Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මගේ ජීවිතේ වැඩි කාලයක් ගතවුණේ
මේකප් කණ්ණාඩි ඉදිරිපිට නටාලි
– පෝර්ට්මන්


ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් රංගන ශිල්පිනියක වන නටාලි ‍පෝර්ට්මන් විදෙස් සඟරාවකක් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක සිංහල අනුවාදයයි මේ.

කාන්තාවන් ‘වීරවරියන්’ හැටියට පෙන්වන කතා සිනමාව තුළ දකින්න ඔබ කැමතිද?
මම හිතන්නේ එහෙම දේවල් දකින්න සියලු කාන්තාවන් කාලාන්තරයක් තිස්සේ බලාගෙන ඉන්නවා. සිනමාව තුළ ඒ වගේ නිර්මාණ කිහිපයක් මේ වනවිට කෙරිලා තියෙනවා. ඒවා ඉතාම ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවා. මම හිතන්නේ ඒ වගේ චරිත දිහා බලන සාමාන්‍ය කාන්තාවන්ටත් වීරත්වය පිළිබඳ උත්තේජන ලබාදෙන්න ඒ වගේ කතා උපකාර වෙනවා.

‘ස්ත්‍රීවාදය’ කියන අදහස ඔබ වටහා ගන්නේ කොහොමද?
මම එය වටහාගන්නේ සහෝදරත්වය වැනි සංකල්පයක් හා සමානවයි. සියලු පුද්ගලයන්ට ලිංග භේදය ගැටලුවක් කරගන්නේ නැතිව සම අවස්ථා සම වරප්‍රසාද ලබාදීම එයින් ඉස්මතු කෙරෙනවා. ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී ඉන්න හුඟක් අය කියන දේ ‍නෙවෙයි ඇත්තටම ස්ත්‍රීවාදය කියන්නේ. මට හිතෙන්නේ එහෙමයි ස්ත්‍රීන් වෙනුවෙන් සමාජීය වෙනසක් කළ යුතු වෙන්නේ. ස්ත්‍රීවාදය කියන ‍ලේබලයෙන් ඉවත්වෙලයි. ස්ත්‍රීවාදය කියන ‍ලේබලය ඇළවූ ගමන්ම කාන්තාවන් අඩු වරප්‍රසාදලාභී පිරිසක් බව ඇඟවෙනවා.

ඔබට ඔය අදහසට උදාහරණයක් සපයන්න පුළුවන්ද?
පුළුවන්. දරුවෙක් ලබන කාන්තාවකට දරු ප්‍රසූතියෙන් පසු අනිවාර්යයෙන් වසරක නිවාඩුවක් දෙන්න ඕන කියලා ස්ත්‍රීවාදීන් සටන් කරනවා. ඔවුන්ට ඕනෑ සියලු රාජකාරි ස්ථානවලට ඒ නීතිය ගෙන යන්නයි. ඒත් මම හිතන්නේ එහෙම ‍නෙවෙයි. එය තීරණය කිරීමේ නිදහස අදාළ කාන්තාවට තිබිය යුතුයි. වසරක් නිවාඩු ගන්නවාද, පහුවදා ඉඳලා වැඩට යනවද කියා තීරණය කිරීමේ ස්වාධීන අයිතිය අදාළ කාන්තාවට ගන්න පුළුවන් වෙන්න ඕන. සමාන ලෙස සැලකීම හැටියට මම දකින්නේ ඒක.

ඔබ තුළින් වීර කාන්තාවක් බිහිවෙනවාට ඔබ කැමතිද?
මුලදී මගේ එහෙම කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් පසුකාලීනව ‍පොත්පත් කියවද්දී මට නිර්භීත කාන්තාවක් වෙන්න ආස හිතුණා. ඒ නිසා මම යොවුන් වයසේ පටන්ම හිතුවා මම මොන වගේ කෙනෙක්ද කියලා. නමුත් මේ ලෝකයේ සියලු කාන්තාවන් වීර සහ නිර්භීත චරිත විය යුතුයි කියලා මම හිත්නනේ නැහැ. එකිනෙකාගේ පෞරුෂ ලක්ෂණ අනුව ඔවුන්ගේ ජීවිත ගොඩනැගීම වැදගත්.

මොනවද ඔබ කියවා තිබෙන ‍පොත්පත්?
The Baby-sitters club නවකතා මාලාවේ ‍පොත් රාශියක් මම කියවා තිබෙනවා. ඒ ‍පොත් කියවා හමාර වෙද්දී මගේ පුද්ගලික ‍පොත් එකතුවේ තිබුණු ඒ කතා ‍පොත් ගණන 250ක් වුණා.

ඒ වගේම RL Stine ලියූ හැම ‍පොතක්ම ආසාවෙන් කියවා තිබෙනවා. කොටින්ම ඒ ‍පොත්වල රටාව මම කොච්චර තේරුම් ගත්තාද කියනවා නම් මට ‍පොත මැදදී කියන්නට පුළුවන් එහි අවසානය මොන වගේද කියා.

මේ ‍පොත්වල මොන මොන චරිතවලටද ඔබ වශී වුණේ?
RL Stine ‍පොත් මාලාවේ හැම කතාවකම විවිධාකාරයේ චරිත ඉන්නවා. හිපි චරිතයක්, ටොම්බෝයි කෙනෙක්, නුවණැති කෙනෙක් වගේ ‍පොදු ලක්ෂණ ඇති චරිත ඒ හැම ‍පොතකම හිටියා. ඒ අතරින් මම ගොඩක් උනන්දු වුණේ විලාසිතා ගැන උනන්දු කෙනා ගැනයි.

ඔබේ සිනමා ජීවිතය තුළ ඔබ ඇඳපු වැඩිපුර ආස කරන විලාසිතාව මොකක්ද?
මට ඔස්කාර් සම්මානය හිමිකර දුන් Black Swan චිත්‍රපටයේ මට අඳින්න ලැබුණේම බැ‍ලේ නර්තන ගවුම. ඒක නිර්මාණය කළේ අධඤචපබඥ නිර්මාණ ශිල්පිනියන් විසිනුයි. ඒ ගවුමට මම හරිම ආසයි. ඒ වගේම ඉබචප එචපඵ චිත්‍රපට මාලාවේ රූපගත කිරීම්වලදීත් මට අඳින්න ලැබුණේ මම ප්‍රිය කරන විදිහේ ලස්සන ඇඳුම්.

ඔබ කැමති සැහැල්ලු විලාසිතාවලටද?
බ්චදඥ ට්ධබ ච ට්භද චිත්‍රපටයේ මට අඳින්න ලැබුණු විදියේ විලාසිතාවලට මම ගොඩක්ම ප්‍රියයි. මම ඒ චිත්‍රපටයෙන් පසුව සැබෑ ජීවිතයේදීත් ඒ වගේ ඇඳුම් තෝරාගන්න පටන් ගත්තා. බූට් සපත්තු, සරල ටීෂර්ට් සහ කලිසම්. ඒවා ඇන්දාම එන්නේ හරි ශක්තිමත් පෙනුමක්. නමුත් සරල සහ ලස්සන ගැහැනු පාටයි
.
ඔබ ආදර්ශයට ගන්නා විලාසිතා මොඩලයක් තියෙනවාද?
ඔව්, ඒ සොෆියා කො‍පෝලා බව කිව යුතුයි. ඇය චිත්‍රපට පිටපත් රචිකාවක්, නිෂ්පාදිකාවක් සහ ඉස්සර නිළියක්. ඇය විලාසිතා තෝරාගන්නා ආකාරය හරි ලස්සනයි, සුව පහසුයි සහ ඒ විලාසිතා ඇයටම අනන්‍ය විදිහක්.

සුන්දරත්වය කියන දේ ඔබ දකින්නේ කොහොමද?
කුඩා කාලයේ සිටම මගේ මව මට කීවා ලස්සන කියන්නේ හදවතට කියලයි. ලස්සන වෙන්නේ හොඳ මිනිහෙක් වුණාම කියලයි. ඒ නිසා අදටත් මම හිතන්නේ එහෙමයි.

මාව හැඩගන්වන්න රූපලාවණ්‍ය ශිල්පීන්ට හරි පහසුයි. ඔවුන් මට ඒ බව කියනවා. අනෙක් නිළියන් වගේ ‍නෙවෙයි, ඔබ අපට වුවමනා හැටියට අපේ රස්සාව කරන්න ඉඩදෙනවා කියා. ඔවුන් මාව අගය කරනවා. මම ලස්සන පිටුපස එතරම් පන්නන්නේ නැහැ. රූපලාවණ්‍ය ශිල්පීන් මාව හැඩගන්වන විදිහ දිහා මම බලා ඉන්නේ ආසාවෙන්. ඔවුන්ගේ රාජකාරියේ අඩුපාඩු හොයන්න මට වුවමනා නැහැ. මොකද ඔවුන් උත්සාහ ගන්නේ මැව හැඩගන්වන්න, එච්චරයි.

නිළියක් වීම නිසා වයස්ගත වීම ගැන ඔබේ ආකල්ප වෙනස් වුණාද?
ඔව්, මේකප් කිරීම වෙනුවෙන් මගේ ජීවිතේ ලොකු කාලයක් වැයවෙලා තියෙනවා. ඒ වෙලාවේ ‍පොත් ලිව්වා නම් මම මේ වනවිට ‍පොත් පහක්වත් එළිදක්වලා. නිළියන් සම්බන්ධව මේ කාරණාව මෙහෙම වුණාට නළුවෝ සම්බන්ධයෙන් එහෙම ‍නෙවෙයි. මාධ්‍ය හමුවකට යනකොට හැමදාම මම පැය දෙකක් මේකප් මේසයක් ඉදිරිපිට ගත කළ යුතු වුණත්, නළුවන් සම්බන්ධයෙන් මේ තත්ත්වය මීට වඩා හුඟක් වෙනස්. නිදි ඇඳෙන් බැහැලා ඇඳුමක් දාගත්ත ගමන් ඔවුන් මාධ්‍ය හමුවට සූදානම්.

මේකප් නැතුව පාරේ යාම ගැන ඔබ මොනවද හිතන්නේ?
ඒක නියමයි. හරි ස්වභාවිකයි. ස්වභාවික මිනිස්සු පාරේ මුණගැහීම හරිම මනරම් අත්දැකීමක්. මමත් සමහර විට කිසිම රූපලාවණ්‍ය ආ‍ලේපනයක් මුහුණේ ගල්වන්නේ නැතුව පාරේ බැහැලා යනවා.

මම කියන්නේ ඕනෑම කාන්තාවකට තිබිය යුතු නිදහසක් ඒක. තමන්ට වුවමනා නැත්නම් කිසිම රූපලාවණ්‍ය නිෂ්පාදනයක් භාවිත නොකර ඉන්න ඕනම කාන්තාවකට පුළුවන් වෙන්න ඕන.

ඔබ වටිනාකම දෙන්නේ මිනිසුන්ගේ අභ්‍යන්තර ගතිගුණවලට. එහෙම කෙනකුට නිළියක් වෙන්න සිද්ධ වුණාම මොනවද හිතෙන්නේ?
අවාසනාවට මම රැඳී ඉන්නේ බාහිර පෙනුම ගැන ඕනෑවටත් වඩා උනන්දු වෙන්න සිද්ධ වෙන ක්ෂේත්‍රයක. විවිධ විදිවලට සැරසිලා, විවිධ චරිත රඟදක්වන්න ලැබිම වාසනාවක් තමයි. ඒත් රූපය කියන්නේ සත්‍යය ‍නෙවෙයි.

සාවිත්‍රි විතානගේ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook