Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සමාජයේ දිනෙන් දින වර්ධනයවන මනුෂ්‍ය ඝාතන, අපචාර ,මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් වැනිදේ මර්ධනය කිරීම සඳහා අයුක්තියට අසාධාරණයට මැරබලයට හිසනොනමන නිර්භිත නිළධාරීන්ගෙන් සමන්විත විශේෂ කාර්ය බලකායට තිබෙන ශක්තිය ගැන ජනතාවට විශාල තක්සේරුවක් ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

විනයගරුක සමාජයක් බිහිකිරීමට දිවිපරදුවට තබා දායක වන විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් දිනක සිය දරු මුණුබුරන්ට පවා ආඩම්බරයෙන් සිහිකල හැකි ජාතික මෙහෙවරක නිරත වන බවද කථානායකවරයා පැවසීය.

කථානායක කරු ජයසුරිය මහතා මේ බව පලකලේ පසුගිය සතියේ විශේෂ කාර්ය බලකායේ 35වන සංවත්සර සැමරුම වෙනුවෙන් කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු මූලස්ථානයේ පැවැති උත්සවය අමතමිනි.

එදාමෙදාතුර විශේෂ කාර්ය බලකායට නායකත්වය දුන් සියළු නිලධාරීන් මෙන්ම සෙසු නිලධාරීන්‍, එය බිහිකිරීමට පුරෝගාමී වූ රවී ජයවර්ධන මහතා සහ ඔහු‍ට දිරිය දුන් ජේ.ආර් ජයවර්ධන , ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයින් ද බ්‍රිතානය එස්.එස් බලකායේ කර්නල් යොකර් වැනි විශේෂඥයන්ද විශේෂ කාර්ය බලකාය පිළිබඳ ගෞරවනීය පරිච්ඡේදයක් ලිවීමට දායක වූ බවද කරු ජයසූරිය පැවසීය

කථානායකවරයා වෙනුවෙන් විශේෂ උත්තමාචාරයක්ද පැවති අතර 35වන සැමරුම නිමිත්තෙන් ඉදිකල පුහුණු නේවාසිකාගාර ගොඩනැගිලි සංකීර්ණයද කථානායකවරයා අතින් විවෘත විය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා,

‘1983 වසරේදී විශේෂ කාර්ය බලකාය බිහි කිරීම ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් සුවිශේෂ සන්ධිස්ථානයක්. එතෙක් එදිනෙදා සිවිල් කටයුතු වලට පමණක් සීමා වී සිටි පොලිසියේ පරාසය විශාල ලෙස පුළුල් වීමක් විශේෂ කාර්ය බලකාය නිසා සිදු වුණා. යුධමය වශයෙන් සහ විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් සහිත පිරිසක් මේ නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළින් බිහි වුණා.විශේෂ කාර්ය බලකාය බිහි කරන 80 දශකයේ මුල් භාගයේදී දේශපාලන වේදිකාවල සහ පෙලපාලිවල ‘එස්.ටී.එෆ් අපට එපා’ , ‘විශේෂ කාර්ය බලකාය විසිරුවනු’ ආදී වශයෙන් සටන් පාඨ රැව් පිළිරැව් දුන්නා. නමුත් අද වන විට සමාජයේ ඕනෑම තර්ජනයක් තිබෙන තැනකට එස්.ටී.එ‍ෆ් එක යොදවන්න කියලා ජනතාවම ඉල්ලා සිටිනවා. මීට වඩා සහතිකයක් විශේෂ කාර්ය බලකායට නැහැ කියලයි මම හිතන්නෙ.

ගෙවී ගිය දශක තුනහමාර තුළ විශේෂ කාර්ය බලකාය ජනතාව අතර දිනාගත් විශ්වාසය සහ ගෞරවය ඒ තුළින් පැහැදිලි වෙනවා. විශේෂයෙන් ම යුධ සමයේදී විශේෂ කාර්ය බලකාය නැගෙනහිර මුදා ගැනීමේදී ලබා දුන් දායකත්වය ඉතිහාසයේ සුවිශේෂී සටහනක්. තොප්පිගල, මඩකලපුව, වාකරෙයි, සාම්පූර් වගේ ප්‍රදේශ වල විශේෂ කාර්ය බලකාය තමන්ගේ බලය මැනවින් තහවුරු කරන්න සමත් වුණා. එය ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරන්නට ලබා දුන් අද්විතීය දායකත්වයක්.

එදා 60 දෙනෙකුගෙන් ආරම්භ කළ විශේෂ කාර්ය බලකාය අද විශාල පිරිස් බලයක් සහිත ඉතාම උසස් විනයක් වගේම, ක්ෂේත්‍රයන් ගණනාවක විශේෂඥ දැනුමක් සහ යුධමය වශයෙන්ද ශක්තිමත් පරිපූර්ණ ආරක්ෂක අංශයක් ලෙස දියුණු වී තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය සතු හැකියාව සහ විශේෂඥභාවය ලෝකය පුරාම විශාල කීර්තියක් අත්පත් කර ගෙන තිබෙනවා.

ඒ නිසාම තමයි 2008 වසරේදී බීජිං ඔලිම්පික් උළෙලේ විශේෂ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනුණේ. එය ලෝක මට්ටමින් විශේෂ කාර්ය බලකායට ලැබුණු මහත් ගෞරවයක් සහ හොඳ සහතිකයක් ලෙස සඳහන් කරන්න පුලුවන්. ආරක්ෂක අංශයක් අවි බලයෙන්, පිරිස් බලයෙන් ශක්තිමත් කිරීම පහසුයි. නමුත්, රාජකාරියට ඇති කැපවීම, මාතෘ භූමිය කෙරෙහි ඇති හැඟීම සහ පරාර්ථකාමීත්වය වැනි උතුම් ගුණාංග තුළින් හමුදාවක් සන්නද්ධ කිරීම අපහසුයි.

නමුත් විශේෂ කාර්ය බලකාය ඒ සෑම අංශයකින්ම පරිපූර්ණ ආරක්ෂක අංශයක් ලෙස අපි කාගේත් ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.මේ ගෙවී ගිය දශක තුනහමාර තුළ යුධ බිමේදීත්, විවිධ මෙහෙයුම් වලදීත් මාතෘ භූමිය වෙනුවෙන් ස්වකීය ජීවිත පූජා කළ විශේෂ කාර්ය බලකායේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරන්නටත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා’

– චමින්ද ගමගේ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook