Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සෙනාලි "කෝටිපතියෝ" අතහැරියාද?

සෙනාලි පසුගිය දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා හිටියා..?

ඔව්. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රූගත කිරීම්වලට එකතු වුණා. එහි හඬ කැවීම් කටයුතු මේ දවස්වල සිදුකරනවා.

පසුගිය දවස්වල සෙනාලි රට වටේ රස්තියාදු ගැහුවා කියලත් ආරංචියි..?

ඔව්. ඔව්. මම කාලයක් ලංකාවේ හිටියේ නෑනේ. ඒ නිසා මට ලංකාවේ නොගිය තැන්වලට යන්න ඕන වුණා. තාත්තත් එංගලන්තයේ ඉඳන් ලංකාවට ආවා. ඒ නිසා අපි ලංකාව වටේ ගියා ලස්සන තැන් බලන්න.

"හාරකෝටිය" ටෙලියෙන් දැකපු සෙනාලි "කෝටිපතියෝ" ටෙලියේ දකින්න නෑ. ඇයි ඒ...?

ගොඩක් අය මගෙන් අහනවා "කෝටිපතියෝ" ටෙලි නාට්‍යයට එනවද නැද්ද කියලා. තාම ඒකට තීරණයක් අරගෙන නැහැ. සමහර විට ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නත් පුළුවන්. සමහර විට සම්බන්ධ නොවෙන්නත් පුළුවන්. ඉදිරියට බලමු.

ආයෙත් පුංචි තිරයේ වැඩවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද සෙනාලි..?

ආරාධනා නම් කිහිපයක්ම ලැබුණා. පුංචි තිරයට සම්බන්ධ වෙනවට වඩා වැඩි අවධානය දෙන්නේ සිනමාවට. නමුත් ටෙලි නාට්‍ය වලටත් සම්බන්ධ වෙනවා.

කොහොමින් කොහොම හරි සෙනාලි පුංචි තිරයෙන් සමුගන්නේ නැතිවෙයි නේද..?

මම ආසයි කලාවට. වෙනස් වෙනස් චරිත කරන්න මම කැමැතියි. ඒ නිසා සිනමාවද පුංචි තිරයද කියලා අදාළ නැහැ. නමුත් මම ආවේ සිනමාවෙන්. ඒ නිසා මම සිනමාවට ගොඩක් කැමැතියි. හාරකෝටිය ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වුණෙත් ඒක වෙනස් චරිතයක් නිසා. ලංකාවට මම අවාට පස්සේ ආයෙත් මම කලාවේ වැඩ කටයුතු කරන්න පටන් ගත්තා කියලා මගේ ප්‍රේක්ෂකයන්ට දැනුම් දෙන්නයි ඕන වුණේ. වෙනස් යමක් කරන්න පුළුවන් නිර්මාණයකට මම සම්බන්ධ වෙනවා.

සිනමාවට වැඩි බරක් දෙන්න කැමැති නිසා ආරාධනා ලැබෙන ඕනෑම නිර්මාණයකට සෙනාලි සම්බන්ධ වෙනවද..?

එන හැම නිර්මාණයක්ම මම භාරගන්නේ නැහැ. වෙනස් වෙනස් චරිත තුළින් තමයි මම කලාව ඉගෙන ගන්නේ. ඒ නිසා එවැනි වෙනස් චරිත සහ හිතට වදින යමක් නම් මම සම්බන්ධ වෙනවා. මගේ වයස, අත්දැකීම් ප්‍රමාණය සහ මම කලාවට අලුත් නිසා කලාව තුළ කරන්න බැරි සමහර දේවල් තියෙනවා.

සෙනාලි සිනමාවෙදි නම් ජනප්‍රිය නිළි සම්මානය දිනාගත්තා. ටෙලි තිරයේ ජනප්‍රිය නිළි සම්මානයක් ගන්න බලාපොරොත්තුවක් නැද්ද..?

සිරි පැරකුම් චිත්‍රපටයෙන් මම ක්ෂේත්‍රයට ආවට පස්සේ මට ජනප්‍රිය සම්මානයක් ලැබුණා. කලාවට ආපු ගමන් ජනප්‍රිය සම්මානයක් ලැබුණත් මම ජනප්‍රිය සම්මාන පස්සේ යන්නේ නැහැ. හැබැයි කවදාක හරි හොඳම නිළි සම්මානය ගන්න ඉලක්කයක් මට තියෙනවා. ජනප්‍රිය සම්මානය ලැබුණත් නැතත් ජනතාවගේ ආදරය මට කොහේ ගියත් ලැබෙනවා. ඒක තමයි මට ලැබෙන ජනතා සම්මානය.

හොඳම නිළි බලාපොරොත්තුව තියෙන නිසා ලොකු කැපකිරීමක් කරන්න වෙයිද?

මම රංගනය කරන්නේ රස්සාවකට නෙවෙයි. ආසාවෙන් සහ ආදරයෙන් මම ඒ දේ කරන්නේ. රස්සාවක් කරනවා කියලා හිතාගෙන නොකරන නිසා මම ආසයි මට ලැබෙන හොඳ චරිතයකට කටු කාගෙන හරි කැපකිරීම් කරන්න.

එතකොට සෙනාලිට සිනමා රංගනයේ සීමා නැද්ද..?

සෙනාලි ෆොන්සේකා හැටියට මම දාගත්ත සීමා තියෙනවා.

ඒ සීමා මායිම් දාලා තියෙන්නේ විශේෂ කෙනෙක්ද..?

නැහැ. නමුත් විශේෂ පුද්ගලයන් දෙන්නෙක් නිසා තමයි මම සීමා දාගෙන තියෙන්නේ. ඒ මගේ අම්මයි, තාත්තයි. මම එයාලට හොඳ දුවෙක් වෙන්න ඕන. මම පවුලේ එකම දරුවා නිසා එයාල මං ගැන දකින හීන තියෙනවා. එයාලා කැමැතියි මම ඉගෙන ගන්නවට. ඉගෙනීමේ කටයුතුවලටත් ඉඩ දුන්නම රංගන කටයුතුවල සමහර දේවල් මට මඟහැරෙනවා. තෝරා බේරාගෙන වැඩ කරද්දී ගමන ප්‍රමාද වෙයි. නමුත් මම හිමින් ගමනක් යනවා.

සෙනාලිගේ ලොකු නැන්දා (මාලනි ෆොන්සේකා) තාමත් ජනප්‍රියයි. ඒ වගේම හොඳම නිළියක්. සෙනාලි ලොකු නැන්දගේ තැනට යන්නද හීන දකින්නේ..?

ඒ තැනට කාටවත් යන්න බෑ. ඇය පෞද්ගලික ජීවිතයත් අතහැරලා කලා ජීවිතයට සියයට සියයක් තැන දුන්නා. ඒකයි ඇය නිළි රැජනක් වුණේ. මට එවැනි කැපකිරීමක් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඇය ඉන්න තැනට එන්න නෙවෙයි ඇයට ආඩම්බරයක් වෙන්න වැඩ කරන්නයි මට ඕන.

සෙනාලි කලා ක්ෂේත්‍රයට එද්දි ලොකු ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ ජනප්‍රියත්වය තාම තියෙනවාද..?

ඒ ආදරය තව වැඩි වෙලා තියෙන්නේ. එක පාරට ජනප්‍රිය වෙද්දි ගොඩක් අය හිතන්නේ එකපාරට එන අය එකපාරට නැතිවෙලා යනවා කියලා. මගේ ඉගෙනීමේ කටයුතු නිසා මමත් බය වුණා මටත් එහෙම වෙයිද කියලා. ඒත් තාමත් ප්‍රේක්ෂකයෝ මට ආදරය කරනවා. සෙනාලි ෆොන්සේකා කියලා මාව හඳුනනවා. ඒක මට සතුටක්.

පසුගිය කාලේ සෙනාලි හොඳට නැටුවා. ආයෙත් රියැලිටි වැඩවලට සම්බන්ධ වෙන්නේ නැද්ද..?

දෙරණ ස්ටාර් සිටි බඹඥදබර බඹඥදබර වැඩසටහනට සම්බන්ධ වුණා අශාන් ෆොන්සේකා අයියා එක්ක. මම නර්තනයට දක්ෂයි. මම දුකටත් නටනවා සතුටටත් නටනවා. මගේ දක්ෂතාව පෙන්වන්නයි මම ඒ වැඩසටහනට සම්බන්ධ වුණේ. මට හැම එකකින්ම එකක් කළාම ඇති. ඒ නිසා ආයෙත් රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. නමුත් ඉදිරියෙදි කොහොම වෙයිද දන්නේ නෑ.

දැන් සෙනාලි තෝරාගත්ත විශේෂ කෙනෙකුත් ඇති නේද..?

විශේෂ කෙනෙක් තාම නැහැ. විශේෂ කෙනෙක් හොයන්නෙත් නැහැ. මම කැමැතියි සෙනාලි ෆොන්සේකා කියන රංගන ශිල්පිනියට වඩා සෙනාලි කියන කෙල්ලට කැමැති කෙනෙක්ට. කොහොම වුණත් මගේ පිස්සුවට හරියන පිස්සෙක් තාම ලැබුණේ නැහැ.

දැන් සෙනාලි දිගටම ලංකාවේ ඉඳියිද..?

මගේ පදිංචිය තියෙන්නේ එංගලන්තයේ. මම මගේ උපාධිය අවසන් කරලා අවුරුදු එකහමාරක් විතර ලංකාවට ඇවිත් වැඩකටයුතුවලට සම්බන්ධ වුණා. අධ්‍යාපන කටයුතුවලට මම ආයෙත් එංගලන්තයට යයි. ඒ දවස තාම තීරණය කරලා නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook