Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පපුවේ අමාරුව හැදුණේ ගිය භවයේ ශාපයකින්
බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ 
- නාඩි වාක්‍යය හෙළි කළ තවත් රහසක්‌

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

ඒ අනුව අපි දුරකථන ඇමතුමක්‌ ලබාගෙන සියලු විස්‌තර මහාචාර්යවරයාට කීවා.

ඒ මහතා අපේ විස්‌තරයට ඇහුම්කන් දී දරුවා රැගෙන ඇමෙරිකාවට එන ලෙසත්, රෝහල් ගාස්‌තු සහ බෙහෙත්වල වියදම පමණක්‌ ගෙවන ලෙසටත්, ඒ මහතා දැන්නුවා. මේ වෙනුවෙන් කිසිම මුදලක්‌ තමන් අපේක්‌ෂා නොකරන බවත් ඒ මහතා කීවා. අපේ යා`ඵවෝ මේ සියලු වියදම් දැරීමට කැමැත්ත පළ කළා".

"අපි දිනයක්‌ වෙන්කරවා ගෙන ඇමෙරිකාවට ගියා. දරුවා ඇමෙරිකාවේ රෝහලකට ඇතුළු කරල සති දෙකක්‌ විතර විවිධ පරීක්‌ෂණ කෙරුවා. අන්තිමේදී ඒ මහාචාර්යවරයාත කිවේ දරුවට කිසිම කායික රෝගයක්‌ නෑ කියල".

"අපි ආපසු ලංකාවට එන්න පිටත් වුණා. ඒ දවස්‌වල අද වගෙA කෙළින්ම ලංකාවට යැමට ඒමට ගුවන් ගමන් පහසුකම් තිබුණේ නෑ. අපි ඉන්දියාවට ඇවිල්ලා ප්‍රාදේශීය ගුවන් තොටුපළක නැවතිලා හිටියා ලංකාවට එන්න. එදා ලංකාවට ඒමට නියමිත ගුවන් යානය පැය හතක්‌ අටක්‌ විතර ප්‍රමාද වෙනවා කියල දැනගන්නට ලැබුණා".





"ඔය අතර අපූරූ සිද්ධියක්‌ වුණා. ගුවන්තොටුපළේ හිටිය ඉන්දියානු ගුවන් මගියෙක්‌ මං එක්‌කලා කතාවට වැටුණා. මං මගේ සියලු විස්‌තර ඔහුට කීවා. ඔහු ම`දක්‌ කල්පනා කරල ඉ`දල කීවා මේ රටේ නාඩි වාක්‍යය කියල ශාස්‌ත්‍ර ක්‍රමයක්‌ තියෙනවා. කැමති නං ගිහින් බලමු ද කියලා. මම සාත්තර එච්චර විශ්වාස කරන්නේ නෑ. කමක්‌ නෑ අන්තිම තුරුම්පුවත් ගහල බලමු කියල හිත හදාගෙන, ඒ යෝජනාවට මම කැමති වුණා".

"මගේ යා`ඵවා ගුවන්තොටුපළ කිට්‌ටුවම තියෙන නාඩි වාක්‍යය කියවන තැනකට අපි එක්‌කරගෙන ගියා. එතැන හිටිය තැනැත්තා අපි ශාස්‌ත්‍ර අහන්නද ආවේ කියල ඇහැව්වා. අපි ඔව් කීවම එA අය මගෙන් කේන්දරය තියෙනව ද කියල ඇහැව්වා. මේ මොහොතේ එය නැති බව මම කීවා.

එහෙනම් අත බලමු කියල, මගේ දකුණු අත පරීක්‌ෂාකර බලා කාමරයට ගිහිල්ලා පරණ තල්කොළ පොතක්‌ ගෙනාවා. එහි පිටු පෙරලලා අන්තීමේදී අපේ විස්‌තර කියන්න පටන් ගත්තා".

"මට පුදුම හිතුනේ ඒ තැනැත්තා මගේ නම, නෝනගේ නම, අපේ දෙමවුපියන්ගේ නම්, පවා කීව නිසයි. ඉන් පස්‌සෙ අපට එක ගැහැනු දරුවෙක්‌ සිටින බවත් කීවා. ඇයට පපුවේ අමාරුවක්‌ ඇති බවත්, කිසිම වෛද්‍ය ක්‍රමයකින්වත් මෙම රෝගය සුව නොවන බවත් කීවා. මෙය කර්මජ හේතුවක්‌ (කර්මජ රෝගයක්‌) නිසා ඇතිවූවක්‌ බැවින් ඒ සදහා වූ පුද පූජා කිරීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුව වන බවත් කියා තිබුණා".

"ඊට පස්‌සේ මේ කර්මය ඇති වුණ හැටි විස්‌තර කළා".

"පෙර භවයකදී අපි පවුලක්‌ විදිහට ඉන්න කොට අසල්වාසී එක්‌තරා පවුලක දැරියක්‌, අපේ දුවත් එක්‌කල සෙල්ලම් කරමින් ඉන්න කොට අපේ දුව අනෙක්‌ දරුවගේ පපුවට පහරක්‌ ගහල තියෙනවා. එ දරුවා අඩාගෙන ගිහිල්ලා ඒ දරුවගේ දෙමවුපියන්ට පැමිණිලි කරල, ඒ අය අපි හමුවෙන්න ඇවිත් විස්‌තර කීවාම, දරුවන්ගේ ආරවුල් පිළිබදව දෙමවුපියන් මැදිහත් නොවිය යුතු බව, අප කියා තියෙනවා. එම අවස්‌ථාවේ එම දැරියගේ දෙමවුපියන් අපට දොස්‌ කියා කවදා හෝ අපේ දරුවකුටත් මෙවැනි පපුවේ අබාධයක්‌ ඇති වුණාම, දෙමවුපියන්ට ඇතිවන වේදනාව දැනෙයි කියා ශාප කරල තියෙනවා".

"එA ශාපය නිසා මේ භවයේදී ඵල දී ඇති බවත්, එකී නාඩි වාක්‍යයේ කියා තිබුණා. මෙම ශාපයෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ද කළ යුතු පුද පූජා විධිත්, එහි විස්‌තර කර තිබුණා".

"පුද පූජා වශයෙන් දක්‌වා තිබුණේ අනාථ ළමා නිවාසයකට දින හතක්‌ ආහාර වේලක්‌ පිරිනමා දරුවා ඒ අනාථ නිවාසයේ දරුවන් සමඟ ගතකරවන ලෙසයි.

දරුවා වෙනුවෙන් දෙමාපියන් එම අනාථ දරුවන්ගෙන් තමන් අතින් පෙර භවයේදී සිදුවූQ වරදට සමාව ඉල්ලිය යුතු බවයි".

"මම වහාම ලංකාවට එන ගමන අවලංගුකර ගුවන්තොටුපළ ආසන්නයේම තිබෙන ළමා නිවාසයට ගොස්‌ නාඩි වාක්‍යයේ කියා තිබුණ ආකාරයටම පූජා කටයුතු සිදුකළා.

හත්වැනි දවසේ උදේ අපේ දුව ඉතා සතුටින් අවදිවුණා. වෙනදා ඇය අවදිවෙන කොට හැමදාම පපුව රිදෙන බවට පැමිණිලි කරමිනුයි නැගිටින්නේ.

අපි ආපසු ලංකාවට ආවේ ලෝකයේ දකAෂම වෛද්‍යවරුන්ටත් සුව කළ නොහැකි වූ රෝගයට නාඩි වාක්‍ය උපදෙස්‌ අනුව පුද පූජා කිරීමෙන් සුවපත් වූ අපේ දියණිය ද සමඟයි.

එදා සිට අපේ දුවට කිසිම දවසක බරපතළ ලෙඩක්‌ දුකක්‌ හැදුනේ නෑ".

ඊට පස්‌සේ මේ නාඩි වාක්‍ය පිළිබ`දව මට දැඩි විශ්වාසයක්‌ ඇතිවුණා. ඉන්දියාවට යන්න ලැබුණ හැමවිටම විවිධ නාඩි වාක්‍ය කියවන තැන්වලින් මම තොරතුරු ලබාගත්තා".

"මහත්තයා දරුවගේ අනාගතය ගැන ඇහැව්වේ නැද්ද".?

"මම සියලු දෙනාගේම තොරතුරු ගත්තා".

"දුව ගැන මොනවද කියල තිබුණේ කියල දැනගන්න කැමතියි".

"දුව උගතුන් ඉදිරියේ අනෙක්‌ අය වෙනුවෙන් තර්ක කරන කෙනෙක්‌ වෙනවා. පසු කාලෙක දුව උගතෙක්‌ විදිහට අනෙක්‌ අයගේ ප්‍රශ්න විස`දන කෙනෙක්‌ වෙනවා. එයා බ`දින්නේ මිනිස්‌සු සුවපත් කරන කෙනෙක්‌ එක්‌කල කියල තිබුණා. ඒ කියන්නේ දොස්‌තර මහත්තයෙක්‌ කියලයි මම තේරුම් ගත්තේ".

"මට මේ කරුණු එච්චර පැහැදිලි නෑ මහත්තයා".

"මහත්තයා, මේ නාඩි වාක්‍යය කියල තියෙන්නේ මීට අවුරුදු පන් දහසකට හය දහසකට පෙර ඉන්දියාවේ හිටි මහා බලසම්පන්න Rෂීන් වහන්සේලා විසින්a. මට දැනගන්නට ලැබුණු හැටියට මේ Rෂින් වහන්සේලාට ධ්‍යාන බලයෙන් ලබාගත්ත තුන් කල් දක්‌නා ඥානයක්‌, ශක්‌තියක්‌ තිබුණා. ඒ අය තමයි මේ නාඩි වාක්‍යය කියල තියෙන්නේ".

"මේවා ලේඛන ගතවෙලා තියෙන්නේ මීට අවුරුදු තුන් දහසකට ඉස්‌සර. ඒ කාලයේ අද අපේ රටවල තියෙන ආකාරයේ ආයතන තිබුණේ නෑ.

උදාහරණයක්‌ විදිහට කීවොත් අද පවතින උසාවි, නීතිඥ සේවා තිබුණේ නෑ. ඒ කටයුතු ඒ අය විස්‌තර කෙරුවේ වෙනත් විදිහකට.

නීතිඥ වෘත්තිය හැ`දින්නුවේ අනෙක්‌ අයගේ ප්‍රශ්න වෙනුවෙන් උගතුන් ඉදිරියේ තර්ක කරන අය විදිහට. විනිසුරුවරුන් හැ`දුන්නුවේ උගතුන් හැටියටයි.

ඒ විදිහට සලකපුවම අපේ දුව නීතිඥයෙක්‌ වෙනවා. පසු කාලීනව විනිශ්චකාර ධුරයක කටයුතු කරනවා කියලයි මම තේරුම් ගත්තේ".

(මෙම විස්‌තරය මට ප්‍රකාශ කළේ 1992 දීය)

නාඩි වාක්‍යවල විස්‌තර එක දිගටම කියෑවෙනවා. සමහර නාඩි විස්‌තර කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට. මම අත්දුටු සිද්ධියක්‌ මේ මහත්තයට කියන්නං".

"මගේ නාඩි වාක්‍යයේ එක අවුරුද්දක කියල තිබුණා ඒ අවුරුද්දේ මට අසනීපයක්‌ හැදෙනවා. ඒකට නියමිත පුද පූජා නොකළොත් මගේ ජීවිතයට හානියක්‌ වීමට වුණත් ඉඩ තියෙනවා කියල. මම ඒ අවුරුද්දේ මුලදීම ඒ පුද පූජා කෙරුවා.

ඒත් ටික දවසක්‌ යනකොට මට අසනීප තත්aත්වය දැනෙන්න පටන් ගත්තා. මම හිතුවා මම කළ පූජාවේ මොකක්‌ හරි අඩුපාඩුවක්‌ වෙන්න ඇති කියල හිතල දෙමළ භාෂාව පිළිබ`දව හසල දැනුමක්‌ ඇති එසේම මේ විෂය පිළිබ`දව ද කරුණු කාරණා හො`දින් දන්නා කෙනකු ලවා නාඩි පොත නැවතත් පැහැදිලි කර ගැනීමට තීරණය කළා".

"එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂා අංශයේ මහාචාර්වරයා ලෙස කටයුතු කළේ මගේ ද්‍රවිඩ මිත්‍රයෙක්‌. මම ඒ මහත්මයා හමුවෙලා විස්‌තරය කීව.

ඒ මහත්මයා මගේ නාඩි විස්‌තර පොත කියවලා කරුණු පාහැදිලි කළා.

විස්‌තරයට අනුව මම පුද පූජා කළ යුතුව තිබුණේ මහා ලක්‌ෂ්මියටයි".

බදුල්ලේ මෛත්‍රී රත්නායක

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook