Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඔව්... අපි එංගලන්ත සංචාරයට ගියා
මම තමයි මේ දවස්‌වල බයිට්‌ එක
සයිබර් අවකාශයේ බයිට වෙලා තියෙන්නෙ

-ගිහානි වීරසිංහ


සයිබර් අවකාශය කියන්නේ හරි පුදුම තැනක්‌. එක රැයකින් ඕනෑම චරිතයක්‌ හිට්‌ කරන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් නැති කරලා දාන්නත් පුළුවන්. පසුගිය සතියේ පැවැත්වුණු පොදුරද මඬුලු ව්‍යාපාරික සමුළුව හින්දා හිට්‌ වුණු චරිතය තමයි ගිහානි වීරසිංහ. කවුද මේ ගිහානි වීරසිංහ කියන්නේ. කලක්‌ ගුරුවරියක්‌, පසුව ගුවන් විදුලි නාලිකාවක ව්‍යාපාරික කළමනාකාරිනි ප්‍රධානියක්‌. අන්තිමේ ඇය නිළියක්‌. නිළියක්‌ කොහොමද පොදුරද මඬුලු උළෙලට ගියේ. සයිබර් අවකාශයේ දිගට හරහට පහර දෙන්නේ, ගහන්නේ එහෙම අහලා. ඇත්තටම ගිහානි මේ සංචාරයට ගියේ ඇයි. ගිහානිගෙන්ම අහලා බලමු.



ගිහානි වීරසිංහ රඟපෑමට එක්‌වන්නේ කොහොමද කිව්වොත්?

මම කේම්බ්‍රිඡ් සුදුසුකම්ලාභිනියක්‌ විදිහට ගුරුවරියක්‌ විදිහට ලයිසියම් ජාත්‍යන්තර පාසලේත්, ඊට පසුව පාසල් කිහිපයක ගුරුවරියක්‌ විදිහට සේවය කළා. ඊට අමතරව ඉංග්‍රීසි කථන ගුරුවරියක්‌ විදිහට නිවසේ සිට කටයුතු කළ අතර, ACBT ආයතනයේත් පන්ති පවත්වාගෙන ගියා.

ඊට පසුව?

ඊට පසුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක කළමනාකාරිනී ප්‍රධානියෙක්‌ විදිහට සේවය කළා. එහිදී මම වසර හතරක්‌ විතර එම තනතුර දැරුවා. 2015 දී සිදුවුණු ආණ්‌ඩු පෙරළියත් එක්‌කම සමහර දේශපාලන කාරණා හින්දා මම එම මාධ්‍ය ආයතනයෙන් ඉවත් වුණා. ඊට පසුව තමයි රඟපෑමට ආරාධනා ලැබෙන්නේ.

ඊට පසු මම ටෙලි නාට්‍ය ගණනාවක රගවෑවා. පසුව මම ආන්‍යා කියලා මගේම නිෂ්පාදනයක්‌ කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මම.

පෑනේ තිබෙන හයිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳව කතාවක්‌ මුල්කරගෙන තමයි ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ.

මේ දවස්‌වල ගිහානිගේ රඟපෑමට වඩා ලන්ඩන් සංචාරයක්‌ ගැන තමයි කතා කරන්නේ?

මම තමයි මේ දවස්‌වල බයිට්‌ එක. සයිබර් අවකාශයේ බයිට වෙලා තියෙන්නෙ. ගිහානි වීරසිංහ, අන්තර්ජාලයෙ සහ මුහුණු පොතේ ගිහානිට නම් කිහිපයක්‌ පටබැඳල තියෙනවා. එක නමක්‌ තමයි ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශිකාව. අනෙක්‌ නම තමයි ආයෝජන දූතිකාව. තවත් නමක්‌ අලුතෙන් නිර්මාණය වෙනවා. මම හිතන්නේ ඒ නම් දෙක නෙගටිව් නම් දෙක වෙලා දැන් ඇවිත් තියෙනවා සුදුබෝල අක්‌කා කියලා. මෙවැනි අන්වර්ථ නාමවලින් මේ දවස්‌වල මාව හඳුන්වනවා. මම තමයි සමාජජාලාවල ඉන්න හිට්‌ චරිතය. මේ කතා කරන මොහොත වෙනකොට (26 වැනිදා) පැය 72 ක්‌ වෙනවා ඇත්තටම මාව නැවත නැවතත් කෙළෙසනවා.

මේ සිද්ධ වෙච්ච දේ ගැන මොකද හිතන්නේ?

මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමාජ ජාලාවල එක්‌ එක්‌ කාලවලට නැගලා එන තරුවක්‌ විදිහට බැහැල යන්නේ නැතිව කාටවත් මාව දේශපාලනික හෝ සමාජමය වශයෙනුත් වෙනත් ඕනෑම දෙයකට මාව පාවිච්චි කරන්න ඉඩ නොදී මට මේ සිදුවුණු අසාධාරණය තවත් කාන්තාවකට සිදුවන්න ඉඩ දෙන්නේ නැතිවෙන්න මම සටන් කරනවා. මට සිද්ධවුණේ අසාධාරණයක්‌. මම නිර්දෝෂයි. මේ අවස්‌ථාවේ මම පට්‌ට නිර්දෝෂයි. නමුත් මට ඉතාමත් සාවද්‍ය විදියට චෝදනා එල්ල කළා. සයිබර් අවකාශය තුළ මාව ගණිකාවක්‌ කළා. ඒ වගේම රටේ නායකයාව සල්ලාලයෙක්‌ කළා. මීට වඩා හොඳයි මම සියදිවි නසා ගන්නවා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මෙවැනි දෙයක්‌ තවත් කාන්තාවකට සිද්ධ නොවන්න මම සටන් කරනවා.

පොදු රාජ්‍ය මණ්‌ඩල මහා සමුළුවේ ආයෝජන ප්‍රවර්ධන සැසියට සහභාගි වුණ නිසා නේද මේ දේ සිද්ධ වුණේ.

ඔව්. ඒක සහ ලන්ඩන් ගමනේදී සිදුවුණ සිදුවීම් මම සහ මගේ සැමියා විසින් අන්තර්ජාලයට මුදාහල ඡායාරූප සහ වීඩියෝ පට නිසා තමයි මේ වාගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ. අප මේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරියේ ඒවායේ කිසිදු රහස්‍යභාවයක්‌ සහ අසභ්‍යත්වයක්‌ නොතිබුණු නිසයි. අපිට ඒකට පූර්ණ අයිතියක්‌ තියෙනවා.

සමාජ ජාලවලට කලින් රූපවාහිනී නාලිකා දෙකක්‌ අපේ පෞද්ගලික ගිණුම්වල තිබුණු වීඩියෝවක්‌ අරගෙන ඔවුන්ගේ බ්‍රේකින් නිවුස්‌වල ප්‍රචාරය කරලා තියෙනවා. ඔබ බලන්න ලංකාවේ නිවුස්‌ ප්ලාන්ට්‌ කරන විදිහ. මේක තමයි ලංකාවේ මාධ්‍යයේ ක්‍රියාදාමය. ඇත්ත සිද්ධිය මීට වඩා හාත්පසින්ම වෙනස්‌.

ඔබ නිර්දෝෂී නම් සැබෑ සිද්ධිය මේක නෙමෙයි නම් ඇත්ත සිද්ධිය අපට හෙළිකරන්න පුළුවන්ද?

පැහැදිලිවම. 2018 පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායකයන්ගේ සමුළුවට සමගාමීව පවත්වනවා ආර්ථික සැසිවාරයක්‌. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගලික ව්‍යවසායකයන් සහභාගි වෙනවා. හැම අවුරුද්දකම පවත්වන මේ සමුළුවේදී ඒ දේ සිද්ධ වෙනවා. මේක ව්‍යාපාරික සමුළුවක්‌.

එතකොට ඔබ මේ සමුළුවට සහභාගි වුණේ කොහොමද?

ශ්‍රී ලංකා යුරෝපා යූනියන් බිස්‌නස්‌ කවුන්සිල් කියන ආයතනයෙන් තමයි මම සහභාගි වුණේ. ඒ ආයතනයේ සභාපතිවරයා විදිහට මගේ සැමියා කටයුතු කරනවා. මම මීට කලින් සඳහන් කළ මගේ පෙර වෘත්තිය වුණේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර කළමනාකාරී අංශය කියලා. මට හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතාවක්‌ තිබුණා. මට හොඳ මාර්කටින් නෙට්‌වර්ක්‌ එකක්‌ තිබුණා. ඒ දක්‍ෂතා අනුව මගේ සැමියා මේ ආයතනයේ වයිස්‌ ප්‍රසිඩන්ට්‌ පබ්ලික්‌ රිලේෂන් කියලා තනතුරක්‌ ලබා දෙනවා. ඊට පස්‌සේ මම ඇතුළු තවත් හතරදෙනක්‌ (හයදෙනකුගේ කණ්‌ඩායමක්‌) අපේ පෞද්ගලික වියදමින් එංගලන්තය බලා යනවා එහි සිටිය ආයෝජකයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට. එහි සිටින ආයෝජකයන්ගේ අවශ්‍යතාවය වන්නේ ලංකාවේ ටෙන්ඩර් දමා ඉදිරිපත් කරන ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න. ඔවුන්ට අවශ්‍ය වෙනවා ඒ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න. මේ නිසා ඔවුන් අපිව ඒ රටට ගෙන්වා ගන්නවා. ඉතිං අපි ඔවුන් සමඟ මේ ආර්ථික සැසිවාරයට සහභාගි වෙනවා. එතකොට අපි මේ සැසියට සහභාගි වෙන්නේ පෞද්ගලික වියදමින්. අපිට වීසා හම්බවෙන්නේ දවස්‌ පහක්‌ වැනි ඉතාමත් කෙටි කාලයකම කාලයක්‌ ඇතුළත. අපි වීසා ලබා ගන්නේ ආයෝජකයන්ගේ ආරාධනා පත්‍රය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරල විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් වීසා ලබා දෙනවා. මෙන්න මෙතැනදී විතරයි ජනාධිපති ලේකම් කාර්යාලය වීසා ලබා ගැනීමේ පටිපාටියට සහභාගි වෙන්නේ. ආර්ථික සැසිවාරය තිබුණේ නැත්නම් අපිට වීසා ලබා ගැනීමට හැකි වන්නේ නෑ. එතැනදී ආයෝජනයක්‌ ලැබුණා නම් සමාගමක්‌ විදිහට අපිට කොමිස්‌ මුදලක්‌ ලැබෙනවා. ඕක තමයි සරල සිද්ධිය.

එහිදී ඔබට ජනාධිපතිතුමාව මුණ ගැහෙනවා නේද?

ජනාධිපතිතුමා රැස්‌වීම් තුනකට සහභාගි වෙනවා. එක්‌ රැස්‌වීමක්‌ තමයි එරට සිටින ව්‍යාපාරික ප්‍රජාව. අනෙක්‌ රටවල ව්‍යාපාරික ප්‍රජාව සහ මෙරටින් ගිය ව්‍යාපාරික ප්‍රජාව ඇමතීම. ඒ රැස්‌වීම්වලට අපි සහභාගි වෙනවා. එතැනදී ගන්නා ඡායාරූපයක්‌ තමයි වයිරල්ගත වෙලා සමාජ මාධ්‍ය ජාලය කතාවක්‌ හදන්නේ. එතැන හිටපු සියලුම දෙනා ජනාධිපතිතුමා සමඟ විතරක්‌ නෙමෙයි ඇමැතිවරුන් සමඟ පවා පින්තූර අරගත්තා. ඒ පින්තූරත් මාධ්‍යයට යනවා. එතකොට අපි නැවතිලා හිටියේ ජනාධිපතිතුමා නැවතිලා හිටපු හෝටලයේමයි. හැබැයි අපේ පෞද්ගලික වියදමින්. මේ සඳහා අපිට වියදම් කළේ අපිට එහෙට එන්න කියලා ආරාධනා කරපු ආයෝජකයෝ. ඔය අතරතුර ඩිලාන් අමාත්‍යවරයා, ලක්‍ෂ්මන් අමාත්‍යවරයා වගේ තවත් හිටපු අමාත්‍යවරයෙක්‌ ඒ හෝටලයට ඇවිත් ගියා ජනාධිපතිතුමාව මුණ ගැසීමට. අපි කාරණාව ඇත්තටම මොකද්ද කියන්න දන්නේ නෑ. අපිව දැක්‌කහම ඔවුන් සතුටුවෙනවා. එතැන හිටපු ශ්‍රී ලාංකික මුස්‌ලිම් තරුණයන් පිරිසක්‌ ලන්ඩන් නුවරට එනවා රාත්‍රි කෑම වේලකට. එතැනදී තමයි අපි ඇමැතිවරු එක්‌ක සතුටු සාමීචිව කතා කර කර හිටියේ. එතැන හිටපු කෙනෙක්‌ කියනවා අද ඩිලාන් ඇමැතිතුමාගේ උපන් දිනය කියලා. එතැනදී ඇමැතිතුමාගේ උපන්දිනය සැමරුවා. ඒ පින්තූර තමයි ඔය වෙබ් අඩවි පළ කරලා තියෙන්නේ.

ගිහානිට අන්තිමේ ඇමැතිවරුන්ගේ නම් පටබැඳිලත් කතා හැදුනා නේද?

එතැනින් තමයි පටන් ගත්තේ. මම අහන්නේ ඕක කතාන්දර හදන්න ඕනෑ දෙයක්‌ද කියලා.

මේ ගසන මඩ ප්‍රචාර බොරු කියලා ඔප්පු කරන්න ගිහානිට සාක්‍ෂි තියෙනවාද?

ඔව්. අපි ඒවා දැනට ඔප්පු කරලත් තියෙනවා. අපි රජයේ වියදමෙන් ගියේ නෑ. සාක්‍ෂි සියල්ලම තියෙනවා.

ගිහානිට ගසන ලොකුම මඩේ තමයි ආයෝජකයන්ගේ සුර දූතිකාව ලෙස නම් කිරීම. ලංකාවට ආවට පස්‌සෙ මේ වගෙ දේකට මුහුණ දෙන්න සිදුවෙයි කියලා හිතුවද?

මඩ ගහගෙන යන්න පටන් ගත්තාම හැමෝටම හිමින් සීරුවේ ඇත්ත මොකද්ද කියල තේරෙනකොට ඔවුන් කියන්න පටන් ගත් දෙයක්‌ තමයි ආයෝජකයන්ගේ සුරදූතිකාව කියලා. මට මෙතැනදී විශේෂයෙන් දෙයක්‌ කියන්න තියෙනවා.

ඒ මොකක්‌ද?

මගේ ආයතනයේ හැඳුනුම්පත අරගෙන හරියට මම අහනවා මුලින්ම කිව්වේ මම රජයේ මුදලින් ගියා කියලා. ඒක කරගන්න බැරිවුණා. ඊට පස්‌සේ ඔවුන් බලනවා කතා හදලා දේශපාලනික වශයෙන් මඩක්‌ ගහන්න. ඒකත් බැරි වෙනවා. ඊළඟට ඔවුන් අරගන්නවා මට තනතුරු දෙකක්‌ දීලා කියලා. ආයෝජක සුරදූතිකාව සහ ආර්ථික උපදේශිකාව. දැන් ඒකත් නැති වේගෙන එන්නේ. කිසිම වැරැද්දක්‌ නොකරපු මට මඩ ගහන්නේ ඇයි. මොවුන්ට මෙයින් ලැබුණු ප්‍රතිලාභය මොකද්ද? මට එච්චරයි දැන ගන්න ඕනෑ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook