Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඉස්‌සර සතියේ දවස්‌ හතේම හැම
චැනල් එකකම මම හිටපු දවස්‌ තිබුණා
- සනත් විමලසිරි

බිරිඳ විනීතා එරන්දතී ගුරුවරියක්‌ විදියට කටයුතු කරනවා


ආදරය කරපු තරුණියෝ මදුරු කොයිල් දෙන්න එහෙම කතා කරන්නේ නැද්ද?

සනත් විමලසිරි කියන්නෙ අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක්. හැබැයි වර්තමානයේදීනම් සනත්ව කලා ක්ෂේස්ත්‍රයේ දකින්න ලැබෙන්නෙ ටිකක් අඩුවෙන්.

කොහොම වුනත් ඒකට හේතුව වගේම සනත්ගෙ ජීවිතයේ අලුත්ම තොරුතුරු ඔහු පුවත්පතකට කියලා තිබුනෙ මේ විදියට.

සනත් විමලසිරි අද රංගන ක්‍ෂේත්‍රයේ නැති ගානයි?



ඇත්තටම මම අවුරුදු තුනහමාරකින් විතර රංගන කටයුතුවලට සහභාගි වුණේ නෑ. ඒකට හේතුව තමයි මේ වෙනකොට මම දර්ශනපති උපාධියට සූදානම් වෙනවා. ඉතින් මේ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ එහි පර්යේෂණ කටයුතු සිද්ධ වෙනවා.

ඒ සඳහා කැප කිරීමට සිදුවන කාලයත් එක්‌ක බැලුවම මට රංගන කටයුතුවලට කාලය වෙන් කිරීමේ අපහසුවක්‌ තමයි තියෙන්නේ. ඒ නිසා අධ්‍යාපන කටයුතු ඉවරවෙනකම් කලා කටයුතුවලින් ටිකක්‌ ඈත් වුණා.

ඒ දීර්ඝ කාලය තුළ ලැබුණු ආරාධනාවලට මොකද කළේ?

ආරාධනාවක්‌ ලැබුණම රංගන ශිල්පියෙක්‌ විදියට ඒක ප්‍රතික්‍ෂේප කරන්න හිත හදාගන්න එක ටිකක්‌ අමාරු වැඩක්‌. ඒත් ඉතින් මම සම්පූර්ණ කර ගන්න යන මගේ උපාධිය ගැන හිතල එහෙම නොකර බැහැ.

එහෙම ඉන්නකොට බුද්ධික වික්‍රමාදර මගේ ආදර මිත්‍රයා කතා කරා කොමඩි ටෙලිනාට්‍යයකට. ඒකට සහභාගී වුණා. කොච්චර වෙලාව නැති වුණත් මට මේ කාලය තුළ වේදිකාව නම් අතහැරියේ නෑ.

අලුත් පරපුර සනත්ලට තිබුණ තැන උදුර ගෙන කිව්වොත්?

එහෙම එකක්‌ නෑ. අපිට කලින් පරම්පරාවත් අපිට යම් තැනක්‌ හදල දුන්න. ඒ ගොල්ලො හදල දුන්න ප්‍රේක්‍ෂකාගාරවල රස වින්දනය කරා.

රංග මණ්‌ඩලවල අපි රඟපෑවා. අපෙන් පස්‌සෙත් පිරිසක්‌ අනිවාර්යයෙන්ම මේ ක්‍ෂේත්‍රයේ ඉන්න ඕන. ඉස්‌සර සතියේ දවස්‌ හතේම හැම චැනල් එකකම මම හිටපු දවස්‌ තිබුණා.

කොහොම වුණත් අද තියෙන රැලිවලට මුහුණ දෙන්න අමාරුයි නේද?

අනවශ්‍ය රැලිවලට අපි හසුවෙන්න ඕන නෑ වගේම හොඳ රැල්ලකට නම් ගසාගෙන ගියත් කමක්‌ නෑ. රැලි ආවට සවි ශක්‌තිය තියෙන දේවල් ගසාගෙන යන්නේ නෑ.

බොහෝ දෙනෙක්‌ කියන කතාවක්‌ තමයි නිර්මාණ ලැබෙනවා, බාරගන්න වෙලාවක්‌ නෑ කියල ඒ අතර සනත්?

ඒක වෙන්නෙ මෙහෙමයි. මගේ පැත්තෙන් ඔය ගැන කතා කළොත් මම වෘත්තියෙන් ගුරුවරයෙක්‌. ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ ගුරු මධ්‍යස්‌ථානයේ කථිකාචාර්ය-වරයෙක්‌ විදියට කටයුතු කරනවා.

ඇත්තටම කාර්ය බහුලයි. ඒ නිසා මට කියන්න පුළුවන් වෙලාවක්‌ නෑ කියල. බොරුවට එහෙම කියන අය ඉන්නවද කියල මම දන්නෙ නෑ.

ස්‌ථිර රැකියාවක්‌ තියෙන නිසාද නිර්මාණවලට අඩු දායකත්වයක්‌ දෙන්නේ?

ඔව්. එහෙම කරන්න වෙනවා. මොකද එක දිගට රූගත කිරීම්වලට සහභාගී වෙන්න ගියොත් ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා. අඩු කාලෙකින් කරන්න පුළුවන් නිර්මාණවලට වැඩි තැනක්‌ දෙනවා.

ගුරු වෘත්තිය පිළිබඳ ඔබ තෘප්තිමත්ද?

අනිවාර්යයෙන්. හැබැයි ගුරුවරුන්ව පාලනය කරන පිරිස්‌ මීට වඩා ගුරුවරුන් ගැන අවබෝධයකින් ඇගයීමකින් ඉන්නව නම් හොඳයි කියල මම හිතනවා.

ඒ කාලෙ ඔබට ආදරය කරපු තරුණියෝ ගොඩක්‌ හිටියා. දැන් ඒ වගේ මදුරු කොයිල් දෙන්න එහෙම කතා කරන්නේ නැද්ද?

අපොයි කතා කරනවා. ඒත් අපි දැන් විවාහවෙලා දරුවො ඉන්න අය. ඒ ගැන අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනනේ. අනික ගෞරවාන්විත රැකියාවල නියෑළිලා ඉන්දෙද්දී. මොකද ගුරු වෘත්තීය වගේම නළුකම කියන්නෙත් ගෞරවාන්විත රැකියාවක්‌ කියල මම විශ්වාස කරනවා. ඒ නිසා බොහොම පරිස්‌සමෙන් ජීවත් වෙන්න ඕන.

ඇත්තටම එදා තිබුණ ජනප්‍රියත්වය අද නෑ නේද?

ජනප්‍රියත්වය කියන දේ ඇත්තටම සාපේක්‍ෂයි. හිටපු ගමන් වෙනස්‌ වෙනවා. වෙලාවකට වැඩි වෙනවා. අඩු වෙනවා. නැත්තටම නැති වෙලා යනව. නිර්මාණවල දකින්න නොලැබීම තුළ ප්‍රේක්‍ෂකයන් අතරෙ ජනප්‍රියත්වය අහිමි වීම කාටත් පොදු සාධකයක්‌.

රංගන ශිල්පියෙක්‌ විදියට ජීවිතේ ගත්තු තීන්දු තීරණ සියල්ල නිවැරදියි කියල හිතනවාද?
වැරදිච්ච තැනුත් තියෙනවා. ඒත් සමස්‌තයක්‌ වශයෙන් ගත්තම ඒ ගත්ත තීන්දු තීරණවලින් හානියක්‌ වගේම අහේනියක්‌ වෙලා නෑ. සෑම තීරණයක්‌ම හරි පැත්තට හැරුණා සහ හරවා ගත්තා.

ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි සනත්ට තදින්ම බලපාල කිව්වොත්?

කපන කොටන අය ගොඩක්‌ ඇති ඒත් මට ඒ දේවල් ලොකුවට දැනිල බලපාල නැහැ. එහෙම තිබුණත් මම ඒව ගණන් ගන්න කෙනෙකුත් නෙමෙයි.

ගුරුවරයෙක්‌ විදියට දරුවන් රියෑලිටි වැඩසටහන්වලට සහභාගී කර ගැනීම ඔබ දකින්නේ?

ඒකෙ දෙපැත්තක්‌ මම දකිනවා. වැඩසටහන හරියටම රියෑලිටි නම් පුංචි පැටව්න්ගේ දරුකම ශිෂ්‍යභාවය නැති කරන්නෙ නැතිනම් හරියට වටිනවා.

වේදිකාව – පුංචි තිරය – සිනමාව අතරින් ඔබ වැඩ කරන්න කැමැති මාධ්‍යය?

මම අවුරුදු හතරෙදි තාලම්පොටක්‌ ගහන්න වේදිකාවට නැඟල එතැනින් ආපු කෙනෙක්‌. ඒ නිසා එදත් අදත් හෙටත් මම කැමැතිම වේදිකාවට.

රංගන ශිල්පියෙක්‌, ස්‌වාමියෙක්‌, ගුරුවරයෙක්‌ තාත්ත කෙනෙක්‌ විදියට ඔබ ගෙවන ජීවිතේ ඔබට දැනෙන්නේ?

විඩා බරයි. ඒත් මම ඔය හැම භූමිකාවම තෘප්තිමත් ව නිරූපණය කරන චරිතයක්‌. කාර්ය බහුල වීම තුළ බොහෝ වේලාවටම ප්‍රශ්න ඇති වෙනවා අපි දකිනවා. ඒත් මගේ ගෙදර දෙවියන්ගේ පිහිටෙන් එහෙම දෙයක්‌ නෑ. බිරිඳ විනීතා එරන්දතී ගුරුවරියක්‌ විදියට කටයුතු කරනවා.

බුද්ධිමත්ව හැමදේටම මුහුණ දෙනවා. ඒ තුළ මට මානසික තෘප්තිය ඇතිව සියලු දේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ලොදු දුව මෙත්සඳි ලසේයා අනුලා විද්‍යාලයෙත්, පොඩි දුව නේලි දසුන්‍යා ලයිසියම් ජාතන්තර පාසලෙන් ඉගෙනුම ලබනවා.

– ධම්මික හේවාවසම්

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook