Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

උදාරි වෙඩින්, පාටි මඟහරි‍ෙ
හේතුව හෙලිවෙයි

මම ඉන්නෙ හරිම පිපාසාවකින් 

උදාරි ආයෙත් සිනමාවේ දකින්න ලැබෙනවා?

ඔව්. ආදරණීය කතාවක් චිත්‍රපටයට පස්සේ මම සම්බන්ධ වුණු පෝරිසාදයා චිත්‍රපටය දැන් තිරගත වෙනවා. ඒජබඪධද ථධමඪඥ වලින් මම සම්බන්ධ වුණු පළමුවැනි චිත්‍රපටය තමයි මේක. චරිතාංග නිළියක් වීමේ ආශාව සැබෑ වෙලා තියෙනවා. ඇත්තටම ඒ ගැන ලොකු සතුටකින් ඉන්නේ.

උදාරිව ගොඩක් වෙලාවට දකින්නේ අහිංසක චරිතවලින්. ඒ අහිංසක කෙල්ල කොහොමද චණ්ඩි කෙල්ලෙක් වුණේ?


ඕනම රංගන ශිල්පිනියක් ආසයි චරිතාංග නිළියක් වෙන්න. මමත් ඒකට ආසයි. ඒ වෙනුවෙන් මට උපරිම කැප වෙන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. ඒ විශ්වාසයට අවස්ථා දෙන අය අඩුයි. මට ලැබුණු අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන ගත්තා කියලා හිතෙනවා. අජන්ත මහන්තආරච්චි මහත්මයා තමයි මට සටන් පුහුණු කළේ. හේලි කියන චරිතයට ඒ පුහුණුව මඟ පෙන්වූවා.

ඒ කියන්නේ අජන්ත මහන්තආරච්චි උදාරිට හොඳ මඟ පෙන්වන්නෙක් වුණා කියන එකද?

ඇත්තටම 'හේලි' කියන චරිතය තුළ යම් සාර්ථකත්වයක් තියේ නම් එහි ගෞරවය ඔහුටත් හිමි වෙන්න ඕනෑ. මොකද ඔහු තමයි සටන් අධ්‍යක්‍ෂවරයා ලෙස මට මඟ පෙන්නුවේ.

අහිංසක පෙම්වතියගේ රාමුව පනින්න පුංචි තිරයත් දැන් උදාරිට විවෘත වෙලා නේද?

ඔව්. බිනරමලී වගේ නිර්මාණවලින් ප්‍රේක්‍ෂකයෝ මාව වෙනස් විදියට දැක්කා. 'පිනි' ටෙලි නාට්‍යයේ මම චපල බිරියක්. ඇයට චපල වෙන්නත් හේතුවක් තිබ්බා. කොහොම වුණත් ශාන්ත සොයිසා මහත්මයා මාව අහිංසක පෙම්වතියගෙන් ගලවා ගත්තා.

බොහෝ අය කියන්නේ අහිංසක ප්‍රේමවන්තියට තමයි ප්‍රේක්‍ෂකයෝ ආදරය කරන්නේ කියලා. චපලකමට, චණ්ඩිකමට ප්‍රේක්‍ෂකයෝ ආදරය කරනවාද උදාරි?

රංගන ශිල්පිනියක් විදියට මට ආදරය කරන ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නවා. එයාලා මම මොන චරිතය කළත් මට ආදරෙයි. ඔයා කරන දේවල් හිතාගන්න බෑ. ඇත්තටම ඒ වෙනස්කම් හොඳයි කියලා මාව අගය කරන ප්‍රේක්‍ෂක පිරිසක් මට ඉන්නවා.

උදාරි චරිත පිපාසාවකින් ඉන්න කෙනෙක්ද?

ඔව්. මම විවිධ විවිධ චරිත කිරීමේ පිපාසාවකින් ඉන්නේ. එකම වගේ චරිත කරන්න මම කැමැති නැහැ. මගේ රංගන හැකියාව පෙන්වන්න පුළුවන් විදියේ චරිත ලැබෙනවාට මම කැමැතියි.

ටෙලි තිරයේ අලුත් වැඩකටයුතු මොනවාද?

හිරු නාළිකාවෙ 'අහස් මාලිගා' කියලා අලුත් ටෙලි නාට්‍යයක් පටන් ගත්තා. ඒකේ මම නිරූපණය කරන්නේ අහිංසා කියන චරිතය.

උදාරිව දකින්න ලැබෙන්නේ නිර්මාණ සීමිත ප්‍රමාණයකින්. ඒකට හේතුව මොකක්ද?

ප්‍රධාන හේතුව තමයි මම විවාහකයි. මට අවුරුදු පහමාරක දුවෙක් ඉන්නවා. මම පවුලට මූලිකත්වය දෙන කෙනෙක් නිසා තමයි මාව ඉඳහිට දකින්න ලැබෙන්නේ. ප්‍රේක්‍ෂකයන්ට මාව එපා වෙන්නෙත් නැත්තේ ඒක නිසා. මාව දකින්න ලැබෙනකල් ප්‍රේක්‍ෂකයෝ බලාගෙන ඉන්නවා.

කාලයක් උදාරි ගොසිප්වලට නිතර අහුවෙන චරිතයක් වුණා. උදාරි දැන් ගොසිප්වලින් වහන් වෙලාද?

මම ගොසිප් පස්සේ යන්නේ නැහැ. ගොසිප් හැදිලාද දන්නෙත් නෑ. හැබැයි ලොකුවට ගොසිප් එකක් ගියොත් නම් කාගෙන් හරි ඒක ආරංචි වෙනවා. ඒත් ළඟදි නම් එහෙම දෙයක් ආරංචි වුණෙත් නැහැ. මම ඉතින් ගොසිප් ගැන එච්චර හිතන්නේ නැහැ.

උදාරි පවුල ගැන ලොකුවට හිතන කෙනෙක්ද?

මම පවුලට මාර කෑදර ගැහැනියෙක්. ෂූටින් නැත්නම් මම පවුලේ අයත් එක්ක තමයි ඉන්නේ.

උදාරි පාටිවල, වෙඩින්වල, විශේෂ අවස්ථාවල වැඩිපුර දකින්න නැත්තේ ඇයි?

ඇත්තටම මම උපන්දින උත්සව, වෙඩින්, වෙනත් පාටිවලට යන්නේ නැති තරම්. යාළුවෝ කිව්වොත් අපි පාටියකට යමු කියලා මම එයාලට බොරු කියලා ගෙදර ගිහින් තියෙනවා. ඒ මම පවුලේ අයත් එක්ක ඉන්න කෑදර නිසා. ඒ වගේම මම මේකප් දාන්න හරිම කම්මැළියි. සාමාන්‍ය විදියට ඉන්න තමයි මම කැමැති. ඒ නිසා පාටිවලට, වෙඩින්වලට යනවා අඩුයි. ආරාධනාවක් ලැබුණොත් සම්මාන උළෙලවලට යනවා. එච්චරයි.

සැමියා වෙන රටක. උදාරි තව තැනක. දෙන්නා එක තැනකට වෙන්නේ කවද්ද?

අපි දෙතැනක හිටියට සැමියා සති දෙකකට සැරයක්වත් ලංකාවට එනවා. තාත්තා ළඟ නෑ කියලා දුවට දැනෙන්න එයා ඉඩ තියන්නේ නෑ. අවස්ථාව ලැබුණු ගමන් මම දුවත් අරගෙන එයා ළඟට යනවා. දුවට අවුරුදු හතක් වෙද්දී අපි තීරණය කරනවා එයා මොන රටේද අධ්‍යාපනය ලබන්නේ කියලා. දැනට එයා ලංකාවේ තමයි ඉගෙන ගන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook