Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අනෝමා දෙබරයට ගල් ගසයි

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති ආසියානු ලෝක සිනමා සම්මාන උළෙලෙහිදී රටවල් 52ක් අතුරින් “හොඳම නිළිය” ලෙස සම්මාන ලැබුවේ අනෝමා ජනාදරීයි. තව දින කිහිපයකින් “දැවෙන විහඟුන්” චිත්‍රපටය මෙරට සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබියදී “අනෝමා” මේ කරන්නේ තවත් දෙබරයකට ගල් ගැසීමක්ද? 

ඔබට අන්තර්ජාතික සම්මාන හිමි කර දුන් සිනමා කෘතිය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට ළඟදීම අවස්ථාව උදා වෙනවා. ඒ ගැන මොනවාද කියන්න තියෙන්නේ? 

මට ඒ ගැන කිසිම තෘප්තියක් නැහැ. සම්මාන උළෙලට ඉදිරිපත් කළ චිත්‍රපටය වෙනුවට යාපනයේදී මා දැක්කේ කපා කොටා විනාශ කළ සිනමාපටයක්. එය තවත් කප්පාදු කරලා තමයි මේ පෙන්නන්න යන්නේ. “වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි‘‘ ‍ලේබලය යටතේ පෙන්වන්නට යන චිත්‍රපටය “පවු‍ලේ සැමට’’ සුදුසු චිත්‍රපටයක් විදියට පෙන්වීමට 
අධ්‍යක්ෂවරයා උත්සාහ දරන බවයි ආරංචිය. 
ප්‍රේක්ෂකයෝ දකින මේ කප්පාදු චිත්‍රපටයේ මගේ චරිතය සුළු චරිතයක්. සමනලී තමයි එහි මතුවන්නේ. අධ්‍යක්ෂවරයා මුලින් මට කතා කරද්දී කිව්වේ මෙය ඔහුගේ ජීවිතයට සම්බන්ධ කතාවක් බවයි. බවයි. ඒ ගැන සාක්ෂි තවමත් මා ළඟ තියෙනවා. 88-89 භීෂණ සමයේ අත්දැකීම් මටත් තියෙනවා. ඒ එක බත් පත දෙකට බෙදා කෑ විශ්වවිද්‍යාල සගයින් මැරී වැටුණු යුගයක්. ඒ නිසයි මගේ ලිංගික දර්ශන 14ක් ඇතුළත් කොට තිබූ මේ කථාව රඟපාන්න මා එකඟ වුණේ. 

තනි තටුවෙන් පියාඹන්න, දැවෙන විහඟුන් චිත්‍රපට සඳහා අන්තර්ජාතික සම්මාන ලැබූ අනෝමා අද වන විට එම චිත්‍රපට දෙකෙන්ම අධ්‍යක්ෂවරුන්ට දොස් නගනවා? ඔවුන් අතින් ඔබව සූරා කෑමට ලක් වූ බවත් ඔබ පවසනවා ඉදිරි නිර්මාණ වලදිත් මෙයම සිදුවන්නට බැරිද? මින්මතු නිර්මාණ බාරගනිද්දී යම් නීතිමය පසුබිමක් මතද ඊට එකතු වන්නේ? 

මා කරන්නේ කලාව. ඒක මගේ වෘත්තිය. වෙනත් වෘත්තීන්ට වටිනාකමක්, අයිතියක්, නෛතික පසුබිමක් තිබෙනවා නම් මගේ වෘත්තියටත් එය එසේ විය යුතුයි. අනෙක එය මට පමණක් නොවෙයි හැම නිළියටම ‍පොදුයි. කලාවේ සහ කලාකරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරගනිමින් යථාර්ථවාදී සිනමා කලාවක් බිහි කළේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා. පතිරාජ එය නව මානයකට ගෙනගියා. එපමණයි. ඉන් පසු බිහි වූ සිනමාකරුවන් ඔක්කොම ජාවාරම්කාරයෝ. ඒ අය ස්ත්‍රිය ගැන නිර්මාණ තුළ කතා කරනවා. ඒ සඳහා ස්ත්‍රී ශරීරය භාවිත කරනවා. ඉන්පසු ඒ සිනමා පට හරහා විදෙස් විනිමය හා විදෙස් සම්මාන ලබාගන්නවා. ඔය පරපුරේ එක අධ්‍යක්ෂවරයෙක් නව පරපුරට අපූරු පූර්වාදර්ශයක් දුන්නා. තමන්ගේ බිරිඳගේ නිරුවත අලෙවි කරලා චිත්‍රපට හදලා විදෙස් විනිමය ලබලා ඒ නිළිය පැත්තකට විසි කර දමන හැටි ඔහු අනෙක් අයට කියලා දුන්නා. ඒ තුළ බිහි වූ නව පරපුරට පුළුවන් තමන්ගේ මව, සොයුරිය, බිරිඳ, දියණිය ඕනෑම කෙනෙකු එක්ක බොරු ගිවිසුම් ගහලා ඇගේ නිරුවත මාකට් කරන්න. ස්ත්‍රිය වගේම තුන්වැනි පන්තියේ යුද සෙබළාවත් ඔය ජාවාරම්කරුවෝ අලෙවි කළා. යුද්ධය ඇතිවීම ගැන සමාජ ගැඹුරු කතිකාවක් කරනවා වෙනුවට ඒ අය කළේ තමන්ගෙම පන්තියට යුද සෙබළා අරගත්තු එකයි. එකෙක් යුද සෙබළා කෙහෙල් කොටයක් කළා. තව එකෙක් යුද සෙබළා පිච්චුවා. ඒ ගින්දරෙන් තව සෙබළෙක් සිගරට් එක පත්තු කළා. තවත් එකෙක් යුද සෙබළා ලවා ගැබිනි කාන්තාවක් දූෂණය කළා. තව එකෙක් යුද සෙබළාගේ පුරුෂ ලිංගය කපා දැමුවා. ඔය හැම එකෙක්ම එකට ඉඳගෙන තම තමන්ගේ පුරුෂ ලිංග කපා ගත්තා නම් ඔයිට වැඩිය හොඳයි. 

අනෝමා මේ දවස්වල තවත් අලුත් කටයුත්තකට සූදානම් වෙනවා නේද? 

මම මායාශක්ති රංග ශිල්ප ශාලිකාව සමග එකතු වෙලා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ සිනමා රංගනය පිළිබඳ හය මාසික පාඨමාලාවක් පවත්වන්නට සූදානම් වෙනවා. ජූලි 15 වැනිදා පටන් සෑම සති අන්තයකම මෙය පැවැත්වෙනවා. මීට සහභාගි වීමට කැමති අයට තමන්ගේ ඡායාරූපයක් හා අයදුම්පත janadre@yahoo.com වෙත එවන්න පුළුවන්. 

ආරියවංශ කුලතිලක

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook