Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් ඉකුත් 20 වන දා ඇමැති මණ්ඩල රැස්වීමක් පැවතියද එදින ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කර නොතිබිණ. එදිනම කෙටි කැබිනට් රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී සිදු කෙරුණේ අතුරු සම්මත ගිණුමට අනුමැතිය ලබා ගැනීම පමණි.

පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ජීවන මට්ටම ඉහළට ගෙන ඒමට දිරිදෙමින් ගමත් - නගරයත් එක සේ දියුණු කරන යෝජනා ඇතුළත් 2019 වසර සඳහා වූ අයවැය සකස් කරලීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය පතා අද (02) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

දිළිඳුකමින් පීඩාවට පත්ව හැමදාම දුක්විඳිමින් සිටින ජනතාව ඉන් මුදාගෙන ආර්ථික හා සාමාජියික ලෙස බල ගැන්වීමට මඟපාදන, දේශීය නව නිෂ්පාදන ජාත්‍යන්තර තලයට ගෙනයෑමට උරදෙන ජනතාවාදී යෝජනාවලින් මෙවර අය වැය සමත්විත කරලීම තම අරමුණ යැයි ද ඇමැතිවරයා විස්තර කෙළේය.

නව වසරේ පළමු වරට අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වන ඇමැති මණ්ඩලයට ජාතික අය වැය සකස් කිරීමට අනුමැතිය ලබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් , නව ඇමැති මණ්ඩලය පත්වීමද පූර්ණ වශයෙන් රැස්වන ඇමැති මණ්ඩලයට එය ගෙන ඒමට හැකිවීම වඩාත් සුදුසු අවස්ථාවක් බවත් ඇමැතිවරයා කීය.

දුප්පත්කමින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමට කැපවන හා දිරිදෙන යෝජනා සමඟ ජනතා සහභාගීත්වයෙන් රටේ යටිතල පහසුකම් නංවන පුළුල් හා කඩිනම් වැඩපිළිවෙළක් මේ වසරේ ඇයවැයෙන් ගෙන එන බව ද ඇමැතිවරයා කීය.

රජයේ නව අයැවැය මේ වසරේ පෙබරවාරි අග හෝ මාර්තු මුල ඉදිරිපත් කිරීමට හැකිවනු ඇත.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook