Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මේක මගේ ජොබ් එක නෙවෙයි
මගේ ගාණට ආවොත් මම වැඩේ භාරගන්නවා

මට ස්කර්ට් බ්ලව්ස් අඳින එක ටිකක් අලුත්.
 හැබැයි මම සාරි ඇඳලා තිබ්බා.

පියුමි හා හා පුරා කියලා සිනමාවේ දකින්න ලැබෙනවා?

ඔව්. ඒ 'වස්සානයේ සඳ' චිත්‍රපටය නිසා. චිත්‍රපටය තිරගත වෙනකල් මම බලාගෙන හිටියේ. දැන් චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තා. කියාගන්න බැරි සන්තෝෂයක් තියෙනවා මේ වගේ හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන.


උදයකාන්ත වර්ණසූරියට පියුමි අහුවුණේ කොහොමද?



උදයකාන්ත අයියයි, ඔහුගේ බිරිය ශාන්ති අක්කයි මීට අවුරුදු පහකට කලින් රොසෑන් අක්කාගේ මොඩ්ලින් ස්කූල් එකට ඇවිත් රංගනයට ළමයි තේරුවා. එදා මාවත් තෝරගත්තා. ඒත් එදා මම රඟපාන්න එන්න බෑ කිව්වා. ඊට පස්සේ මීට අවුරුදු දෙකකට කලින් උදයකාන්ත අයියා මේ නිර්මාණයට මට කතා කළා.

මුල් ආරාධනාව කරද්දී පියුමි උදයකාන්තගේ ආරාධනාව භාරගත්තේ නැත්තේ?

මම ඒ වෙනකොට මොඩ්ලින් කළේ. ඉතිං මම කවදාවත් රඟපාලා තිබ්බේ නැහැ. මම රඟපාන්න දන්නේ නැති නිසා තමයි ඒ ආරාධනාව භාරගත්තේ නැත්තේ.

'වස්සානයේ සඳ' චිත්‍රපටයට ආරාධනා කරද්දී ඔයාගේ රංගන හැකියාව ගැන විශ්වාසයක් තිබුණද?

උදයකාන්ත අයියා මට දවස් දෙක තුනක්ම කතා කළා. මම බය වෙලා හිටියේ මට චිත්‍රපටයක රඟපාන්න පුළුවන් වෙයිද කියලා. උදයකාන්ත අයියගේ බිරිය මට හරිම ආදරෙයි. 'පියුමි මේක ඔයාට හොඳ චාන්ස් එකක්' කියලා එයා මට කිව්වා. මම ආශාවෙන් හිටියේ ඕෂධී කරන චරිතය කරන්න. ඒත් ශාන්ති අක්කා තමයි මට කිව්වේ ඔයාට දෙන්නේ ප්‍රධාන චරිතය. ඒකෙන් මාව වෙනස් කරනවා කියලා.

ප්‍රධාන චරිතය නැතිව, ඕෂධී කරපු චරිතයට පියුමි මාන බැලුවේ ඇයි?

ඕෂධී කරපු චරිතය ෂූට් කළේ ඕස්ට්‍රේලියාවේ. ඇත්තම කියනවා නම් මට ඕස්ට්‍රේලියාවේ යන්න ආස නිසා තමයි මම ඒ චරිතය ඉල්ලුවේ. ඒත් ඒ චරිතයට ඕන වුණේ බටහිර පෙනුමක් තියෙන කෙනෙක්. ඕෂධීට ඒ වගේ පෙනුමක් තියෙනවනේ. එයාට ඒ චරිතය ගැළපුණා. මට 'මිහිරි' කියන ප්‍රධාන චරිතය ලැබුණා.

'මිහිරි' ගේ චරිතයෙන් පියුමිට සිනමාවට හොඳ අඩියක් තියන්න පුළුවන් වුණා කියලා හිතනවාද?

ඔව්. මට වෙනස් වෙන්න හොඳ අවස්ථාවක් ලැබුණේ. මම මොඩ්ල් කෙනෙක්. මට රංගනය නුහුරුයි. ඒත් උදයකාන්ත අයියාගේ හැකියාව එක්ක ඔහු මගේ රංගනය හරියට එළියට ගත්තා. 'මිහිරි' ගේ චරිතය මට ලැබිච්ච හොඳ අවස්ථාවක්. මාව මේ වගේ නිර්මාණයකට තෝරගත්ත එකට උදයකාන්ත අයියට වගේම අක්කට ගොඩක් පින්. 'වස්සානයේ සඳ' මාව වෙනස් කළා.

පියුමිව ගොඩක් අය දැකලා තියෙන්නේ හොට් චරිතයක් විදියට. මිහිරි වගේ අහිංසක චරිතයකට අනුගත වෙන්න පහසු වුණාද?

සමහර හොට් චරිතවලට අහිංසක චරිත කරන්න බෑ. හැබැයි පියුමි හංසමාලි කියන මට හැම චරිතයක්ම කරන්න පුළුවන්. මම හැම වෙලාවෙම හොට්. ඒත් මට ලැබෙන චරිතයට අනුගත වෙන්න පුළුවන්.

පියුමිගේ රංගනයට කෙහොමද ලැබිච්ච ප්‍රතිචාර?

චිත්‍රපටයේ ට්‍රේලර් එක දැකලත් ගොඩක් අය මට කතා කළා. මගේ රංගනය මේ තරම් හොඳට තියෙයි කියලා හිතාගන්න බැරි වුණා කියලා තමයි ගොඩක් අය කිව්වේ. මොකද මාව මේ වගේ චරිතයකින් දැකලා තිබ්බේ නෑනේ. මට නිර්මාණ කිහිපයකටම ආරාධනාත් ලැබුණා. ඒත් පෞද්ගලික වැඩ කිහිපයක් නිසා ඒ ලැබුණ ආරාධනා භාරගත්තේ නැහැ.

ඒ කියන්නේ පියුමි රංගනය තුළ සාර්ථකයි කියන එකද?

මේ නිර්මාණයේ මගේ රංගනය සාර්ථකයි කියලා මම හිතනවා. සාර්ථක පුද්ගලයෙක් එක්කනේ මම මේ ගමන පටන් ගත්තේ. මට ඊට පස්සේ විදේශීය චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි.

මිහිරිගේ චරිතයට අනුගත වෙද්දී අභියෝගයක් වුණ තැන් තියෙනවාද?

මට ස්කර්ට් බ්ලව්ස් අඳින එක ටිකක් අලුත්. හැබැයි මම සාරි ඇඳලා තිබ්බා. මිහිරි කියන්නේ තමන්ගේ මල්ලීව මුළු ලෝකයම කරගත්ත කෙනෙක්. මල්ලීට දක්වන ආදරය මට අලුත් වුණේ නැහැ. මොකද මගේ පුතා වගේ හිතාගෙන තමයි මම ඒ චරිතය කරපු මල්ලීව බලාගත්තේ. එයා ටිකක් අකීකරු දරුවෙක්. ඒත් එයාව පාලනය කරගන්න පුළුවන් වුණේ මට විතරයි. මම හරිම ආදරෙන් ඒ චරිතය කළා. පළමුවැනි වතාවට තමයි මට ඒ වගේ අත්දැකීමක් ලැබුණේ.

සිනමාවේ පියුමිගෙ පෙම්වතා වෙන්නේ අනුජ්. කොහොමද අනුජ්ගෙන් පියුමිට ලැබුණ සහාය?

ඔව්. තත්පර ගාණක් ඇතුළේ අනුජ් හොඳ පෙම්වතෙක් වුණා සිනමාවේදී මට. මගේ පළමුවැනි චිත්‍රපටය වුණාට මම, අනුජ්, ඕෂධී, ඇන්ජලෝ අපි හැමෝම නිරූපණ ක්‍ෂේත්‍රයේදී මුණගැහිලා තියෙනවා. අනුජ් කියන්නේ බොහොම නිහතමානී කෙනෙක්. සමහර අඬන සීන් කරද්දී මට හිනා යනවා. මට ඒ චරිතය හරියට කරන්න අනුජ් ගොඩක් උදවු කළා. මහන්තත්තකම් තියෙන නළුවෝ අතර අනුජ් කියන්නේ පොළොවේ පයගහලා ඉන්න කෙනෙක්.

සිනමාවේදී පියුමිගේ පෙම්වතා අනුජ් වුණ එක හොඳක් නේද එහෙනම්?

ඔව්. ඇත්තටම මම සතුටු වෙනවා ඔහු එක්ක රඟපාන්න ලැබුණ එක ගැන.

පියුමි නිර්මාණයක් භාර ගනිද්දී මුදල ගැනත් හිතනවාද?

මේක මගේ ජොබ් එක නෙවෙයි. මගේ ගාණට ආවොත් මම වැඩේ භාරගන්නවා. මගේ මුදල හම්බවුණත් මට බැරි දේවල් කරලා ලැජ්ජ වෙන්න මම කැමැති නැහැ. මට කරන්න පුළුවන් චරිතයක් නම් මම භාරගන්නවා.

පියුමිව ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ ඇයි?

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. චිත්‍රපට වගේ නෙවෙයි ටෙලි නාට්‍යවල නිදහසක් නැහැ. වැඩ ඉවර වෙද්දී රෑ වෙනවා. මම අම්මා කෙනෙක්. මට දිගටම එහෙම කාර්යබහුල වෙන්න බැහැ.

පියුමිට ආදරය දැනෙන්නේ කොහොමද?

ආදරේ සුන්දර දෙයක්. ඒක සුන්දරව විඳින්න ඕනෑ. එක වෙලාවකට ඒක වේදනාවක්.

ආදරයේ අලුත් බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ?

ඒකට තව කාලය දුරයි.

පියුමිගේ ජීවිතයේ සීමා මායිම් තියෙනවාද?

නෑ. මගේ ජීවිතයේ සීමා මායිම් නැහැ.

ඒ ඇයි?

සීමා මායිම් තිබ්බම හරි කරදරයි. මම කොටු වෙන්න කැමැති නැහැ. අපි ජීවිතේ විඳවන්නේ නැතිව විඳින්න ඕන. මම ජීවිතය විඳිනවා. ඇයි අපි විඳවන්න කොටුවෙන්නේ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook