2020ට ශ‍්‍රීලනිපයෙන් විමුක්තිද?
පොහොට්ටුවෙන් මෛත්‍රීද? ගෝඨා ද?
මීළඟ ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරවීමට පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමග මූලික සාකච්ඡාවක් පැවැත් වී ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.
එම වාර්තාවන් දැක්වෙන්නේ එළැඹෙන වසරේ මුල් මාස කිහිපය ඇතුලත ජනාධිපතිවරණයක් පැවැත්වීම වෙනු ඇති බවත් පොහොට්ටුවේ අපේක්‍ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා සදහා ජනාධිපති නියෝජිතයන් ලෙස ශිරාල් ලක්තිලක හා මලිත් ජයතිලක යන මහත්වරුන් සහභාගි වී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවත් සදහන්ය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප බැසිල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙම වාර්තා සම්පූර්ණයෙන්ම බැහැර කළේය.
තමන් දීර්ඝ කාලයක සිට ශිරාල් ලක්තිලක මහතා මුණගැසී නැති බව සඳහන් කළ ඔහු ඔක්තොම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී පමණක් විනාඩි 05 ක පමණ සාමාන්‍ය කතාබහක් ජනාධිපති මන්දිරයේදී ලක්තිලක මහතා සමග සිදු වූ බව ද සිහිපත් කළේය.
නමුත් කිසිදු අවස්ථාවක ජනාධිපතිවරණයක් පැවැත්වීම හෝ අපේක්ෂකත්වයක් සම්බන්ධයෙන් කිසිදු සාකච්චාවක් තමන් හා ඔවුන් අතර සිදු නොවූ බවද ඔහු සඳහන් කළේය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තීරණය කිරීමට පූර්ණ වශයෙන් බලය ලබා දී ඇති බවත් ඔහු එම තීන්දුව ගැලපෙන ආකාරයෙන් ගනු ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
කෙසේ නමුත් පසුගියදා තමන් ජනාධිපතිවරනයට ඉදිරිපත්වන බව ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේය
ශ‍්‍රීලනිපයෙන් දයාසිරිද? විමුක්තිද?
ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන්ද සූදානම් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
තමන් සූදානම් වන්නේ ජනාධිපතිවරණයට තරග වැදීමට නොව ඉදිරිපත්වන ජනාධිපති අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් වැඩ කිරීමට යයිද ඒ මහතා කියා සිටී.
ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට සූදානම් බවට කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්‍ෂ නායක කාර්යාලයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
ජනාධිපති අපේක්‍ෂකයන් ගැන කිසිවෙකු කලබල විය යුතු නැති බවත් අවශ්‍ය මොහොතේදී එය තීරණය කරනු ඇති බවත් ඔහු පැවසීය.
කෙසේ නමුත් විමුක්ති කුමාරතුංග මහතා ජනාධිපතිවරනයට ඉදිරිපත්වන බවට නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ කසුකුසුවක් ඇති බවට විශ්වාස කටයුකු ආරංචිමාර්ග පවසයි.
කෙසේ නමුත් විමුක්ති කුමාරතුංග මහතා ජනාධිපතිවරනයට ඉදිරිපත්වන බවට නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ කසුකුසුවක් ඇති බවට විශ්වාස කටයුකු ආරංචිමාර්ග පවසයි.