කතරගම වෙඩි තැබීමකින්
කිරිවෙහෙර විහාරාධිපති නා හිමියන්ට තුවාල
කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංවිධායක කොබවක ධම්මින්ද නාහිමියන් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
රතු පැහැති මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු මෙසේ වෙඩි තබා පලා ගොස් ඇති අතර ධම්මින්ද හිමියන් සමඟ සිටි සෝභිත නැමැති හිමිනමක් ද තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ හිමියන් කිරි වෙහෙර වන්දනා කොට නැවත විහාරස්ථානයට පැමිණෙමින් සිට ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වැඩි දුර පොලිස් විමර්ෂණ සිදුවේ.