Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසෙන් ඩුබායි පොලිසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මත තවත් 06දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාරතා වේ.

ඒ අනුව මේ වනවිට 31 දෙනෙකු එරට පොලිස් භාරයේ පසුවේ.

ඔවුන්ගේ මුත්‍ර සාම්පල් පරීක්ෂාව අනුව අනුව ඔවුන් සියළු දෙනමා විස මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට වාර්තා වන බවත් ඔවුන් සියලුදෙනාගේම රතු පැහැ ප්‍රතිශතයන් වාර්තා වන බවත් අනාවරණය වී තිබේ.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති අනුව ඔවුන් වරදකට හසුව ඇති බැවින් එරට නීතිය අනුව ඔවුන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් වාර්තා වේ.

 මේ අතර මදූෂ් ඇතුළු සැකකරුවන් රුධිර පරීක්‍ෂාවකට යොමුකර තිබෙනවා.

එම සැකකරුවන් අල් රෆා පොලීසියට රැගෙන ඒමෙන් පසු අල් රෆාහි රෝහලකදි රුධිර පරීක්‍ෂාවකට යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තහනම් ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා එලෙස රුධිර පරීක්‍ෂාවකට යොමුකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා. එම පරීක්‍ෂාවේදී සැකකරුවන් අතර සිටින යම් අයෙකු තහනම් ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අනාවරණ වුවහොත් ඔවුන් මෙරටට ගෙනඒමේ හැකියාවක් නොලැබෙනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ, තහනම් ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන්ට එරෙහිව එරට නීතිය යටතේ ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවීම හේතුවෙන්. තහනම් කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධ අයෙකු වුවද තහනම් ද්‍රව්‍යය සම්බන්ධයෙන් වන චෝදනා නොමැති නම් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.

මදූෂ් ඇතුළු පිරිස මේ වනවිට අල් රෆා සහ මුරකාබාද් යන පොලිස් ස්ථානවල රඳවා සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලින් අනතුරුව ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වයන් සලකා බලනු ඇති.

මේ අතර අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයට පැමිණ ඇත්තේ ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් බවද හෙළි වී තිබෙනවා. මෙරට පුද්ගලයෙකුට අයත් විදෙස් ගමන් බලපත‍්‍රයක් සහ පාකිස්තාන විදෙස් ගමන් බලපත‍්‍රයක්ද ඔහු සතුව ඇති බවයි වාර්තා වන්නේ.

මාකදුරේ මදූෂ් මීට පෙර අවස්ථා දෙකකදීද ඩුබායි රාජ්‍යයේදී මෙවැනි සාද පවත්වා ඇති අතර එම අවස්ථාවලදීද මෙරට කලාකරුවන් කිහිපදෙනෙකු එම සාදවලට එක්වී ඇති බවටයි තොරතුරු අනාවරණ වුණේ.

එමෙන්ම මීට පෙර ඩුබායිහි පැවති සාදවලට එක්වූ කලාකරුවන්ට මුදල්වලට අමතරව මාකදුරේ මදූෂ් විසින් නවීන පන්නයේ ජංගම දුරකතන ඇතුළු වටිනා ත්‍යාග ද පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මාතර වැලිගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු වන සන්ෂයින් සුද්දා නමින් හඳුන්වන පුද්ගලයෙකුද සැකකරුවන් අතර සිටින බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook