Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය වික‍්‍රමසූරිය මහතා 2013 අපේ‍්‍රල් මාසයේ ඇමරිකාවේ වොෂින්ටන් සිට ඩුබායි හරහා මත්තලට පියාසර කිරීම ස`දහා විදේශ අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් වෙන් කරගෙන ඇති බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරු (මුල්‍ය අනුකුලතා) බණ්ඩාර රත්නායක මහතා ශී‍්‍රලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (30දා) සාක්ෂි දෙමින් පැවසීය.

එහි බිල විදේශ අමාත්‍යාංශයට යොමු කරන ලෙස වික‍්‍රමසූරිය මහතා දැනුම් දී ඇති බවද එහෙත් එම මුදල තවමත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවා නැති බවද කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කීවේය.

ජාලිය වික‍්‍රමසූරිය මහතා මේ ගුවන් යානය වෙන් කරගෙන ඇත්තේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන්ගේ සහයෙන් බවත් මේ නිසා මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් කරන ලෙස විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටි බවත් සාක්ෂිකරු කොමිසමට කීවේය.

මේ සම්බන්ධයෙන් ජාලිය වික‍්‍රමසූරිය මහතාට එරෙහිව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ නීති අංශය කටයුතු කළේ දැයි ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකාර බණ්ඩාර රත්නායක මහතා කීවේ එසේ නොකළ බවයි.

ජාලිය වික‍්‍රමසූරිය මහතා වර්ෂ 2008 සිට වර්ෂ 2014 දක්වා ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය. එසේම වර්ෂ 2009 දී මාලදිවයින සඳහා තවත් ගුවන් යානයක් වෙන්කරගෙන තිබුණු බවත් මෙයද විදේශ අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව සිදු කර ඇති බවත් මේ අවස්ථා දෙක සම්බන්ධයෙන්ම ශ‍්‍රීලංකන් ගුවන් සමාගම අභ්‍යන්තර විගණනයක් කර නැති බවත් සාක්ෂිකරු කොමිසම් හමුවේ පිළිගත්තේය.

මෙසේ විදේශ අමාත්‍යාංශය රු. මිලියන 9.1 ක මුදලක් වෙන් කරගත් ගුවන් යානා වෙනුවෙන් ශ‍්‍රීලංකන් ගුවන් සමාගමට ගෙවීමට ඇති බවද සාක්ෂිකරු තවදුරටත් කොමිසමට කීවේය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතීඥ මණ්ඩලයක් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටියි.

කොමිසම ඊයේ (30දා) උදේ 10.30ට පමණ කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් රැස්විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook