Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මගේ ඉස්සරහට ඇවිත් කවුරු හරි මාව 
විවේචනය කළොත් මම ඒවට ප්‍රතිචාර දක්වනවා
පහුගිය කාගෙ එල්ලවුන 
චෝදනාවලට උමාලි කිවුව දේ මෙන්න

උමාලි මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදීත් සම්මානනීය නිළියක් බවට පත්වුණා.

ඔව්. ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා. ව්ඪදධ තඪමඥ සහ ඒ ලෙවල් චිත්‍රපටවල කණ්ඩායමේ පිරිස එක්ක සතුටින් වැඩ කළා. ඒ සතුටෙ දිගුවක් ලෙස සම්මානනීය ඇගයුම් ලැබිලා තිබෙනවා. හොඳම සහාය නිළිය සහ ජනප්‍රියම නැඟී එන නිළිය කියන සම්මාන හිමිවීම ගැන සතුටින් ඉන්නේ.

ඔබට පළමු වතාවට තමයි ජනතා සම්මානයක් ලැබෙන්නේ?

ඔව්. මම කාලයක් ලංකාවේ හිටියෙත් නෑ. නිර්මාණවලින් විතරයි ප්‍රේක්ෂකයන්ට මාව දකින්න ලැබුණේ. බාහිර වැඩවලට සම්බන්ධ වුණෙත් නෑ. සමාජය සමඟ ගනුදෙනු කළෙත් නෑ. මගේ රංගනය අගය කරන අය තමයි මට මනාප පළ කරන්න ඇත්තේ. මාව මතක තියාගෙන මට මනාප පළ කළ ප්‍රේක්ෂකයන්ට මම ස්තුතිවන්ත වෙනවා.

ඒ නිර්මාණ නිසා මෙවරත් සම්මානනීය ඇගයුම් ලැබෙයි කියලා බලාපොරොත්තු සහිතවද හිටියේ?

මම සම්මාන බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේ නැහැ. සම්මානයක් හිමි වෙන්නේ අපි කළ දේ තුළ යම් ගුණාත්මක මට්ටවක් තිබෙන නිසා. රංගනයෙන් සම්බන්ධ වෙන චරිතය මම ඉගෙන ගත්ත දේවලුත් එකතු කරගෙන උපරිම ලෙස කරන්න මම උත්සාහ කරනවා. ඒ උත්සාහයට, ඒ කැප කිරීමට සම්මානයක් ලැබෙද්දී සතුටුයි.

සම්මාන උළෙල නිසාමද උමාලි ලංකාවට ආවේ?

නෑ. තවත් වැඩ කටයුතු කිහිපයක් නිසා මම කලින්ම ලංකාවට ඇවිත් හිටියේ.

උමාලිට පසුගිය වසරෙත් සම්මානීය ඇගයුම් කිහිපයක් ලැබුණා. අඩු වයසකදී පිට පිට සම්මානනීය ඇගයුම් ලැබීමත් ලොකු වටිනාකමක් නේද?

මාව මුලින්ම කැමරාවක් ඉස්සරහට ගෙනාවේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයා. ඒ 2000දී. මට පළමු ඇගයීම ලැබුණේ 2010දී. ඒ ෂර්ලි පී. දෙලංකාවල මහත්මයාගේ පූජාසනය නිර්මාණයේ "සඳලි" කියන චරිතයට. අරුංගල් ටෙලි නාට්‍ය වෙනුවෙන් මට හොඳම නිළිය සම්මානය ලැබුණා. මම විදේශගත වෙලා රංගනය ගැන ඉගෙන ගෙන ලංකාවට ආවට පස්සේ ප්‍රධාන චරිතයක් කළ පළමුවැනි නාට්‍ය බොහිමියානුවා. මට හොඳම නිළිය ලෙස ගිය වසරේ සම්මාන 3ක් ලැබුණා. ඒ ලෙවල් චිත්‍රපටය කළෙත් විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආවට පස්සේ. රංගනයේ බරපතළකමක් දැනිලා තිබුණේ නැති කාලයක තමයි ව්ඪදධ තඪමඥ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. ඉතිං ඒ නිර්මාණවලින් සම්මානනීය වීමට ලැබීම ලොකු අවස්ථාවක්.

උමාලිගේ තෝරා ගැනීම් මේ ඇගයීම්වලට හේතුවක් වුණා කියලා හිතෙන්නේ නැද්ද?

මම නිර්මාණ තෝරා ගන්නවට වඩා නිර්මාණ මාව තෝරගත්තා කිව්වොත් හරි. චරිතයට වුවමනා යමක් මං ළඟ තිබ්බ නිසානේ ඒ චරිතයට මාව තෝර ගන්නේ. මමත් තෝරා ගැනීම් කරනවා. නිර්මාණය තුළ කරන්න තිබෙන දේ ගැන මම බලනවා. මම නිර්මාණ තෝරා ගත්තා කියනවට වඩා මම කැමැතියි නිර්මාණ මාව තෝරාගත්තා කියනවට. ඒ ටීම් වර්ක් එක ඇතුළේ හැමෝගෙම සහයෝගය එක්ක ඒ නිර්මාණ සාර්ථක වුණා. ඒ වගේම මගේ කාර්යයත් උපරිමයට කරන්න පුළුවන් වුණා.

මේ සම්මානනීය ඇගයීම් ඔබේ හැකියාවටම පමණක් ලැබුණ දේවල්ද?

රංගනය කියන්නේ ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම රංගනය හැදෑරුවේ රංගනයට ඒ තුළින් යම් ශක්තියකුත් ලැබෙන නිසා. මගේ රංගන ජීවිතය ඇතුළේ මට හොඳ අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් හම්බවුණා. කරන්න ලැබුණ නිර්මාණ කිහිපයෙදි වුණත් මට ලැබිච්ච අත්දැකීම් වගේම මාත් එක්ක හිටපු ජේ‍යෂ්ඨ ශිල්පීන්ගෙන් ලැබුණ ගුරුහරුකම් මට වැදගත් වුණා. මම අලුත් කෙනෙක් කියලා කවදාවත් ඔවුන් මාව කොන් කළේ නෑ. එදත් අදත් මට ඔවුන්ගේ ආශීර්වාදය ලැබෙනවා.

ඒ කියන්නේ උමාලිට මේ වගේ සම්මානනීය ඇගයුම් ලැබෙද්දි හැමෝම සතුටු වෙනවා ඇතිද?

මගේ පවුලේ අය, නෑදෑයෝ, යහළුවෝ කොහොමත් සතුටු වෙනවා. මම නිරූපණය කළ චරිතය දැනුණා නම් අනෙක් අය නියම ලෙස මේ ඇගයීම් ගැන සතුටු වෙනවා ඇති. මට නම් සම්මානයකට නිර්දේශ වීමත් සතුටක්. ක්ෂේත්‍රයේ ඕනම කෙනෙක්ට සම්මානයක් ලැබෙද්දී මට සතුටුයි. අනෙක් අයත් එහෙම සතටු වෙනවා ඇති කියලා මම හිතනවා.

උමාලි සම්මාන ලැබුවට පස්සේ සම්මාන උළෙලේදී ගායනා කරන ගීත කොටස ගැන බොහෝ අය බොහෝ දේ කියන්න ගත්තා. ඇත්තටම ඒ ගීත කොටස් ගැයුවේ කා වෙනුවෙන්ද?

අපි නිර්මාණයක් තෝර ගන්නේ ඒක හැඟෙන දැනෙන නිසා. ඒ ඇතුළේ අපි ජීවත් වෙනවා. මට කාවැදිච්ච ගීත කොටසක් තමයි මම රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ගායනා කළේ. බොහිමියානුවා නිර්මාණයේ කණ්ඩායම වෙනුවෙන් මම එදා ඒ ගීතය ගායනා කළා. මම ඒ නිර්මාණයට දායක වෙලා උළෙලට සහභාගි වුණා. මට දැනෙන දේ මම කිව්වේ. ඒක එක එක අය එක එක විදියට ගන්න පුළුවන්. මට අදාළ නැහැ. ඒ වගේමයි මට ව්ඪදධ තඪමඥ චිත්‍රපටයත් හරි විශේෂයි. ඒ චිත්‍රපටයෙදි "ඔබේ ආදරේ සොයා යන්න" කියන ගීතය මම සංඛ දිනෙත් එක්ක ගායනා කළා. ඒ නිර්මාණයේ හැමෝම වෙනුවෙන් ඒ නිර්මාණය ඉස්මතු කරන්න තමයි මම දෙරණ සිනමා සම්මාන උළෙලේදී ඒ ගීතය ගැයුවේ. මට ගායන හැකියාවක් තිබෙනවා. මට හැඟිච්ච නිසා එය ඉදිරිපත් කළා. අනෙක් අය ඒක මොන විදියට හිතුවත් ‍ෙදාස් කියන්න බෑ.

උමාලි පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැත්තේ?

මම දැන් තාත්තාගේ වැඩවලට උදවු වෙනවා. ඉතිං ඒ වැඩවලදි නේපාලය, ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් කිහිපයක සංචාරය කරන්න වුණා. ඒකයි එක දිගට ලංකාවේ රැඳෙන්න කාලය නැති වුණේ.

ඔය වැඩ කටයුතුත් එක්ක රංගනයට වෙන් කරන්න උමාලිට කාලය තියෙනවද?

ඔව්. ඒ වැඩ කටයුතු එක්ක කතාබහ කරලා රංගන කටයුතුවලට වෙන් කරන්නත් කාලය තියෙනවා.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?

ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඒවා තවම සාකච්ඡා මට්ටමෙන් තියෙන්නේ.

උමාලිගේ ගායන හැකියාවෙන් අලුත් නිර්මාණයක් කළේ නැද්ද?

මෙදා සැරේ ලංකාවට ආවට පස්සේ නවරත්න ගමගේ සර් සංගීතවත් කළ කුමාර ලියනගේ මහත්මයා ලිව්ව ගීත දෙකක් මම ගායනා කරලා පටිගත කළා. මම ඒ ගීත කළේ මගේ තාත්තගේ ආසාවට. මගේ සින්දු අහන්න ගෙදර අය ආසයි. නිර්මාණ කටයුත්තක් ළඟදී කළේ නැති නිසා තමයි මේ ගීත දෙක පටිගත කළේ. හෙමින් සැරේ ගීතවල රූපරචනා කරනවා.

පෞද්ගලික ජීවිතේ අලුත් වෙනස්කම්, සැලසුම් තියෙනවද?

සැලසුම් කරපු දේවල් නම් නෑ. ධර්මානුකූලව ජීවිතය ගත කරනවා. ධර්මයෙන් මට ලැබුණ පිටිවහල අසීමිතයි. පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

පහුගිය කාලේ උමාලිගේ පෞද්ගලික ජීවිතයට විවිධ විවේචන එල්ල වුණා. ඒ විවේචන ගැන උමාලිට මොකද හිතුණේ?

විවේචනය කියන දේ සමාජයේ පොදු දෙයක්. විවේචන අපි හැමෝටම එල්ල වෙනවා. කලා ශිල්පීන් කියන්නේ මිනිස්සු අතරට වැඩිපුර ගිය පිරිසක්. ඒ අය ගැන විවේචන වැඩියි. ඒ විවේචන එල්ල කරද්දි වටින් ගොඩින් එල්ල කරනවට වඩා කෙළින්ම කියන්න ඕන කෙනාට කියන්න ඕන. එක එක අය එක එක විදියයි. ඒ අය කියන දේවල් මට අදාළ නැහැ. මම ඒ දේවල් පස්සේ යන්නෙත් නෑ. ඒවා බල බල දේවල් හැඩ ගස්ස ගන්න ගියෙත් නෑ. මගේ ඉස්සරහට ඇවිත් කවුරු හරි මාව විවේචනය කළොත් මම ඒවට ප්‍රතිචාර දක්වනවා. නැත්නම් මට ඒ විවේචන අදාළ වෙන්නේ නෑ.

ඒ විවේචනවලින් උමාලිට හානියක් නැද්ද?

නෑ. මගේ හිත ශක්තිමත් වෙනවා. අටලෝ දහම කාටත් පොදුයි. මේ කිසිම දේකින් සිත නොසැලී තියාගන්න ප්‍රගුණ කළ යුතුයි. ඒක මට උපරිම පුහුණු කරන්න ඒ වාතාවරණය රුකුලක් දෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook