Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මාරයා එන්න හෝරාවකට කලින්
රේණුකාට ගෙදර මතක් වෙයි

කැනඩාවේ ප්‍රහාරයට
හොරණ කතක්‌ බිලිවූ 

කතගේ කදුළු කතාව



කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පෙරේදා (24 වැනිදා) ඝාතනයට ලක්‌වූ පදිකයන් දස දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්‌ද සිටී.

ඇය හොරණ කුඩාඋඩුව කරව්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි රේණුකා අමරසිංහ නමැති 46 හැවිරිදි එක්‌දරු මවකි. 2001 වසරේදී කැනඩාවට ගොස්‌ ඇති ඇයට එරට පුරවැසිභාවය හිමි වී ඇත.

‘‘ඔය අනතුර වෙන්න පැයකට විතර කලියෙන් පුංචි මට කෝල් කරා.එතකොට රෑ 11 විතර ඇති. පුංචි ඇහුවා අම්මා ඉන්නවාද කියලා මම කිව්වා අම්මලා නිදි කියලා. පස්සේ ගෙදර කට්ටිය සනීපෙන්ද අහලා පස්සේ කථා කරන්නම් කියලා දුරකථනය විසන්ධි කළා.රේණුකා පුංචි ටොරොන්ටෝ වල පාසලක දරුවන්ට නොමිලයේ සිංහල උගන්වන්න ගිහිල්ලා නැවත එන ගමනේදී තමා ඔය අනතුර වෙලා තියෙන්නේ ’’



කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් අතරට වෑන් රථයක් ධාවනය කිරීමෙන් මිය ගිය දස දෙනා අතර සිටි ලාංකික කාන්තාවකගේ ඥාති පුතෙකු වන සෙව්මල් ලක්ෂාන් ජයතිලක මහතා පැවසීය.

මෙසේ මිය ගොස් තිබුණේ හොරණ කිදෙල්පිටිය කරව්හේන ප‍්‍රදේශයේ පදිංචිව සිටි කැනඩාවේ පුරවැසිභාවය හිමි කාන්තාවක වන බි‍්‍රයටි‍්‍රස් රේණුකා අමරසිංහ නමැති 46 හැවිරිදි එක්දරු මවකි. සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල සහෝදරිය ලෙස ලෙස ඇය උපත ලබා තිබුණාය.

වැඩි දුරටත් ඒ පිළිබඳව අදහස් දැක් වූ සෙව්මල් ලක්ෂාන් ජයතිලක මහතා

‘‘ පුංචි මේ පාර ලංකාවට ඇවිත් ගියාට පස්සේ දෙවෙනි පාරට තමා ඔය කෝල් එක ගත්තේ මට කිව්වා එයා ඒ රටේ ළමයින්ට නොමිලේ සිංහල උගන්වන්න ගිය පලවෙනි දවස අදයි කියලා. ඒ ළමයින්ට උගන්වලා එන ගමනේදී තමා මේ අනතුර වෙලා තියෙන්නේ ’’

සිය නැගනියගේ හදිසි මරණය පිලිබදව අදහස් දැක් වූ බි‍්‍රයටි‍්‍රස් රේණුකා අමරසිංහගේ සහෝදරයා වන හොරණ කිදෙල්පිටිය පදිංචි හේමන්ත අමරසිංහ මහතා මෙසේ පැවසීය 

‘‘ මිය ගිය නංගී මුලින්ම මාත් එක්ක කුවේට් රෙටි රැකියාවට ගියේ වර්ෂ 1994 දී විතර එතැන අවුරුදු කිහිපයක් කරලා නංගී 2001 දී අපි වැඩ කරපු තැන හිමිකරුගේ පුතා පදිංචිව හිටපු කැනඩාවේ ගෙදර රැකියාවට ගියා එහිදී නංගී කළුතර ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් සමඟ විවාහ වෙලා තිබුණා. එම විවාහයෙන් නංගීට ලැබුණු පුතා දැන් ස්කෝලේ යනවා නංගී මුලින් හිටියේ ෆැන්ක්පර්ට් වල පස්සේ තමා ටොරොන්ටෝ වලට ගියේ පෙරේදා (24) සවස මට නංගීගෙ යාළුවෙක් කතා කරලා කිව්වා ටොරොන්ටෝවල ඇක්සිඩන්ට් එකකින් නංගී මිය ගිහින් කියලා. පස්සේ මම ටොරොන්ටෝවල ඉන්න නංගීගේ යාළුවන්ටත් අපේ බොස්ටත් කතා කලා එයාලා කිව්වේ නංගීගේ අවසන් කටයුතු ඒ රටේදීම කරමු කියලයි’

මිය ගිය කාන්තාවගේ සහෝදරියක වන හොරණ කුඹුක පන්සල පාරේ පදිංචි පුෂ්පකාන්ති අමරසිංහ මහත්මිය සිය නැගණියගේ හදිසි වියෝව පිලිබදව මෙලෙස අප හා අදහස් දැක් වීය - ‘‘

‘ නංගී දැන් අවුරුදු 17 ක් ට වැඩි කාළයක් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. අවුරුදු තුනකට විතර පස්සේ පසු ගිය අපි‍්‍රයෙල් 02 දා එයා දරුවත් එක්ක ලංකාවට ආවා. ඇවිත් අම්මාවත් බලලා එයාගේ කකුලේ තිබුණ පුංචි අසනීපයකටත් බෙහෙත් අර ගත්තා ඒයා හිටපු සති තුනක විතර කාළය හුගක් සතුටින් අපිත් එක්ක හිටියා. නංගී විවාහ වෙලා හිටපු කෙනා පුතාව ඉපදිලා කෙටි කාළයකින්ම නංගීගෙන් වෙන් වුනා ඒ නිසා එයාගේ පුතාව හුගක් ඉක්මනටම ආරක්ෂාකාරී තැනකට යොමු කරන්න කටයුතු කරනවා කියලයි හිටියේ. නංගී අපි‍්‍රයෙල් 17 වෙනිදා ලංකාවෙන් ගියා එහෙ ගිහින් එක දවසක් මට කතා කළා.’’ 

‘‘ නංගීට ලංකාවේ පුරවැසිභාවය නැහැ දැනට අවුරුදු 12 ක විතර ඉදලා එයා කැනේටියානු පුරවැසිභාවය ලබා ගෙන තියෙන්නේ ලබන අවුරුද්දේ ද්විත්ව පුරවැසිභාවයට ඉල්ලූම්කරනවා කියලා මේ පාර ආපු වෙලාවේ කිව්වා. කොහොම උනත් එයාගේ අවසන් කටයුතු කැනඩාවේදීම කරන්න එයාගේ යාළුවෝ සුදානම් වෙනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා’‘ යැයි ද පැවසුවායමිය ගිය කාන්තාව පදිංචිව සිටි කැනඩාවේ ටොරොන්ටෝ හි බෞද්ධ විහාරස්තානයේ විහාරාධීපති අහංගම රතනසිරි හිමියන් මේ පිලිබදව අදහස් දක්වමින් මෙසේ පැවසූහ. 

මිය ගොස් ඇති රේනුකා අමරසිංහ වසර 15 ක පමණ කාළයක සිට අප විහාරස්ථානයේ දායිකාවක් ඇය අප විහාරස්ථානයට නිතර පැමිණෙනවා ඇය ඉතා ධෛර්යවන්ත කාන්තාවක් දරුවා කුඩා සමයේදීම ස්වාමි පුරුෂයා අතහැර ගොස් තිබුණත් ධෛර්යන් යුතුව දරුවාත් බලා ගෙන රැකියාවක නිරත වුණා. ඒ වගේම ඇය කැනේඩියානු පුරුවැසියෙක් ඒ නිසා අවසන් කටයුතු මෙරට දීම සිදු කිරීමට දායකසභාව සමග සාකච්ඡා සිදු කරනවා.

අපට පුළුවන් හැටියකින් ඇගේ අවසන් කටයුතු සිදු කිරීමටයි අපගේ බලා පොරොත්තුව නමතුත් එම අනතුරින් මිය ගිය අයගේ දේහයන් තවමත් බාර දී නැහැ ’’

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook