවේදයක් උදෙසා තමා එම මැදිහත්වීම සිදුකළ බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ප්‍රශ්නය කණපිට හරවා තමා පිළිබ`ද වැරදි චිත්‍රයක් මවා පෑමට ඇතැම් පිරිසක් උත්සහ කරන බව කියා සිටියේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සාධාරණත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව සිදු වන්නේ නම් ඒ සදහා නම් ඉදිරිපත් කරන ජනාධිපතිවරයාට ද ඒ පිළිබ`ද දැන ගැනීමට අයිතියක් තිඛෙන නමුත් මේ වන තෙක් එම නම් ප්‍රතික්ෂේප වීම පිළීබ`දව කිසිදු අවස්ථාවක තමා දැනුවත් කර නොමැති බව  ජනාධිපතිතුමා පැවසීය. එසේම ව්‍යවස්ථා සභාවෙන් මාස 03 කට වරක් තමා වෙත වාර්තාවක් ලැඛෙන නමුත් එම කරුණ පිළිබ`ද කිසිවක් එහි පැහැදිළිව ස`දහන්ව නොමැති බව ජනාධිපතිතුමා ස`දහන් කළේය. 

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන තුනම ව්‍යවස්ථා සභාවෙන් පාලනය වන තත්ත්වයක් අද දක්නට ලැඛෙන බව ද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ව්‍යවස්ථා සභාවක් කි්‍රයාත්මකවීමේ දී කිසිදු අවස්ථාවක එය විධායක ජනාධිපතිවරයාගේ බලතල අභිබවා කි්‍රයාත්මකවීමක් සිදු නොවිය යුතු බව ද ප්‍රකාශ කළේය. 

19 වන සංශෝධනය හරහා බිහි වූ අනෙකුත් සුජාත දරුවන් වන්නේ ස්වාධීන කොමිෂන් සභා බව පැවසූ ජනාධිපතිතුමා එය වැරදි පාරේ යන්නේ නම් යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන සමාජය බලාපොරොත්තු වන අරමුණු ඉටු නොවන බව ද කියා සිටියේය.

ලොව කිසිදු නායකයෙකු සිදු නොකළ අන්දමින් බලයට පත් වූ පසුව තම බලය දන් දුන් මෑත යුගයේ එකම නායකයා තමා බව පැවසූ ජනාධිපතිතුමා තමා එසේ සිදු කළේ යහපත් රාජ්‍ය පාලනයක් පිලිබ`ද අරමුණු ඉටුකර ගැනීමේ ඉතා පවිත්‍ර චේතනාවෙන් බවත්, ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබ`ද උත්තරීතර පාර්ලිමේන්තුවේ තීරණය කුමක් වුව ද එදා මෙන්ම අද දවසේ ද තමා ඊට එක`ග බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් ස`දහන් කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook