Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ අසරණ රෝගී ජනතාවට පසුගිය වසර 04 පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සේවාවේ වංචා දුෂණ සෙවීම සදහා විශේෂ කොමිසමක් පත්කිරීමේ යෝජනාවට බිය නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ජනාධිපති සිරිසේන අතර පැවැති සාකච්ඡාවක දී විශේෂ කොමිසමක් පත් කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය හමුවේ සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා,

“ජනාධිපති කොමිසන් සභා මීට පෙර විශාල සංඛ්‍යාවක් පත් කර තිබෙනවා. මම කියන්නේ කොමිසන් සභා එකක් නොවෙයි දහයක් පත් කරන්න ඕනෑම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න මම එතකොට පෙන්වන්නම් අසරණ රෝගීන් වෙනුවෙන් මම කරපු දේවල්.

ඔය කොමිසමේ සාමාජිකයින් මොළේ තියෙන අය සිටී නම් තේරුම් ගනියි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තරම් වැඩ කරපු අමාත්‍යවරයෙක් හිටියා ද කියලා. දුම්කොළ පාලනය සදහා බදු පැනවීම, පැණිබිම වර්ග වලට වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වාදීම සහ බදු පැනවිම ඇතුලු වැඩපිළිවෙල පිළිබදව වෛද්‍යවරුන් හොදින්ම දන්නවා.

දේශපාලන අර්බුදය පැවැති දින 53 ක කාලය තුල දී ඊනියා අග්‍රාමාත්‍යවරයා විසින් පැණිබීම වලට පනවා තිබු බදු අඩු කරන විට ඇතැම් වෛද්‍ය සංගම් වලට කර ගන්න දෙයක් නැති වුනා. වෙනත් වෛද්‍ය සංගම් විරෝධය පළ කල නිසා මෙම වෛද්‍ය සංගමයත් විරෝධයක් පළ කලා. නැතිනම් එම වෛද්‍ය සංගමයට ප්‍රශ්නයක් නැහැ. ජනතාව බෝනොවන රෝග වලින් ආරක්ෂා කර ගැනීමට ඔවුන් අවශ්‍යතාවයක් නැහැ.

ඖෂධ වර්ග 73 ක මිල අඩු කිරීම, හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් මිල අඩු කිරිම, අක්ෂි කාච මිල අඩු කිරීම, පිළිකා රෝගීන්ට ජිවිත කාලයටම ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබාදිම, ඖෂධ හිඟයකින් තොරව රෝහල් වලට සැපයීම, නොමිලේ අක්ෂි කාච සහ ස්ටෙන්ස් රෝගීන්ට ලබාදීම ඇතුලු රෝගී සත්කාරක සේවාවන් රැසක් මා විසින් පසුගිය වසර 04 පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.

ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංව්ධානය, යුනිසෙෆ් සංවිධානය මෙම වැඩපිළිවෙල අගය කරමින් වාර්තා නිකුත් කර තිබෙනවා.

එම වාර්තා ද එම කොමිසමට ඉදිරිපත් කළ යුතුයි. බිල්ගේටිස් මහතා ගාසියා මිසෙල් මහත්මිය, පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් පැට්ට්‍රීසිටා ස්කොට්ලන්ඩ් මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, බ්‍රිතාන්‍ය යේ වෛද්‍ය සඟරා මෙම වැඩපිළිවෙල අගය කරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. මුළු ලෝකයම අපේ සෞඛ්‍ය සේවාව අගය කරන විට අපේ වෛද්‍ය ක්ෂේත්‍ර යේ කිහිප දෙනෙක් එකතුව ඊට විරුද්ධව කටයුතු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගිය වසර 04 මෙන්ම ඊට පෙර ද සිදු වූ වංචා දුෂණ පිළිබදව පරික්ෂණ පැවැත්වීම ද කාලෝචිතයි.”

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook