Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

දෙවියන්ට වගේම මගේ ආදරණීය අම්මටයි
තාත්තටයි ස්තුතිවන්ත වෙනවා
මට මේ විදිහේ රූපයක් ලබාදුන්නාට
තමන්ම SMS යැව්වම සම්මානය වටින්නෙ නෑ
-නයනතාරා වික්‍රමාරච්චි

2017 රයිගම් ටෙලි සම්මාන උළෙ‍ලේදී වසරේ ජනප්‍රියම නිළියට හිමි රයිගම් සම්මානය සඳහා හිමිකම් ලැබුවේ ‘දෙවැනි ඉනිම’ දෙව්මි ලෙස ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන නයනතාරා වික්‍රමාරච්චි විසින්. ඉතින් ඇය ඒ සම්මානයක සතුට වචන බවට හරවන්න මෙලෙස අපිත් සමග සම්බන්ධ වුණා.

ලැබුණු සම්මානය ගැන කතා කරමු?

2017 රයිගම් ටෙලීස් ජනප්‍රියම ටෙලි නාට්‍යය නිළියට හිමි සම්මානය තමයි මට ලැබුණේ. මේ එම සම්මානය මට ලැබුණු දෙවැනි අවස්ථාව


මේ වෙනකොට ඔබ ඇගයීම් කිහිපයක්ම ලබලා තියෙනවා නේද?

ඔව්, රයිගම් සම්මානය මේ ලැබුවේ දෙවැනි වතාවට. ඊට අමතරව සුමති සහ ස්ලිම් නෙල්සන් සම්මානයත් ලබලා තියෙනවා.

මොකද හිතෙන්නේ සම්මානය ලැබිම ගැන?

ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. මොකද ප්‍රේක්ෂකයෝ කොච්චර සමීපද කියලා දැනෙනවා මේ විදිහට ඇගයීම් ලැබෙනකොට.

කෙටි කාලයයි ඔබ ක්ෂේත්‍රයට ඇවිත්. මේ ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

මම ක්ෂේත්‍රය ගැන අධ්‍යයනයක් පටන්ගෙන දැනට අවුරුදු තුනකට කිට්ටුයි. ක්ෂේත්‍රයට පිවිසිලා දැනට අවුරුදු දෙක හමාරක් විතර වෙනවා. මම ඉගෙන ගත්ත දේවලුත් ප්‍රවීණයන්ගෙන් ලැබුණ උපදෙසුත් එක්ක ඒ කෙටි කාලයට මේ ආපු ගමන ගැන ඇත්තටම මම නිහතමානීව සතුටු වෙනවා. මොකද මේ හැමදේම ලැබෙන්නේ මට ආශීර්වාදයක් හැටියට.

දෙව්මි නිසාද නයනතාරා ජනප්‍රිය?

ඔව්, ඇත්තටම දෙවැනි ඉනිමේ දෙව්මි නිසා තමයි මේ තරම් ඉක්මනට ප්‍රේක්ෂකයන් අතරට යන්න හැකියාව ලැබුණේ සහ හැමෝම ආදරය කරන තැනට මම ගෙනාවේ දෙවැනි ඉනිමේ දෙව්මි කියන චරිතය.

දෙව්මි මේ තරම් ජනප්‍රිය නිසා ඔබ නැවතත් සම්මාන ලබනවා. ඒ කියන්නේ අනිත් චරිතවලදි ඔබ සාර්ථක නෑ කියන එකද?

මම මට පුළුවන් උපරිමය හැම නිර්මාණයක් වෙනුවෙන්ම කරනවා. හැම තැනදීම අලුත් චරිතයක් කරනකොට මට හිතෙන දෙයක් තමයි මම සාර්ථක මදියි කියන කාරණය. එහෙම හිතන්න හිතන්න අපිට වඩාත් සාර්ථක වෙන්න පුළුවන්. හැම චරිතයක්ම පළවැනිම චරිතය කියලා හිතාගෙන හරි පරිස්සමට, අවධානයෙන් කරනවා නම් හැම තැනදීම අපි සාර්ථකයි. හැමදේම පුළුවන් කියන මානසිකත්වයෙන් මිදිලා ඉන්න තරමට අපිට සෑහෙන ගමනක් යන්න පුළුවන්කම තියෙනවා.

හැමදාම ජනප්‍රියම නිළිය වෙන්නද බලා‍පොරොත්තුව? හොඳම නිළිය වෙන්න බලා‍පොරොත්තුවක් නැද්ද?

මම කවදාවත් සම්මාන අරමුණෙන් නිර්මාණ භාරගෙන නැහැ. දෙවැනි ඉනිම මට ලැබෙන්නේ අහම්බෙන්. මගේ අදහස නම් සම්මාන බලාගෙන අපි නිර්මාණ කළ යුතු නෑ කියන එක. සම්මාන ලැබෙයි අපි සාර්ථක නම්. නමුත් සම්මාන ලැබුණා හෝ නොලැබුණා අපි අපේ චරිතය උපරිම කැපවීමෙන් ආදරයෙන් කරනවා නම් සම්මානයකට වඩා වැඩි තෘප්තියක් අපිට ලබන්න පුළුවන්කම තියෙනවා.

සම්මානය සඳහා සෑහෙන තරගයක් තිබුණා නේද?

ක්ෂේත්‍රය තුළ අපිට අපි තරගයක් ‍නෙවෙයි. එහෙම තරගයක් තිබිය යුතුත් නෑ මම හිතන විදිහට. අපි හැමෝම හොඳ යාළුවෝ. මම හිතන්නේ ඒ තරගය තිබුණේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව අතර.

සම්මානය ලැබුණාම ප්‍රවීණයන්ගේ උපදෙස් එහෙමත් ලැබෙන්න ඇති නේද?

අනිවාර්යයෙන්ම. ඒ ලැබෙන උපදෙස් මට ගොඩක් වටිනවා. හැමෝම මට ගොඩක් ආදරෙයි. මට නම් රංගන පාසලකින් ලබන අත්දැකීමට වැඩිය ප්‍රවීණයන්ගෙන් ලැබෙන උපදෙස් හරි ඉහළයි සහ වටිනවා. ඔවුන්ගේ අත්දැකීම් තුළින් ජීවිතේට ගන්න තියෙන දේවල් ‍පොතපතින් ගන්න දැනුමට වඩා හරි වටිනවා. ඔවුන්ට මම හැමදාම ගරු කරනවා මට හයියක් වෙනවාට.

රූපය නිසාද ඔබ මේ තරම් ජනප්‍රිය?

රූපය ප්‍රමාණවත් නෑ රංගනයට. රූපය කියන්නේ හොඳ දෙයක්. මම දෙවියන්ට වගේම මගේ ආදරණීය අම්මටයි තාත්තටයි ස්තුතිවන්ත වෙනවා මට මේ විදිහේ රූපයක් ලබාදුන්නාට. නමුත් ඒක විතරක් සුදුසුකමක් ‍නෙවෙයි රඟපාන්න. එහෙම වුණොත් එතැන තියෙන්නේ හිස්බවක්. රූපයත් එක්ක හැකියාව, දක්ෂතාව, දැනීම මිශ්‍රවෙලා සාර්ථක වෙන චරිතවලට තමයි මිනිස්සු ආදරය කරන්නේ.

ඔබටත් එස්.එම්.එස්. සඳහා සෑහෙන වියදමක් යන්න ඇති නේද?

මම නම් මම වෙනුවෙන් කිසිම එස්.එම්.එස්. එකක් දැම්මේ නැහැ. මම චරිතයට උපරිම සාධාරණය කරනවා. එහෙම තමන්ම එස්.එම්.එස්. කරගෙන ගන්න සම්මානවල වටිනාකමක් නෑ. මගේ අම්මයි, අප්පච්චියි කියන්නේ කරන දේ හරියට කරලා ගෞරවාන්විත විදිහට ඇගයීම් ලබන්න කියලා. එහෙම නැතුව බලෙන් සම්මාන ගන්න එකේ කිසිම තේරුමක් නැහැ.

හැමදාම බොලඳ චරිත කරලා ජනප්‍රියම නිළිය වෙන්නද බලා‍පොරොත්තුව?

මම එහෙම චරිත වර්ග කරලා රඟපාන කෙනෙක් ‍නෙවෙයි. මම විවිධ චරිත කරලා තියෙනවා. නමුත් දෙවැනි ඉනිම දීර්ඝකාලීනව විකාශය වන නිසා කෙනෙක්ට හිතන්න පුළුවන් මම බොලඳ චරිතවලට කොටුවෙලා කියලා. එක දවසක අපි චිත්‍රපටයෙන් මම වෙනස් චරිතයක් කරන්නේ. තාම මම ඇවිත් ටික කාලයයි. ඉතින් ඉදිරියේදිත් විවිධ වූ චරිත කරන්න බලා‍පොරොත්තු වෙනවා.

වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න බලා‍පොරොත්තුවක් නැද්ද?

මම ආසයි වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න. නමුත් තවම මම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. දැනට නම් ඒවා ටිකක් මගහැරිලා තියෙන්නේ මේ වැඩත් එක්ක. කාර්යබහුල බව ටිකක් අඩු කරගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවෙන්න ඕනේ.

ඉදිරි නිර්මාණ මොනවාද?

දැනට චිත්‍රපට තව දෙකක් කරලා තියෙනවා. ඒ වගේම භවාත්මා නමින් නව ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණා. ඊට අමතරව තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.

– නඳුනි ආරියවංශ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook