අලුත් අවුරුද්ද ලබන්නට පෙර 31 වැනිදා හැන්දෑවේ සිටම මොවුහු මත්පැන් පානය කළහ. විදේශීය කාන්තාව ද හොඳ පදමට බිව්වාය. රියැදුරා ද සීමාවක් නොමැතිව බී පසුව විදේශිකයා සමඟ ආරවුලක් ද ඇති කර ගත්තේය. අවසානයේ සමනළ වැව පොලිස් මුරපළේ ස්ථානාධිපති උ. පො. ප. ලෝරන්ස් ප්‍රනාන්දු මහතාට මෙම ආරවුල විභාග කරන්නට සිදු වූයේ විදේශිකයාගෙන් ලද පැමිණිල්ලක් මතය. කෙසේ හෝ ඔහු පැමිණිලි කර ඇත්තේ බීමත් රියැදුරා තම බිරිඳට අතවර කිරීමට තැත් කළ බව සඳහන් කරමිනි.