Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකු ඉදිරියේදී සෘජුව දේශපාලනයට එක්වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි

ඒ අතර සිරිසේන ජනාධිපතිගේ සහෝදරයකු වන කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ද සිටින බව වාර්තා වන අතර ඔවුන් දේශපාලනයට ගැනීමට සූදානම් වන්නේ ජනාධිපති සිරිසේන ශ්‍රීලනිප අභ්‍යන්තරයේ හුදකළාවීම වළකා බලය ශක්තිමත් කරගැනීමට බවද එම ආරංචිමාර්ග පවසයි.


වාර්තා වන ආකාරයට දැනටමත් චතුරිකා සිරිසේන වෙනම මාධ්‍ය ඒකක පිහිටුවා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යොදාගෙන දේශපාලන ආගමනය වෙනුවෙන් වටපිටාව සකසා ගනිමින් සිටින අතර ඩඩ්ලි සිරිසේනද ප්‍රසිද්ධියේ දේශපාලන අදහස් දැක්වීම ආරම්භ කර ඇත.




ඩඩ්ලි දේශපාලනයට

මේ අතර ඊයේ (01) පැවති උත්සවයක් අමතමින් ඩඩ්ලි සිරිසේන පවසා ඇත්තේ සමහර දේශපාලනඥයින් මුදලට ගිජුකම නිසා රට පාවාදෙන තත්වයට පත්ව ඇති බවත් ඊට එරෙහි සටනට නායකත්වය දීමට තමන් සූදානම් බවය.

තමන් දන්නා දේශපාලනයට අනුව මේ රට කොටස් 9කට, පළාත් 9කට වෙන් කිරීමේ අතිමහත් සැලැස්මක් ක්‍රියාත්මක වන බවත් ඊට එරෙහි සටනට, රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් නායකත්වය දීමට තමන් සූදානම් බවත් තමන්ගේ මේ ප්‍රකාශයම යම් ප්‍රශ්නකාරී එකක් විය හැකි නමුත් තමන් කිසිදු ප්‍රශ්නකයට බිය මිනිසෙකු නොවන බව ද එහිදී ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook