Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

චූටි චූන් මඩ ගහලා මාව
කවදාවත් වට්ටන්න බැරි වුණා 
 - යුරේනියුරේනි

මම මේ සැරේ සම්මාන උළෙලට යන්නත් නෙවෙයි හිටියේ
ඒත් දෙරණෙන් කතා කරලා කිව්වා අනිවාර්යයෙන් සම්මාන උළෙලට එන්න කියලා


කාලයක ඉඳන් තිබ්බ බලාපොරොත්තුවක් මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලෙදී හැබෑ වුණා නේද?

ඇත්තටම කාලයක් බලාපොරොත්තු වුණා. ඒ වගේම කාලයක් සම්මානයක් ගැන බලාපොරොත්තු රහිතව හිටියා. මොකද නිර්දේශ වුණත් සම්මාන ලැබුණෙ නෑ. ඒත් මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදී ජනප්‍රිය නිළි සම්මානය මට ලැබුණා. හරිම සතුටුයි ඒ සම්මානය ලැබීම ගැන.

මෙවර ජනප්‍රිය නිළි සම්මානය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇත්තේ?

ඇත්තටම මම මේ සැරේ සම්මාන උළෙලට යන්නත් නෙවෙයි හිටියේ. මොකද මම විදේශගත වෙලා ඉඳලා 25 වැනිදා තමයි ලංකාවට ආවේ. මහන්සි නිසා සම්මාන උළෙලට නොගිහින් ඉන්නයි හිටියේ. ඒත් දෙරණෙන් කතා කරලා කිව්වා අනිවාර්යයෙන් සම්මාන උළෙලට එන්න කියලා. මම මගේ කලා ජීවිතය පටන් ගත්තේ දෙරණෙන්. මගේ නමත් සම්මානවලට නිර්දේශ වෙලා තිබුණු නිසා අන්තිම මොහොතේ ඇඳුමක් පටලවාගෙන සම්මාන උළෙලට ගියා.

ඔය කිව්වට ඔච්චර කතා කරන්නේ සම්මානයක සේයාවක් තියෙන නිසා කියලා යුරේනිට හිතෙන්න ඇති?

මට එහෙමත් හිතුණා. සම්මාන තුනකට මගේ නම නිර්දේශ වෙලා තිබුණු නිසා දෙවැනි පාර කතා කරද්දී යන්න තීරණය කළා. රතු පලස ලස්සන කරන්න ලස්සන නිළියෝ ඕනෙනේ. ඒ නිසා මට කතා කරනවදෝ කියලත් හිතුණා. කොහොම වුණත් ඒ ගිය ගමන වැරැදුණේ නැහැ. මෙවර දෙරණ සිනමා රාත්‍රිය මට අමතක නොවන රාත්‍රියක්.

ජනප්‍රිය නිළි සම්මානයක් අතට ගන්න සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වුණා නේද?

ඇත්තටම මේක නිළියක් විදියට මට ලැබුණු පළමුවැනි සම්මානය. අවුරුදු ගාණක් ගියා ඒ සම්මානය ලැබෙන්න. කලාව වෙනුවෙන් දෙයක් කරපු අය අගය කිරීම ගැන දෙරණට මම ස්තුතිවන්ත වෙනවා. මම හැමදාම කලාවට ආදරය කළ ඒ වගේම මට පුළුවන් දේ කලාවට දෙන්න උත්සාහ කළ කෙනෙක්. කරන දෙයට සාධාරණ ඇගයීමක් නැති එක ගැන දුකක් තිබුණා. ඒත් මගේ කැපවීමට උත්සාහයට මෙවර ඇගයීමක් ලැබුණා.

ඔබ දායක වූ පළමු චිත්‍රපටයට මේ සම්මානය ලැබීමත් විශේෂත්වයක්?

ඔව්. මගේ පළමුවැනි චිත්‍රපටය ව්ඪදධ ඹ්ඪමඥ. ඒ චිත්‍රපටය ගැන අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. කාලයක් ගියා ඒ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට එන්න. නමුත් කාලයකට පස්සේ හරි ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුණු ඒ චිත්‍රපටය නිසා මට ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලැබුණා.

යුරේනි ජනප්‍රිය නිළි සම්මානය වගේම තවත් සම්මානයක හිමිකාරියක් වුණානේ. ඒ ගැනත් කියමු?

සමාජ මාධ්‍යවල ජනප්‍රිය නිළිය ලෙසත් මට සම්මානයක් ලැබුණා. නව පරපුරේ නිළියක් ලෙස මට ඉස්සර ඉඳන්ම ප්‍රශංසා කරන්නත් මඩ ගහන්නත් පිරිසක් හිටියා. ප්‍රශංසා කිරීම වගේම මඩ ගැහීම ගත්තත් ඒ දෙකෙන්ම වෙන්නේ ජනප්‍රිය වීම. මම ඒ දෙකම දැක්කේ සුබවාදීව. ඒ නිසා සමාජ මාධ්‍යවල මාව කතා බහට ලක්වෙන චරිතයක් වුණා.

මඩ වැදෙද්දි ඒක සුබවාදීව දකින්න යුරේනි පුරුදු වුණේ කොහොමද?

මාව කවුරු හරි එක පාරක් වැට්ටුවොත් මම වැටි වැටී හරි නැඟිටින කෙනෙක්. මම උත්පත්තියෙන්ම ඒ ශක්තිය ගෙනත් තියෙනවා. චූටි චූන් මඩ ගහලා මාව කවදාවත් වට්ටන්න බැරි වුණා. මම ඒ මඩ ශක්තියක් කරගෙන ඉස්සරහට ගියා.

මේ දවස්වල හිරු මෙගා ස්ටාර් වැඩසටහන ඉදිරිපත් කරන යුරේනිවත් විවේචනයට ලක් වෙනවා?

මෙහෙමයි මම ඡ්දබඥපබචඪදඥප කෙනෙක්. ජනතාව ඉන්නේ ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා. ඒ වෙහෙසට පත් වුණු ජනතාවගේ මුහුණට හිනාවක් ගේන එක තමයි මමයි ටෙනි අයියයි, බන්දු අයියයි කරන්නේ. මෙගා ස්ටාර්වලින් අපි හරබර සංවාද කරන්නේ නෑ. අපි දාන ගොන් පාට්වලට හිනා වෙලා මිනිස්සු විඩාව මඟහැර ගන්නවා. කොළඹ මිනිස්සුන්ට මොකද්ද මේ කියලා හිතෙන්න පුළුවන්. ප්‍රශ්නවලින් මිරිකුණු මිනිස්සුන්ට පැයකට හරි සතුටක් දෙන්න පුළුවන් වීම පිනක්. විද්වතුන්ට මේවා ගොන් පාට්.

යුරේනි කරන දේවල් විවේචනය කරන්න අය ඕන තරම් ඉන්නවා නේද?

අපිට සියයට සියයක් මිනිස්සුන්ව සතුටු කරන්න බෑ. කොච්චර හොඳ කළත් නරක තමයි අහන්න වෙන්නේ. ලංකාවේ 2%ක් හරි සතුටු කරන්න ලැබීම පිනක්. ඔය එක එක අය විවේචනය කළාට හිරු මෙගා ස්ටාර් අතිශය ජනප්‍රිය වෙලා වැඩිම රේටින්ග්ස් ලබාගෙන තියෙනවා. මඩ ගහන මිනිස්සු පැත්තක ඉඳලා මඩ ගහනවා. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑනේ. ඒ අය බිරුවාවේ. ඒ නිසා හිරු මෙගා ස්ටාර් වැඩසටහනේ ජනප්‍රියත්වය වැටෙන්නේ නැහැ.

ජනප්‍රිය සම්මානයත් එක්ක දැන් යුරේනිට රංගනයේ වැඩ වැඩි වෙයිද?

ලංකාවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට ගැන මම දන්නේ නෑ. සම්මාන ලැබුණට දින දෙන්න බැරි තරමට මට වැඩ ලැබෙයි කියලා නම් හිතන්නේ නැහැ. මම ආවට ගියාට වැඩ කරන්නේ නෑ. හොඳ දෙයක් හම්බ වුණොත් කරනවා.

'කූඹියෝ' එක්කත් යුරේනි ජනප්‍රිය වුණා. ඒ වගේ පුංචි තිරයේ වැඩ කටයුත්තකට ආයෙත් ආරාධනා ලැබුණේ නැද්ද?

ඇත්තටම තාම ආරාධනා ලැබුණේ නැහැ. 'කූඹියෝ' වගේ ටෙලි නාට්‍යයක් ආයෙත් ලංකාවේ කවදා හැදෙයිද දන්නේ නෑ. ඒ වගේ හොඳ නාට්‍ය හැදිලා මටත් ආරාධනා ලැබුණොත් ඒක මගේ වාසනාව.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook