Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මීට අවුරුදු පහකට කලින් හිකට හිතට දැනුණු
ආදරේ ගැන කියන දෙවෙනි ඉනිමේ දනීෂ

ඒත් ඒක බල බල හිනා වෙවී හිටියා විතරයි
අහන්න ගියේ නෑ.

කට්ට කන්න බැරිනම් නළුවෙක් හෝ නිළියක් වෙන්න බෑ

අපි හැමෝටම පුංචි කාලේ ඉදන්ම එක එක විදියේ හීන තියෙනවා.ඒ හීන සැබෑ කරන්න අපි ජීවිතයේදී දරන උත්සහය, කැපිවීම කොයිතරම්ද කියන්න බෑ.ඉතිං අද අපේ ගොසිප්99 කතාබහට එකතු වෙන්නේ පුංචි කාලේ දැකපු හීනයක් සැබෑ කරගෙන නවක රංගන ශිල්පියෙක් විදියට 'දෙවෙනි ඉනිමේ දනීෂ' නමින් ඔබේ හදවතේ රැදුණු ප්‍රභාත් චතුරංග සමගයි.



ඉතිං ප්‍රභාත් කොහොමද ජීවිතේ,

ම්ම් ජීවිතේනම් හොදින් තමයි.

ගම් පළාත,පවුලේ විස්තර ගැන චුට්ටක් මතක්කරමුද?
මගේ ගම නුගේගොඩ.පවුලේ ඉන්නේ තාත්තයි,අම්මයි, 
අයියයි, නංගියි.

කැමරාව,වේදිකාව කියන්නේ පුංචි කාලේ ඉදන්ම ප්‍රභාත්ට හුරුපුරුදු දේවල්.ඉතිං පාසල් කාලය හා ඒ මතක ගැනත් චුට්ටක් කියමු,
මගේ පාසල නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය.ඇත්තටම මං අද ඉන්න තැනට මාව අරගෙන ආවේ මගේ පාසල.ඉස්කෝලේ යන කාලෙදි ඩන්සින් වලින් ගොඩක් සමස්ත ලංකා ජයග්‍රහණ මං පාසලට හිමි කරලා දීලා තියෙනවා.ඒත් එක්කම dramaත් කරලා තියෙනවා.ඒත් එක්කම මං 6 වසරේ ඉදලම 'අතුරු මිතුරු' වැඩසටහනට සම්බන්ධ වුණා.ඒ දේවල් වලින් ලැබුණු පන්නරය තමයි අද මේ තියෙන්නේ.

මේ වනවිට ප්‍රභාත්ව ප්‍රේක්ෂකයන් හදුනන්නේ රංගන ශිල්පියෙක් විදියට.මේ දක්වා රංගනයෙන් සම්බන්ධ වෙලා තියෙන නිර්මාණ මොනවාද?
මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ 2013 දි සාරංග අයියව මට මුණගැසීම.එතනදි සාරංග අයියගේ නාට්‍යය වැඩමුළු පාඨමාලාවක් හරහා මං ඉගෙනගන්නවා.ඒ අනුව තමයි සිරස tvහි "සුසුමට පවා රහසින්",ITNහි "කුටුකුටු මාමා",ජාතික රූපවාහිනියේ "දියණියෝ",TV දෙරණෙහි "ගිනිඅවි සහ ගිනිකෙළි", ඒ වගේම මේ දිනවලදී ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙන "දෙවෙනි ඉනිම" කියන ටෙලිනාට්‍යයන් සදහාත් මියුසික් වීඩියෝස් සදහාත් සම්බන්ධ වෙලා කටයුතු කලේ.

රංගනයට අමතරව ප්‍රභාත් නර්තන ශිල්පියෙක් ලෙස කටයුතු කරන බවත් ආරංචියි,
ඔව් ඉස්කෝලේ යන කාලේ ඉදන්ම මං ඩාන්සින් කලා.මං දැනට නර්තන අධ්‍යක්ෂණ කටයුතු සිදුකරනවා.මේ ළගදි "මල්සරා" කියලා මියුසික් වීඩියෝ එකක නර්තන අධ්‍යක්ෂණ කටයුතු සිදුකලා.

මේ දක්වා වූ ප්‍රභාත්ගේ සාර්ථකත්වය පිටුපස ශක්තියක් වුණු පිරිසක් ඇති.ඒ අය පිළිබඳව මතක්කොලොත්,
අද මං ඉන්න තැනට එන්න මට ලොකුම ශක්තිය වුණේ මගේ ගුරුවරයා සාරංග මෙන්ඩිස් අයියා.ඔහු තමයි මට ටෙලිවිෂන් කියන දේ කියලා දුන්නේ.රගපාන්න කොහොමද,නළුවෙක් වෙන්නේ කොහොමද කියන දේ මට අවබෝධ කලේ මාව තේරුම් ගත්තේ මාව විශ්වාස කලේ ඔහු.මං මගේ හදවතින්ම ඔහුට ස්තූතිවන්ත වෙනවා.ඊට අමතරව මගේ අයියා කුලරුවන් ගමගේ, මගේ දෙමව්පියන්ට,මේ දක්වා මට උගන්වපු සියලුම ගුරුවරුන්ට සහ මට වචනයකින්හරි ශක්තියක් වුණු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා.

රූගතකිරීම් තුලදි අමතක නොවෙන සිදුවීමුත් ඇතිනේ මහගොඩක්ම,
ඔව් රසබර අත්දැකීම් ගොඩක් තියෙනවා නාට්‍යය තුලදි අපිට අත්විදින්නට ලැබෙන.ඒ අතරින් මෑත කාලයේදි වුණ දෙයක් තමයි මේ ළගදි ක්‍රිකට් මැච් එකක් ෂූට් කරන්න තිබුණා.මං හිටියේ Wicket keeper විදියට හිටියේ.ඉතිං එතන්දි වේගයෙන් ආපු පන්දුවක් මගේ උරහිසේ තදට වැදුණා.පාර හිටින්නම.ඉතිං ඒක තමයි මෑතකදි සිදුවුණු අමතක නොවෙන රසබර අත්දැකීම.

ආදරේ ගැනත් එහෙනම් අපි ටිකක් කතා කරමු.ප්‍රභාත් ආදරේ ගැන මොකද හිතන්නේ?
මේ මොහොතෙනම් ආදරේ ගැන මුකුත් හිතන්නේ නෑ.පාඩුවේ වැඩටික කරගෙන ඉන්න තමයි ඕනි

ප්‍රථම ආදරේ සහ හිතට දැනුණු ආදරේ ගැනත් කියමුකෝ බලන්න
ප්‍රථම ආදරේ සුන්දරයි.ඒ O/L පංතියේදි.ඒත් ඒක බල බල හිනා වෙවී හිටියා විතරයි,අහන්න ගියේ නෑ.හිතට දැනුණු ආදරේ පටන් ගන්නේ මීට අවුරුදු හතර පහකට කලින්.ඒත් ඒක වැඩිකාලයක් තිබුණේ නෑ.අදටත් ඒ ආදරේ මතක්වෙනකොට හිතට රසවත් හැගීමක් දැනෙනවා.

ඒ කියන්නේ ප්‍රභාත් මේ වනවිට ආදරවන්තයෙක් නෙමෙයිලු. ඔන්න කෙල්ලනේ ඔයාලටත් chance එකක් තියෙනෝ.ඉතිං ප්‍රභාත් අනාගත සහකාරිය මොනවගේ වෙන්න ඕනි කියලද හිතන්නේ?
මාව අවබෝධ කරගන්න පුලුවන්,හොද ඉවසීමක් තියෙන පොළවේ පයගහලා ජීවත් වෙන,සරල චාම් ලස්සන තියෙන කොණ්ඩේ දිග කෙල්ලෙක්නම් හොදයි.

ප්‍රභාත්ගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද?
ඩාන්සිස් කටයුතුත් දියුණු කරගෙන දක්ෂ රංගන ශිල්පියෙක් වෙන එක තමයි බලාපොරොත්තුව.ඒ කියන්නේ රංගනයෙන් ලොකු දෙයක් කරන්නයි ඕනි.ඒකට කියන්නේ ඇක්ටින් උණ කියලා.ඉතිං ඒ උණ සනීප වෙනකන් අපි කොයිතරම් නිර්මාණ කරයිද කියන්න බෑ.හොද නිර්මාණ වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රංගන ක්ෂේත්‍රයට ඉදිරියේදි එන්න ඉන්න අයටත් පණිවිඩයක් දෙමු,
මගේ අත්දැකීමෙන් කියනවනම් කට්ට කන්න බැරිනම් නළුවෙක් හෝ නිළියක් වෙන්න බෑ.මමත් අදට මේ ඉන්න තැනට එක පාරට ආවේ නෑ.ගොඩක් දේවල් කැපකරලයි ආවේ.කට්ට කන්න බැරිනම් රංගනයට එන්න හිතලවත් වැඩක් නෑ.

අවසාන වශයෙන් කියමුකො එහෙනම් මේ දවස්වල මොකද කරන්නේ?
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය වැඩකටයුතුත්,මගේ නර්තන කටයුතුත් හොදින් කරගෙන යනවා.ඒ වගේම ලබන අවුරුද්දෙදි චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.මේ දිනවලදී මියුසික් වීඩියෝ කිහිපයකම රූගතකිරීම් එක්ක සාමාන්‍ය විදියට කාලය ගෙවිලා යනවා.

ඉතිං එහෙනම් ප්‍රභාත්ගේ සියලුම අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ගොසිප්99 අපිත් සුභපතනවා.


කවී 
- ගොසිප්99






Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook