ලැබෙන රැකියාවත්
නාඩි වාක්‍යයෙන් හරියට කිව්වා
බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ
මෙතෙක් පළ නොවූ සාකච්ඡා
නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ. සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස් වශයෙන් පළවන බව සලකන්න.
ඒ වෙනුවෙන් කළ යුතු පුද පූජාවන් විස්‌තර කළ නමුත් ඇය ඒවා ගණන් නොගෙන සිටි අතර නාඩි වාක්‍යවල කියා තිබූ පරිදිම තරුණ කැරුල්ලක් සිදු වී ඇයගේ ජීවිතයට බරපතළ හානිකර තත්ත්වයක් උද්ගත වූ බව ද සදහන් කළේය.
ඇඳිරි නීතිය පනවා තිබූ දවසකදී තමන් හමුවීමට ජීප් රථයකින් පැමිණි හමුදා නිලධාරීන් පිරිසක් වහාම මැතිනිය හමුවන ලෙස දැන්වූ බවත් කීය.
ඒ අනුව ඒ මොහොතේම තමා මැතිනිය හමුවීම සදහා අරලියගහ මන්දිරයට ගිය බව ද මැතිනිය තමාට නාඩි වාක්‍යයේ කියා ඇති පුද පූජා එදිනම රාත්‍රියේ හොරගොල්ල වලව්වේදී සිදු කිරීමට අවශ්‍ය පුද පූජා කටයුතු සංවිධානය කරන ලෙසට ඇය ඉල්ලා සිටි බව ද ඔහු කීය.
ඒ අනුව තමා පූජාවට අවශ්‍ය සියලු කලමනා දෑ රැගෙන ජින්තුපිටිය කෝවිලේ අයියර්වරුන් සමඟ හොරගොල්ල වලව්වට ගොස් එදිනම මහ රෑ පුරා "ආයුර්හෝමම්" ඇතුඵ පුද පූජා රැසක්‌ම සිදු කළ බව ද කී ඒ මහතා ඒ හේතුවෙන් ඇය දීර්ඝායුෂ භුක්‌ති විඳිනු ඇතැයි ද කීය.
"තවත් අපූරු සිදුවීමක් මං කියන්නං, වරක් මං ලන්ඩන් ඉදල එන අතරතුර මට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට යැමට අවශ්‍යතාවක් තිබුණා. මං කේරළ ප්‍රාන්තයේ නාඩි වාක්‍යය කියවන තැනකට ගියා".
එහිදී ඔහු පුරුදු විදිහට මගේ නම මගේ බිරිඳගේ නම, වතගොත කියල නැවැත්තුවා. ඔහු මදක් කල්පනා කරමින් ඉදල කීවා.
"මේක වැරදි කෙනෙක්‌ගේ නාඩි කොළයක් වැරදි විස්‌තර තියෙන්නේ" කියල.
"මං ඇහුවා මොනවද කියල තියෙන්නෙ කියල". ඔහු කීවා "මේ නාඩියේ හැටියට මේ තැනැත්තා රුපියල් 120,000 ක මුදලක් පඩි විදිහට ගන්නවා. අපේ රටේ කිසිම කෙනකුට ඒ තරම් පඩියක් ලැබෙන්නෙ නෑ.
අපේ රටේ නායකයාටවත් ඒ තරම් පඩියක් ලැබෙන්නේ නෑ කියල".
"ඔහු හිතුවේ මං කේරළ ජාතිකයෙක් කියලා. හේතුව කේරළ මිනිස්‌සුයි, අපේ රටේ මිනිස්‌සුයි හැම අතින්ම එක වගේ".
"මං ඔහුට පැහැදිලි කරල දුන්නා "මං කේරළ ජාතිකයෙක් නෙවෙයි කියල. මං ශ්‍රී ලාංකිකයෙක්. මං දැනට වැඩ කරන්නේ එංගලන්තේ. මට දැනට පඩි වශයෙන් ඉන්දියානු මුදලින් රුපියල් 120,000 ක මුදලක් ලැබෙනවා කියල".
"ඉන් පස්‌සේ ඔහු මට ඉතිරි නාඩි විස්‌තර ලබාදුන්නා.මගේ බිරිඳ අන්‍ය ආගමික තැනැත්තියක් වුණත් මෙම නාඩි වාක්‍යය දැඩිව විශ්වාස කරනවා. පුද පූජා පවත්වනවා".
"මේ පිළිබද මට නං කියන්න තියෙන්නේ ඝෘෂීන් වහන්සේලා මනුෂ්‍යයන් පිළිබද මහත් කරුණාවෙන් දයාවෙන් මෙම නාඩි වාක්‍ය ප්‍රකාශයට පත් කරල තියෙනවා කියලයි.
මේ නාඩි වාක්‍ය ප්‍රකාශ කළ සියලුම ඝෘෂීන් වහන්සේලාටම මම හැම වෙලේම පිං දෙනවා ස්‌තුති කරනවා".
(මෙම ප්‍රකාශන අප විසින් සටහන් කර ගන්නා ලද්දේ 1992 වර්ෂයේදී බව කරුණාවෙන් සලකන්න.)
තරුණ පාසල් සිසුවාගේ අත්දැකීම්
අහඹු ලෙස මා දැන හදුනාගත් කොළඹ ඉතාමත් ප්‍රසිද්ධ විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරයකු තමාට ද නාඩි වාක්‍ය කියවා ගැනීමේ අවස්‌ථාවක් සලසා දෙන ලෙස කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ඔහුට ද නාඩි වාක්‍ය කියවා ගැනීමේ අවස්‌ථාවක් ලබා දුනිමි.
මේ විස්‌තරය දැනගත් ඒ මහතාගේ දාහත් වියේ පසුවූ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ද තමන්ට ද නාඩි වාක්‍යය කියෑවීමේ අවස්‌ථාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට අනුව ඔහුට ද නාඩි වාක්‍ය කියෑවීමේ අවස්‌ථාවක් ලබාදුනිමි.
පාසල් ජීවිතයෙන් සමුගෙන සිටි මෙම තරුණයා රැකියාවක් සොයමින් ගත කළ කාලයක් විය. නාඩි වාක්‍යය ඇසීමෙන් පසු මා ඔහු හමුවූ විටෙක ඒ පිළිබදව ඔහුගේ අදහස් විමසීමි.
ඔහු කළ ප්‍රකාශය මෙසේය,
"අංකල් කීවට අමනාප වෙන්න එපා. මේක මහා පට්‌ටපල් බොරුවක්. මිනිස්‌සු රවට්‌ටල සල්ලි කඩා ගන්නවා. අපරාදේ අපේ තාත්තගේ සල්ලි.
මිනිස්‌සු සුරංගනා ලෝකවලට යවනවා. මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියල අපිව ගොනාට අන්දනවා".
"මොනවද කියල තිබුණේ" මම ඇසුවෙමි.
"මට තව ටික දවසකින් රක්‌ෂාවන් ලැබෙනවලු. ඒ රක්‌ෂාව දෙන ආයතනය ටික කලකින් මාව පුහුණුවකට පිටරට යවනවලු. ඒ කාලය ඉවරවෙන්න කලින් මගේ පුහුණු කාලය ඉවර කරල ආපහු එන්න සූදානම් වෙනකොට නැවතත් මගේ පුහුණුව අවුරුදු තුනකට දීර්ඝ කරල මහා ධනවතුන්, කුමාරවරුන්, සිටුවරුන්ගේ දරුවන් ඉගෙනගන්නා ඉතාමත් ඉහළ තලයේ විශ්වවිද්‍යායලයකට මාව ඇතුඵ වෙනවා කියල තිබුණා. පුහුණුවෙන් පසු මං රජ කෙනකුගේ රාජකීය උපදේශකයා ලෙස පත්වෙනවලු.
මේවා විශ්වස කරන්න පුඵවන් දේවල්ද.? මහා පච ගොඩක්‌නේ". මම නිහඩව සිට මෙසේ ඇසුවෙමි.
"දැන් පුතාගේ නම, දෙමවුපියන්ගේ නම්, කේන්දර, වතගොත, ආදිය හරියට කීවද".?
"ඒව නං ඇත්තයි, ඒත් අනාගතය ගැන කියපු දේවල් නං කවදාවත් වෙන්නේ නෑ".
"අනාගතය තවම ඇවිල්ලා නෑනේ. ඉදිරියට වෙන්න තියෙන්නේ මොනවද කියල ඉවසීමෙන් බලා ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. මොකටත් පුතාගේ නාඩි විස්‌තර තියෙන කැසට් එක ප්‍රවේශමෙන් අරන් තියන්න" කියල මම උපදෙස් දුන්නා.
ඊට පසු ඔහු හමුවීමට හෝ සම්බන්ධතා පැවැත්වීමට ද අවස්‌ථාවක් මට නොලැබුණි. ඒ සදහා උත්සාහයක් ද නොගතිමි.
වසර කීපයකට පසුව මට නාදුනන නුපුරුදු කටහඬඩකින් දුරකථන ඇමතුක් ලැබුණි.
"අංකල් මං අර නාඩි වාක්‍ය කියවපු---- කෙනා. පවුලේ තොරතුරු විමසීමෙන් පසු නාඩි වාක්‍ය පිළිබදව ඔහු ලද අත්දැකීම් ගැන විමසුවෙමි.
ඔහු කළ ප්‍රකාශය මෙසේය.
"අනේ අංකල් මං නාඩි වාක්‍ය අහපු දවස්‌වල මං අංකල්ට කියාපු කතාවලට මට සමාවෙන්න".
"ඉතිං මොකද වුණේ? මම දැන ගන්න කැමතියි".
"අංකල් නාඩි වාක්‍යවල කියල තිබුණ විදිහටම මට පුද්ගලික ආයතනයක රක්‌ෂාවක් ලැබුණා. ඒ අතරතුර එම ආයතනයෙන්ම කෙටි කාලයකට පුහුණුවකට පිටරට යැමට මට ශිෂ්‍යත්වයක් ද ලබාදුන්නා.
බදුල්ලේ මෛත්‍රී රත්නායක