Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඔයා ඉන්නකම් මේක
කාටවත් ගන්න වෙන්නේ නෑ
- නළු නිළියෝ රන්ජන්ගේ මූණටම කියලා

මම බත්පාර්සලයට රඟපාන්න ආපු කුඩා චරිත කරපු නළුවෙක්‌.

ජනප්‍රියත්වයට කවුද අකැමැති. ජනප්‍රියත්වය කවුරුත් එපා කියන්නේ නැහැ. විශේෂයෙන්ම නළුවෝ. නළුවෝ කොහොමත් ජනප්‍රියත්වයට කැමැතියිනේ. ජනප්‍රියත්වය නිකං දෙනවාට වඩා සම්මානයකින් දෙන එක තවත් වටිනවානේ. ඒත් අපේ රටේ ජනප්‍රිය නළුවෙක්‌ මේ ළඟකදී ජනප්‍රිය නළුවා තෝරන නිර්දේශිත නාම ගොන්නෙන් තමන්ගේ නම අයින් කරන්න කියලා. ඒ අද පැවැත්වෙන දෙරණ සිනමා සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා තෝරන වැඩෙන්. රන්ජන් එහෙම කිව්වේ ඇයිද දන්නේ නැහැනේ. ඔස්‌ටේ්‍රලියාවේ ඉඳන් රන්ජන් අපිට ඒ ගැන කිව්වේ මෙන්න මේ විදිහට.

රන්ජන් ඇයි මේ ජනප්‍රිය නළුවා නිර්දේශිත නාම ගොන්නෙන් නම ඉවත්කරගත්තා කියන්නේ ඇත්තද?

ඔව්. ඒ කතාව ඇත්තක්‌.

ඇයි එහෙම කළේ ?

මොකද මට 2000 වසරේ රෝස වසන්තය චිත්‍රපටයෙන් තමයි මුලින්ම ජනප්‍රිය නළුවාට සම්මානය හිමිවුණේ. එදා ඉඳලා අද දක්‌වා දිගටම පාර්ලිමන්ට්‌ ජෝක්‌ස්‌, නිලම්බරේ, වන් ෂොට්‌ වන්, යකඩ පිහාටු ඇතුළු මායා වෙනකම් මට ජනප්‍රිය සම්මානය හිමිවුණා. මම හිතන්නේ එකදිගටම මේක ගන්න එක අසාධාරණයක්‌ වෙලා තියෙනවා.

එහෙම කොහොමද කියන්නේ ?

විජය මාමා ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ගත්තේ හයවතාවක්‌ විතරයි. ගාමිණී ෆොන්සේකා මහත්මයා පස්‌වතාවක්‌ මේ සම්මානය අරගෙන තියෙනවා. මම ස්‌ලිම් සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දොළොස්‌ වතාවක්‌ අරගෙන තියෙනවා. සරසවි සම්මාන උළෙලේ දී ජනප්‍රිය නළුවාට හිමි සම්මානය හයවතාවක්‌ අරගෙන තියෙනවා. දෙරණ සිනමා සම්මාන උළෙලේදී එම සම්මානයම තුන්වතාවක්‌ අරගෙන තියෙනවා.

දැන් ජනප්‍රියත්වය ඇති කියලා හිතුණාවත්ද?

අනේ නැහැ. පසුගිය ටිකේම ගත්ත එක තමයි එකම හේතුව. ඒක ටිකක්‌ හොඳ මදි කියලා හිතුණා. අනික අලුත් කට්‌ටියගේ දෝෂාරෝපණයට පවා මම ලක්‌වුණා. රන්ජන් අයියා ඉන්නකම් අපිට ජනප්‍රිය නළුවා වෙන්න බැහැ කියලා සමහර නළුවෝ කිව්වා.

කවුරුත් ඔබේ මුහුණට එවැනි චෝදනා කරලා තියෙනවාද?

ඔව්. එහෙම වුණා. මට හිතුවා ඒ කතාවෙත් ඇත්තක්‌ තියෙනවා කියලා.

එහෙම කියපු නළු නිළියන්ගේ නම් හෙළිකරන්න අකමැතිද?

අනේ විහිළුවට වගේ තමයි ඒ කතාව කිව්වේ. එක වතාවක්‌ සම්මාන උළෙලකදී මම ජනප්‍රිය නළුවා වුණාට පස්‌සේ විහිළුවට ඇහැව්වා රන්ජන් අයියේ මොකක්‌ද මේ ඔයා කරන්නේ කියලා.

ඒ වගේ කතා නිසාද ජනප්‍රිය නළුවා නිර්දේශිත නාම ගොන්නෙන් නම ඉවත් කරගත්තේ ?

ඔව්. මට දිගටම හම්බවුණා. පුබුදු ප්‍රධාන චරිතය කරපු මායා චිත්‍රපටයේත් ජනප්‍රිය නළුවා සම්මානය හිමිවුණේ මට. මම කළේ මායා චරිතය තමයි. හැබැයි අන්තිම විනාඩි විසිදෙකේ තමයි ඉන්නේ. ජනප්‍රිය නළුවා තෝරද්දී ඇත්තටම බලපාන්නේ චිත්‍රපට රැසක්‌ දිගටම විකාශනය වීම තමයි. මගේ පැරණි චිත්‍රපට අදටත් රූපවාහිනි නාලිකාවල විකාශනය වෙනවා. එතකොට මට ඒ අවස්‌ථාව නිතර හමුවෙනවා.


සල්ලි දීලා ජනප්‍රිය නළුවා වෙන්නත් පුළුවන් නේද?


ඒක බොරු කතාවක්‌. මම කවදාවත් සල්ලි දීලා ජනප්‍රිය නළුවා වෙලා නැහැ. අනික එහෙම කරන්නත් බැහැනේ. ජනප්‍රියත්වය බලෙන් ගන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. අනික ජනප්‍රියත්වය කියන්නේ මට අයිති බූදලයක්‌ නෙමෙයි.

හැබැයි ගොඩක්‌ නළුවෝ ජනප්‍රිය නළුවා සම්මානය එපා කියන්නේ නැහැ නේද?

අනේ මම ජනතාවගේ ආදරයට පයින්ගහනවා නෙමෙයි. ඒක වැරදියට අර්ථකථනය කරන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම දේශපාලනය කරද්දී කොතරම් ජනප්‍රිය දේශපාලනය චරිත හිටියත් මාව ඒ හැම ආසනයකින්ම නොම්බර එකට ගෙනආවේ මගේ මේ ජනප්‍රියත්වය නිසා තමයි. මගේ ෆේස්‌බුක්‌ එකේ හත්ලක්‍ෂ තිස්‌දහසක පිරිසක්‌ ඉන්නවා. ලංකාවේ තුන්වැනි ෆේස්‌බුක්‌ එක. මම බත්පාර්සලයට රඟපාන්න ආපු කුඩා චරිත කරපු නළුවෙක්‌. මම චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරලා තියෙනවා. තිර කතා ලියලා තියෙනවා. සින්දු ලියලා තියෙනවා. සින්දු කියලා තියෙනවා. ජනතාවගේ ආදරයට මම හිස නමලා ආචාර කරනවා.

ජනප්‍රිය නළුවාගේ සම්මානය දැන්ම එපා කියන්නේ හොඳම නළුවා වෙන්න බලාගෙන කියලත් කතාවක්‌ තියෙනවා ?

ඒක නම් දන්නේ නැහැ. ඒක තෝරන්නේ විනිශ්චය මණ්‌ඩලයකින්නේ. විනිශ්චය මණ්‌ඩලයකින් දෙන තීරණයට මට එරෙහිවෙන්න බැහැ. ජනප්‍රිය නළුවා සම්මානය මම හිතුවේ වෙන නළුවෙකුට හිමිවෙන්න ඕනෑ කියලා. මම තරගයට ප්‍රවිෂ්ඨවීම අනෙක්‌ අයට කරන අසාධාරණයක්‌.

කොණ්‌ඩදෙණියේ හාමුදුරුවෝ සිනමාවට ගෙනඑන්න හදනවාලු නේද?

ඔව්. ඒ කතාව ඇත්තක්‌. කොණ්‌ඩදෙණියේ හාමුදුරුවන්ගේ චරිතයට ජීවය දෙන්නේ මම තමයි. හැකි ඉක්‌මනින් මේ චිත්‍රපටයේ වැඩකටයුතු පටන්ගන්නවා. ඒත් එක්‌කම සුරංග ද අල්විස්‌ සහ ලාල් ප්‍රියදේවගේ චිත්‍රපට දෙකකට කැමැත්ත පළකළා.

ඒ චිත්‍රපට මොනවාද කිව්වොත් ?

ඒවා වාණිජ චිත්‍රපට නෙමෙයි. ගැඹුරු චරිත. ඉදිරියේදී මම කොහොමත් ගැඹුරු චරිත කරන්න කැමැත්තක්‌ තියෙනවා.

රන්ජන් රාමනායක චරිතාංග නළුවෙක්‌ වෙන්නද සූදානම් වෙන්නේ ?

ඒකාලෙත් චරිතාංග චරිත කළා. මට හොඳම නළුවා සම්මානයත් තුන්වතාවක්‌ ලැබිලා තියෙනවා.

හදිසියේ ඔස්‌ටේ්‍රලියා ගියේ ?

පූජා උමාශංකර්, චන්න විජයවර්ධන, ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න්, බ්‍රිස්‌බේන්වල රිදී රැයක්‌ වැනි ප්‍රසංග කිහිපයක්‌ පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් තමයි විදෙස්‌ගතවුණේ.

දිනේෂ් විතාන

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook