Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


කලකිරුණු අතීතය අමතක කර
මුතූ ආයෙත් අළුත් වැඩක


අවුරුදු තුනකට විතර පස්සෙ ආයෙත් පුංචි තිරයට ඇවිත් නේද?



ඔව්, බුද්ධිනී ජයවර්ධන තිර රචනය කරපු නුවනි වලිමුනි නිෂ්පාදනය කරපු 'අහස්' කියන ටෙලි නාට්‍යයට දායක වුණා.

මෙච්චර කාලයක් ඇයි හැංගිලා හිටියෙ?

ඇත්තටම මට ක්ෂේත්‍රය ගැන ලොකු කලකිරීමක් තිබුණා. සමහර රූගත කිරීම්වලදී කෑම බීම අන්තිමයි. අපිට ඇඳුම්, වාහන තියෙනවා නම් තමයි නාට්‍යවලට ගන්නෙ. අනෙක සල්ලි දෙන්නත් පරක්කු වෙනවා.


'අහස්' නාට්‍යයට එකතු වෙන්න හිතුණෙ ඇයි?


පිටපත බැලුවම තේරුණා මේක හොඳයි කියලා. නිෂ්පාදනයත් ගොඩක් ඉහළයි. ජීවිතයේදී ලැබුණු හොඳම කතාවක්. මේ නාට්‍යයේ නළු නිළියන්, කැමරා ශිල්පීන් ඇතුළු මුළු කණ්ඩායමම බොහොම සුහදශීලීයි. අනෙක බුද්ධිනී සහ නුවනි මට මගේ ගණන් අඩු කරන්න කිව්වෙත් නැහැ. ඒ නිසා අපිට වුණත් ධෛර්යයක් ඇති වෙනවා වැඩ කරන්න.

ඒ කියන්නේ මේ නාට්‍යයේදී මුතූට ප්‍රශ්න ආවේ නෑ කියන එකද?

ඔව්. බුද්ධිනී, නුවනි සහ කැමරා අධ්‍යක්ෂ ඇතුළු හැම කෙනාටම ගොඩක් ස්තූති කරන්න ඕන. සමහර වෙලාවට රූගත කිරීම්වලදී කවුරුහරි බාධා කළොත් අපිට ඒ චරිතය හරියට කරගන්න බැරිවෙනවා. ඒත් මේ නාට්‍යයේදී හැම කෙනාගෙන්ම සහයෝගය මට ලැබුණා.

අහස් වෙනස් වැඩක්ද?

ඔව්. ප්‍රශ්නවලට මුහුණ දෙමින් ජීවිතය ගෙනියන්නෙ කොහොමද කියන එක තමයි මේ කතාවේ තියෙන්නෙ. හරිම ලස්සන කතාවක්. හරිම ආසාවෙන් මම එහි රඟපෑවා.

ගායනය පැත්තට යොමු වුණේ රංගනය ගැන කලකිරුණු නිසාද?

ඔව්. ඇත්තටම කලකිරුණු නිසා. නැත්නම් මං තාමත් රංගන කටයුතු විතරයි කරන්නෙ. ඒ නිසාම තමයි මම 'ළං වුණා' ගීතයත් කළේ.

දැන්මම විවාහ වෙන්න අදහසක් නැද්ද?

මම හිතන්නෙ හැමදේටම වාසනාව සහ වෙලාව තියෙන්න ඕන. කොච්චර බලාපොරොත්තු තිබුණත් වැඩක් නැහැ. මගේ බලාපොරොත්තු ගොඩක් කඩවුණා. හිත් රිදීම් ඇති වෙන නිසා මම දැන් ලොකුවට බලාපොරොත්තු තියාගන්නෙත් නැහැ. ඒ තැනට මම වැටෙන්න කැමැති නැහැ.

මොනවද අලුත් වැඩ?

අලුතින් සින්දුවක් කළා. ළඟදීම ඒකට වීඩියෝ එකක් කරන්න ඉන්නෙ. ඒ ගීතය නම් කරලා තියෙන්නේ 'දිවුරලා' කියන නමින්. එහි සංගීතය චන්දන වල්පොලගේ. පද රචනය සජිත් වී. චතුරංගගේ.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook