Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ආණ්ඩුව පිස්සු ‌කෙළියි
පිළිකා රෝගියෝ අසරණ වෙති

රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රමාදය හේතුවෙන් රාජ්‍ය රෝහල් අර්බුදයකට මුහුණ දී ඇත. මෙම තත්ත්වය නිසා පිළිකා රෝගීන්ට ලබාදීම සඳහා ප්‍රමාණවත් ඖෂධ රෝහල්වල නොමැති බවත් එම ඖෂධ ලැබෙන්නේ කවදාද යන්න නිශ්චිත නැති බවත් වාර්තා වේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ කමිටුවේ කටයුතු හේතුවෙන් ටෙන්ඩර් කැඳවීමේ මණ්ඩලවලට පත් කිරීම් එලෙස ප්‍රමාද වී තිබේ. නිල වශයෙන් පත්වීම් කරන තෙක් ටෙන්ඩර් මණ්ඩල අක්‍රීයව පවතී. 

මේ නිසා පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මිලදී ගැනීම ප්‍රමාද වී තිබේ. 
ටෙන්ඩර් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම ප්‍රමාද වීම නිසා රට පුරා සිටින පිළිකා රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබාදීම කල් දැමීමට සෞඛ්‍ය බලධාරීන්ට සිදුව ඇතැයි ද නිලධාරීහු කියති. 

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නොමැති වීම හේතුවෙන් මෙම අර්බුදය තවත් උග්‍ර වී තිබේ. 

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 144 වැනි විධායක කමිටු රැස්වීමට සහභාගී වී සිටී. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන බදාදාය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීහු රැසක් ද එම විධායක කමිටු රැස්වීමට සහභාගී වී සිටිති. 

ඖෂධ බෙදා හැරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවටය. ටෙන්ඩර් මණ්ඩලවලට පත් කිරීම් සිදු කිරීම ප්‍රමාද වීම නිසා අවශ්‍ය ඖෂධ සැපයීම ප්‍රමාද වී ඇති බවත් අදාළ ගෙවීම් නිදහස් කිරීම ද ප්‍රමාද වී ඇති බවත් වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළේය. 

මේ තත්ත්වය හේතුවෙන් මෙරට ප්‍රධානතම පිළිකා රෝහලවන මහරගම ‘අපේක්ෂා’ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට පසුව පැමිණෙන්නැයි පැවැසීමට රෝහලේ බලධාරීන්ට සිදුව ඇතැයි ද වාර්තා වේ. මේ නිසා දුර බැහැර සිට පැමිණෙන රෝගීන් දහස් ගණනකට නැවත හැරී යෑමට සිදුව තිබේ. 

ටෙන්ඩර් ක්‍රියාපාටියේ තිබෙන ගැටලු නිසා සැපයුම් ප්‍රමාද වී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඞ් රූමි මහතා පැවැසීය. 

“දින 52 දේශපාලන අර්බුදය නිසා ටෙන්ඩර් කැඳවීම මසකට වඩා වැඩි කාලයකින් ප්‍රමාද වුණා. ඒ වගේම රාජ්‍ය ආයතනවලට අධ්‍යක්ෂවරුන් පත් කිරීමේ ප්‍රමාදය නිසා එය තවත් ප්‍රමාදවෙලා” යැයි ඔහු කීවේය. 

රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී කමිටුවක් ඔස්සේ ඒ සඳහා නම් නිර්දේශ කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දිනෙක නියෝග කළේය. ඒ අනුව ඒ සඳහා ජනාධිපතිවරයා කමිටුවක් ද පත් කළේය. 

තමන් මේ සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බව ද මොහොමඞ් රූමි මහතා කීවේය. එක්සත් ජනපද ඩොලර් බිලියනකට ආසන්න විදේශ ණය ගෙවීමට තිබූ බැවින් ඖෂධ ආනයන කිරීම සඳහා මුදල් ලබාගැනීම ඉක්මන් කළ නොහැකි බව එම නිලධාරීන් පැවැසූ බව ද හෙතෙම කීවේය.

“පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැපයීමට නොහැකි වීම බරපතළ ප්‍රශ්නයක් බව අපි හැමෝම දන්නවා” යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලාල් පනාපිටිය මහතා කීවේය. 

දින 52 දේශපාලන අර්බුදය සැපයුම් ක්‍රියාවලියට අඛණ්ඩව බලාපන බව ද හෙතෙම කීය. මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඖෂධ ලැබෙන තුරු රෝගීන් රෝහල්වලින් මුදා හැරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. 
හැකි පිරිස්වලට ඖෂධ ලබාගන්නැයි ද එම වෛද්‍යවරුන් උපදෙස් දී ඇත. ඇතැම් රෝගීන්ට සතියකට ලබා දිය යුතු ඖෂධවල මිල රුපියල් 8,000 ඉක්මවන බව ද පැවසේ. 

මේ අතර ඖෂධවල තිබෙන හිඟය රෝහලේ කටයුතුවලටද සැලකිය යුතු බලපෑමක් සිදු කර ඇතැයි මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය බුද්ධික කුරුකුලසූරිය මහතා පැවැසීය. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පිළිකාව සිරුර පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමට ද ප්‍රතිකාර කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ඖෂධ ද නොමැති බවත් වෛද්‍ය වෛද්‍ය කුරුකුලසූරිය මහතා කීවේය.

ප්‍රතිකාර ආරම්භ කළ පිරිස්වලට කිසිදු බාධාවකින් තොරව නොනවත්වා ප්‍රතිකාර කළ යුතු බව ද හෙතෙම කීය.

“අපි දානපතියන්ගෙන් ඖෂධ ලබාගන්නවා. එහෙත් රෝගීන් හැමෝටම ප්‍රතිකාර කරන්න ඒවා මදි.“

“රසායනික චිකිත්සාව සඳහා අවශ්‍ය ප්‍රධාන ඖෂධ වර්ගයක් මාසයක් තිස්සේ හිඟයි. ඒ වගේම රාජ්‍ය ආයතනවලට අධ්‍යක්ෂවරුන් පත් කිරීම නිසා ඖෂධ හිඟය තවදුරටත් උත්සන්න වෙලා” යැයි ද හෙතෙම කීවේය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook