Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඕස්ට්‍රේලියාවේදී ලාංකික වෛද්‍ය සැමියා 
මැරූ වෛද්‍ය බිරිය චමරි ලියනගේ නිදහස ලබයි

අවුරුදු 8ක් සැමියාගේ විකෘති 
කාමාශාවන්ගෙන් බේරෙන්න හැදුවා.
ඕස්ට්‍රේලියාවේදී ලාංකික වෛද්‍ය සැමියා මැරූ 
වෛද්‍ය බිරිය චමරි ලියනගේ කියන කතාව

මීට වසර 4 කට පෙර 2014 මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඕස්ට්‍රේලියාවේ පර්ත් ජෙරල්ටන්හි වාසය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරියකවූ චමරි ලියනගේ ඇගේ සැමියා වූ දිනේන්ද්‍ර අතුකෝරල නිදි යහනේදී මිටියකින් පහරදී මරා දැමා ඇති පුවතක් ගොසිප්99 අප විදෙස් මාද්‍ය ඇසරෙන් ඔබට ගෙන ආවා. එම සිද්ධියට අදාළව එම වෛද්‍යවරිය එරට සිරගෙට නියමවූ අතර වසර 4 ක ඇවෑමෙන් මීට සති දෙකකට පමණ ඉහතදී ඇය නිදහස ලබා තිබෙනවා.

සුදු තරුණියක නිවසට ගෙන්වාගෙන බිරිය චමරි හා සමග එක්වී තුන් ඈදුතු ලිංගික හැසිරීමක නිරතවීමේ විකෘත මානසිකත්වය පෙන්නුම් කළ සැමියා වූ දිනේන්ද්‍රව එදින රාත්‍රියේ මරා දමන්නට
වෛද්‍ය චමරි පියවර ගෙන තිබුණි.


නඩු විභාගයේදී මෙම ඝාතනය ඇය විසින් සිදු කළ බව අනාවරණය කෙරුණ නමුත් ඇය චේතනාන්විතව ප්‍රාණ ඝාතනයක් කළ බව තහවුරු වූයේ නැත. විවහය තුළ වසර 8 කටත් වැඩි කාලයක් ඇය සැමියාගේ ලිංගික පීඩනයට බඳුන්ව සිටීම එහිදී තහවුරුවූ අතර සිද්ධිය වූ දිනයේ ඇය බීමත්ව සිහිමද ගතියෙන් ඔහුගේ පීඩනයෙන් ගැලවෙන්නට පහරදීමක්  සිදු කර ඝාතනය සිදු ඇති බවට අධිකරණයේදී කරුණු තහවුරු විය. චමරි අදටත් පවසන්නේ එදින රාත්‍රී විස්කි පානය කර සිටි තමාට මේ කිසිවක් මතක නැති බවයි.

 මුලින් ඇයට එරට අධිකරණය වසර 4 ක සිර දඩුවමක් හා අනතුරුව ලංකාවට පිටුවහල් කිරීමක් නිර්දේශ කර තිබුණ නමුත් චමරිට හිතවත් එරටේ දේශීය හා විදේශීය මිතුරියන් එරට අධිකරණ පරිශ්‍රයේ උද්ඝෝෂණය කිරීම් හා පෙත්සම් භාරදීම් සිදු කර මෙම පිටුවහල් කිරීමේ තීන්දුවෙන් ඇයව මුදවා ගන්නා ලදි. ඒ අනුව ඇයගේ මානසික තත්වය ගැන අධිකරණය මගින් නැවත විශේෂ තීන්දුවක් ලබාදෙමින් ඕස්ට්‍රේලියාවේ තවදුරටත් වාසය කිරීමට ඇයට අවස්ථාව උදාකර දී තිබේ.

 වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරල හා වෛද්‍ය චමරි ලියනගේ යුවළ 17 හැවිරිදි සුදු තරුණියකද හවුල් කරගෙන මත්පැන් බී අසාමාන්‍ය ලිංගික ක‍්‍රියාකාරකම් සිදුකරමින් හැසිරුණ 2014 වසරේ ජුනි 24 වනදා රාත‍්‍රියේ මෙම ඝාතනය සිදුවූ බව වාර්තා විය. එදින මෙම යුවළ සමග තුන්වැනියෙකු ලෙස සුදු තරුණියක
එම නිවසට පැමිණ තිබුනේ එම දෙදෙනාගේ කැමැත්ත මතයි. ඔවුන් එම තරුණිය පාන්දර ජාමයේ නිවසින් පිටතට ඇරලවා පැය කිහිපයකින් පසුත් විස්කි බී මත්වී සිටි චමරි සැමියා සමග ඇතිවූ බහින්බස්වීමකින් පසු කුපිතවී සැමියා මරා දමා තිබුණි.

චමරි අත්අඩංගුවට පත්වීමෙන් පසු එදින සිදුවූ දේ මතක නැතැයි කියන නමුත් ඇයත් සැමියාත් අතර වසර 8 ක් තිස්සේ පැවති විවාහය සාර්ථක එකක් නොවුණ බව කීවාය. විවාහයෙන් වෙන්ව යන්නට ඇය හය වතාවක් උත්සාහ කළ නමුත් සෑම අවස්ථාවකම සැමියා එය වැළැක්වූ බවද ඇය පවසා තිබුණි.

සැමියාගේ විකෘත කාමාශාවන් පිලිබඳ ඇය උසාවිය දැනුවත් කළ පසුව සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වන නිලධාරීන් සැමියා සතු පරිගණක හා පරිගණක උපාංග පිළිබඳ පශ්චාත් ඩිජිටල් පරීක්ෂණයක් සිදු කළ අතර එහිදී සිද්ධියවූ ජුනි 24 වනදා රාත‍්‍රී කාලයේ  වීපීඑන් පද්ධතිය ඔස්සේ රහසිගතව පැය තුනකට ආසන්න කාලයක් වරින් වර පරිගණකයට සම්බන්ධවී තිබුණ ආකාරය සැක කටයුතුවූ බැවින් ඒ ගැන සොයා බැලීමේදී වෛද්‍ය දිනේන්ද්‍ර කිසියම් ෆයිල් වගයක් පුද්ගලික ගොනුවට තැන්පත්කර ඇති බව පරීක්ෂකවරුන් අනාවරණය කළා. ඒවා වෙනත් අයට විවෘත කරන්නට බැරි ලෙස ආරක්ෂක සැකසුම් ඇති කළ වීඩියෝ ෆයිල් වූ බවත් ඒවායේ අසභ්‍ය පුද්ගලික ලිංගික ජවනිකාවන්හි වීඩියෝ අන්තර්ගත බවත් පරීක්ෂකවරුන් දන්වා සිටියා.

ඒවායේ ඇතුළත් කරුනු සම්බන්ධයෙන් අවසාන නිගමනයකට එළැඹීම පිණිස අදාළ වාර්තාව අධිකරණයට ඔවුන් ඉදිරිපත් කළ අතර ලිංගික ජවනිකා කවර ඒවාද යන්න අධිකරණයේදී අනාවරණය කළේ නැත.
වෛද්‍ය දිනේන්ද්‍ර තමන් සමග අඹුසැමියන් ලෙස හැසිරෙමින් ඒවා වීඩියෝවට නැගීමේ කැමැත්තකින් පසුවූ බව ඔහුගේ බිරිය චමරි මින් ඉහත පවසා තිබුණ අතරම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සැපයූ 17 හැවිරිදි නම සඳහන් නොකළ සුදු තරුණිය දන්වා තිබුනේ සිද්ධියවූ දිනයේ තමා 

වෛද්‍යවරයාගේ නිදියහනට කැඳවීම පිණිස අලූත් කැමරාවක් මිලට ගෙන තිබුණ බවත් එයින් සියල්ල වීඩියෝ කරන්නට වෛද්‍යවරයා කටයුතු කළ බවත්ය.

17 හැවිරිදි සුදු ජාතික තරුණිය එදින රෑ නිවසට පැමිනි පසුව මෙම ක‍්‍රියාකාරකම් සඳහා සූදානම් වූ බවත් ඒ සඳහා වෛද්‍ය චමරි ඇයට උදව් කළ බවත්  සුදු තරුණිය පොලිසියට පවසා තිබුණි. ඇගේ පාදවල රෝම කූප ඉවත් කිරීම (වැක්සින්) සිදු කිරීමටද වෛද්‍ය චමරි උදව් කළ බවද ඇය කියා ඇත.එදා මෙම සිද්ධිය පටිගත කරන්නට වෙනම කැමරාවක්ද ඇයට වෙනම සපත්තු දෙකක්ද රැගෙන වෛද්‍ය දිනේන්ද්‍ර පැමිණ ඇත. රාත‍්‍රී කාලයේ විවිධ දේ කථාබස් කර විස්කි පානය කරන්නටද මේ තිදෙනාම යොමුවී ඇත.

අනතුරුව වෛද්‍ය චමරි හා වෛද්‍ය දිනෙන්ද්‍ර අඹුසැමියන් ලෙස තමා ඉදිරියේ හැසිරුණ බවත් සුදු තරුණිය පොලිසියට පවසා ඇත.

රාත‍්‍රී කාලයේ   වෛද්‍ය දිනේන්ද්‍ර තමා වෙත පැමිණි එක් අවස්ථාවක වෛද්‍ය චමරි එක්වරම විරෝධයක් පළ කළ බවත් ඇය පවසයි. කෙසේ හෝ පාන්දර ජාමයේ තමාව නැවත නිවසට ඇරලවන්නට වෛද්‍ය චමරි පවා පැමිණි බවද ඇය කියා තිබේ.

ඉන් අනතුරුව පසුදා ඇයට අසන්නට ලැබී ඇත්තේ චමරි දිනේන්ද්‍රව පොරොවකින් කොටා ඝාතනය කර ඇති සිදුවීමයි.චමරිගේ නීතීඥයින් දිගින් දිගටම මෙය හිතාමතා කළ ඝාතනයක් නොවන බව දන්වන්නට උත්සාහ කළ අතර පැරණී වීඩියෝ සාක්ෂි අනුවද මියගිය වෛද්‍යවරයා විකෘත ලිංගික ආසාවන්ගෙන් පෙළුණ අයෙකු බවට උසාවියේදී කරුණු තහවුරු විය. ඒ අනුව චමරි තමන්ට එල්ලවූ පීඩාව උසාවියේදී ඔප්පු කර මිනීමැරුමේ බරපතල දඩුවම් නොලැබ ගැලවුණාය.

දෙදරු මවක වූ චමරිට වසර 4 කට ලිහිල්ව මෙම සිර දඩුවම ලද පසු ලංකාවේ සිටින දෙමාපියන් භාරයට දරුවන් යොමු කරන්නට සිදුවූ අතර පසුගියදා ඇය නිදහස ලැබීමෙන් පසුව නැවත දරුවන් සමග ඇය නිවසේ වාසය කරන්නට පටන් ගත්තාය. ඇය නිදහස ලැබීමෙන් පසු ඕස්ට්‍රේලියානු හිතවතුන්ට ස්තූති කරමින් ප්‍රකාශයක්ද සිදු කරන ලදි. ඕස්ට්‍රේලියානු ඒබීසී නාලිකාව නිවුස්7.30 වෙනුවෙන් චමරිගේ නිවසට ගොස් විශේෂ වැඩසටහනක්ද ගෙන එන්නට කටයුතු කර තිබුණි. එහිදී ඇය හැඩූ කඳුලින් යුතුව තමන් සැමියාගෙන් විඳි පීඩාව ගැන සිහිපත් කර සිටි අතර තමා සිරගතව සිටි කාලයේ පවුල් ජීවිතයට වඩා නිදහසක් අත්වින්ද බවට ප්‍රකාශයක්ද කළාය.

මේ ඝාතනය ගැන කිසිවක් මතක නැතැයිද ඇය එහිදී ප්‍රකාශ කළාය. තමන් තවම කම්පනයෙන් කල්ගත කරන බවත් කියා සිටි ඇය තමන්ගේ විනෝදාංශය වූ චිත්‍ර ඇඳීම දිගටම කරන බවද දන්වා සිටියාය.





Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook