Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

“මටත් අල්ලස් දෙන්න කතාකරලා තියෙනවා ක‍්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා. මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවට කියලා තියෙනවා. මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ. මම හිතුවා මේක මට ආපු ලණුවක්ද කියලා මාව අල්ලගන්න. මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණු දේවල් කියලා” යැයි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා තමන්ට අල්ලස් දීමට කළ යෝජනාවක් පසුගියදා හෙළි කළේය.

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට ක‍්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාට අල්ලස් දීමට යෝජනා කළ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සේවය කරන පරිගණක දත්ත විශ්ලේෂකයකුගේ සේවය පසුගිය සතියේ අත්හිටුවනු ලැබීය.

“ඔහු පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වනවා කියලා අයි.සී.සී. එක අපිට දැනුම්දී තිබුණා. ඒ හේතුවෙන් අපි ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කළා. පරීක්‍ෂණය මොකක්ද කියලා අපි දන්නේ නෑ” අදාළ පුද්ගලයාගේ සේවය අත්හිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 

මෙම පුද්ගලයා ජාතික කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂක ලෙස කටයුතු කිරීම නිසා බොහෝ ක‍්‍රීඩකයන් සමඟ ඉතාමත් කිට්ටු සම්බන්ධතා පවත්වන පුද්ගලයෙකි. මොහුට එක දුරකථන ඇමතුමකින් බොහෝ ක‍්‍රීඩකයන් අවශ්‍ය තැනකට ගෙන්වා ගැනීමේ හැකියාව තිබුණු බව බොහෝ දෙනා පවසති. පරිගණක දත්ත විශ්ලේෂකයකු වන මොහු මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකා වයස 19න් පහළ පිලේ සංචාරයක් අතරතුරදී ක‍්‍රීඩකයන් කීපදෙනකු සමඟ හෝටල් කාමරයේ මත්පැන් පානය කළ බවටද චෝදනා එල්ල විය.

ඉතාමත් කඩවසම් ප‍්‍රියමනාප පුද්ගලයකු වන ඔහු පසුගිය කාලයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් රැසක් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් විවිධ ව්‍යාපාර කළ බවද තතු දන්නෝ පවසති. ශ්‍රී ලංකා පිල නියෝජනය කළ දඟපන්දු යවන්නකු සමඟ එක්ව මොහු වාහන ව්‍යාපාරයක් කරගෙන ගිය බවත් පසුව ඔහුටද කොකා පෙන්වීම නිසා අදාළ ක‍්‍රීඩකයාගේ පොලිස් මාමාගෙන් පහර කෑමටද ලක්වූ බවත් දැනගන්නට තිබේ.

“ක‍්‍රීඩා ඇමති මගේ හොඳ ෆිට් එක. ඕන දෙයක් කරලා දෙන්නම්. මේ බලන්න අපි දෙන්නා ඉන්න පොටෝ” යැයි මෙම පුද්ගලයා හිතවතුන්ට පවසා ඇති බවද දැනගන්නට තිබේ. ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසන ආකාරයට මෙය සත්‍ය වශයෙන්ම ක‍්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කිරීමටද, එසේ නැත්නම් ක‍්‍රීඩා අමාත්‍යවරයා අමාරුවේ දැමීමට වෙනත් පාර්ශවයකින් ලැබුණු කොන්ත‍්‍රාත්තුවක්ද යන සැකය මෙහිදී මතුවේ.

කුරුණෑගල ප‍්‍රදේශයේ පාසල් ක‍්‍රීඩකයකු වයස 19 න් පහළ කණ්ඩායමට ඇතුළත් කිරීමට මෙහිදී අදාළ පුද්ගලයා යෝජනා කර ඇති බවත් එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයාට රුපියල් මිලියනයක් ලබාදීමට දුරකථන කෙටි පණ්වුඩයක් ඔස්සේ යෝජනා කර ඇති බවත් දැනගන්නට තිබේ. එය බැංකුවකට සම්බන්ධ වෙනත් ‘ප‍්‍රනාන්දු’ නැමැති පුද්ගලයකුට යොමු කළ යුතු පණිවුඩයක් බවත් වැරදීමකින් හරීන් ප‍්‍රනාන්දු යන නමට යොමු වීමෙන් මෙම ගැටලුව ඇති වූ බවට අදාළ පුද්ගලයා පවසන බවත් දැනගන්නට තිබේ. 

දූෂණ සහ වංචා පිළිබඳව දැනුවත් කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ලබාදුන් සති දෙකක කාලයේදී ප‍්‍රධාන ක‍්‍රීඩකයන් දෙදෙනකු ඇතුළු දහයකට අධික සංඛ්‍යාවක් කරුණු දක්වා ඇති බවද දැනගන්නට තිබේ. ක‍්‍රීඩා ඇමැතිවරයාට අල්ලස් දීමට යෝජනා කිරීමට තරම් හයියක් මෙම පුද්ගලයාට තිබුණේ නම් මොහු ජාතික කණ්ඩායමේ කටයුතු කරන කාලයේ කළ දේවල් පිළිබඳවද සෙවිය යුතුය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තුළ මෙවැනි කෙරුමන් තවත් බොහෝමයක් සිටිය හැකිය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පාලනය ක‍්‍රීඩා අමාත්‍යංශය සතුව ඇති මෙම අන්තර් කාලයේදී ක‍්‍රිකට් ආයතනය සුද්ද කළ හැකිය. 

I සටහන: වරකාගොඩ ගමගේ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook