Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා මුදා ගැනීම සඳහා එරට නීතිඥවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇත.

නීතිඥවරුන්ගේ සහාය ලබා ගෙන ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් නිදහස්වීමට මධුෂ් ඇතුළු කල්ලිය රුපියල් කෝටි ගණනින් මුදල් වැය කරන බවද ඩුබායි දේශයෙන් ලැබෙන ආරංචිමාර්ග කියා සිටියේය.

මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් බේරා ගැනීම සඳහා ඉන්දීය නීතිඥවරුන් ප‍්‍රමුඛ තවත් රටවල් කීපයක නීතිඥයන් සම්බන්ධ වී සිටින බවද වාර්තා වෙයි.

මෙම නීතිඥයන්ගේ සහාය ලබාගෙන මධුෂ් බේරා ගැනීමේ කටයුතු සම්පාදනය කරන්නේ ඔහුගේ අනියම් බිරිඳ සහ එරට සැ`ගවී සිටින පාතාල සාමාජිකයන් පිරිසක් විසින් බවද හෙළිවී ඇත.

මේ අතර ඔවුන් බේරා ගැනීමේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා මෙරට සිටි ඔහුගේ ගෝලබාලයන් කීප දෙනකුද ඩුබායි දේශයට ගොස් ඇති බව වාර්තා වෙයි.

මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු කළුතර බන්ධනාගාරයේ රාජකාරි කළ බව කියන බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියකු, රාජ්‍ය තාන්ති‍්‍රක විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති පුද්ගලයකු සහ දකුණේ ප‍්‍රාදේශීය සභාවක මන්ත‍්‍රීවරියක සිටින බවට තොරතුරු ලැබී තිබිණි. ඊට අමතරව කොළඹ කෙසෙල්වත්ත, මාලිගාවත්ත, මාකඳුර, කඹුරුපිටිය ඇතුළු තවත් ප‍්‍රදේශ කිහිපයක පාතාල කල්ලි සාමාජිකයන් 15 දෙනකු සහ ව්‍යාපාරිකයන් පස් දෙනකුද මධුෂ් සමග සිටියදී අත්අඩංගුවට ගත් බව පැවසේ.

එහෙත් මේ පිළිබඳව ඩුබායි පොලිසිය තහවුරු කිරීමක් කර නොමැත. පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසුවේ මධුෂ් සමග අත්අඩංගුවට පත්වූවන් අතර සිටින මෙම පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාදී තිබුණේ ඩුබායිහි සිටින විවිධ පුද්ගලයන් විසින් බවය. එබැවින් මෙසේ ලැබුණු තොරතුරු කිසිවක් නීත්‍යානුකූල නොවන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර මධුෂ් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන්ගේ ඡුායාරූප මෙරට මාධ්‍ය ඔස්සේ පළවීම පිළිබඳවද ඩුබායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම ඡුායාරූප ඩුබායි පොලිසිය මගින් ලබාගත් අතර අත්අඩංගුවේ සිටි සැකකරුවන් හඳුනා ගැනීමට ඒවා තම ඔත්තුකරුවන්ට ඩුබායි පොලිසිය ලබාදී තිබිණි.

එසේ ලබාදුන් ඡුායාරූප ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය වෙත ගියේ කෙසේද යන්න සොයා ඔවුන් විමර්ශන ආරම්භ කර ඇති බව ඩුබායි දේශයෙන් ලැබෙන ආරංචිමාර්ග පවසයි.

මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ දියණියගේ උපන් දින සාදය ඩුබායි හි තරු හයේ හේටලයක පැවැති අතර එයට කඩාවැදුණු එරට පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුවන් සතුව තිබී කොකේන් සහ ගංජා තොගයක්ද පොලිසිය සොයාගෙන තිබුණි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජනප‍්‍රිය ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත‍්‍රයා ඇතුළු තවත් තරුණ ගායකයන් හය දෙනකුද සිට ඇත.

මේ වන විට මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් එරට බන්ධනාගාරයක රඳවා සිටින අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook