Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අපේ සමාගමේ Office Boy ලෙස
කටයුතු කළ ගම්මන්පිලගේ වංචනික ක්‍රියා නිසා
අපි අද ඉතාමත් අසරණ තත්ත්වයට පත්වෙලා 
- ජැනට් ෂෙඩික්

උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත්, උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක් ලෙස රැකියාව කල බව ජැනට් එලිසබෙත් ෂෙඩික් මහත්මිය පවසයි.


එලිසබෙත් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් තම ස්වාමියාගේ සමාගමට සිදු කරන ලද වංචා දූෂණ පිළිබඳවත්, ඒ හේතුවෙන් තම ස්වාමියා ඇතුළු තමන් අද පත්ව සිටින තත්ත්වයත් පිළිබඳව දැනුවත් කරමින් අද(26) කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි සිංහ සමාජ ශාලාවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.



ජැනට් එලිසබෙත් ෂෙඩික් යනු මෙරට විදේශ ආයෝජකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාගේ බිරිඳයි. ඔහුට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් වංචනික ලෙස විකිණීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වෙත චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන නඩු කිහිපයක්ද මේ වන විට අධිකරණයේ විභාග වෙමින් තිබේ.

2015 ට පෙර තමන්ට සිදුවූ අසාධාරණයට නීතියේ පිළිසරණක් එවක පැවති දේශපාලන වාතාවරණය තුළ කිසිසේත්ම බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයක් හා තමන්ට එල්ල වූ බලපෑම හමුවේ නිශ්ශබ්දව සිටී බව පැවසූ ජැනට් මහත්මිය 2015 සිදුවූ දේශපාලන වෙනසත් සමඟ තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගැනීමට මෙරටට පැමිණ නීතියේ පිළිසරණ පැතූ බවද සඳහන් කර සිටියේය.

නමුත් මෙරට අධිකරණය විසින් සාක්ෂි කැඳවීම සඳහා දින ලබාදීමේ ක්‍රමය මත තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත්, නඩු කටයුතු පමාවීම හේතුවෙන් තම ස්වාමිපුරුෂයා සහ තමන් අපේක්ෂා භංගත්වයට මෙන්ම ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව තිබෙන බවද ඇය පෙන්වා දෙයි.

නඩු කටයුතු වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා වරින් වර ලංකාවට පැමිනීමට සිදුවීම සහ ලංකාවේ දින ගණනාවක් නවාතැන් ගැනීමට සිදුවීමෙන් තමන්ට අධික වියදමක් දැරීමට සිදුව තිබෙන බවත් පෙන්වා දෙන ජැනට් මහත්මිය මේ යන ක්‍රමවේදයට ගියහොත් නඩු කටයුතු අවසන් කරගැනීම සඳහා තවත් අවුරුදු 10ක්, 15 ක් ගතවනු ඇති බවද සඳහන් කරයි.

උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ නැමැත්තා තම ස්වාමියාට අයත් මෙරට ආයෝජනය කළ ව්‍යාපාර කටයුතු සියල්ල කූට ලෙස සකස් කළ ව්‍යාජ ඇටර්නි බලපත්‍ර යොදාගනිමින් වංචනිකව හොරකම් කර ඇති බවත්, පෑන් ඒෂියා බැංකුවේ තම ස්වාමියාට අයත්ව තිබූ කොටස් මිලියන 4.1 ක් ද කූට ලෙස විකුණා දමා තිබෙන අතර ඉන් ඩොලර් මිලියන 07 ක අලාභයක් සිදුව තිබෙන බවද ජැනට් මහත්මිය පවසයි.

මෙවැනි සිදුවීම් මෙරටට පැමිණෙන විදෙස් ආයෝජකයන් මෙරට කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳවැටීම සිදුවන බවත් ඔවුන් මෙරට ආයෝජන කටයුතු වලින් ඉවත්වීමට හේතුවන බවද බ්‍රයන් ෂෙඩික් මහතාගේ මෙරට ඇටර්නි බලකරු ලසිත පෙරේරා මහතා පෙද්වා දෙයි.

බ්‍රයන් ෂෙඩික් මහතා 90 දශකයේ මෙරට සිටී විශාලතම විදෙස් ආයෝජකයෙත් බවත්, රටට පැමිණි මෙවැනි විදෙස් ආයෝජකයන් කූට හා වංචනික ලෙස රැවටීමට ලක්කර ඔවුන්ගේ දේපල අත්පත් කරගැනීම ඔවුන්ට කරන ලොකු අසාධාරණයක් බවද ලසිත පෙරේරා මහතා පෙන්වා දෙයි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook